මම ලියන්නේ ආචාර්ය මහාචාර්යවරුන්ට නොවේ

 

ශී‍්‍රමත් ආතර් කොනන් ඩොයිල් ගේ රහස් පරීක්ෂක කතා ‘ෂර්ලොක් හෝම්ස්’ නමින් පරිවර්තනය කරමින් මෙරට යොවුන් පාඨක පිරිස පමණක් නොව එවැනි කෘති කියැවීමට එතෙක් රුචිකත්වයක් නොදැක් වූ පිරිස පවා තම පාඨක ලෝකයට ඇතුළත් කරගත් චන්දන මෙන්ඩිස් මෙරට ජනප‍්‍රිය ම පරිවර්තකයන් ගොන්නේ ඉහළින් ම වැජඹෙන්නෙකි.
 

විස්තර »

 දළදා ප‍්‍රදර්ශන පුරාණය

 

මාර්තු 06 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන දළදා ප‍්‍රදර්ශනය නිමිත්තෙනි.

සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ විශේෂයෙන් සිංහල බෞද්ධයන් වූ අපගේ මහාර්ඝ පූජනීය වස්තුව ලෙස සැලැකෙන උත්තම සිරි දළදා වහන්සේ අප මතෘභූමියට එදාමෙදා තුර එල්ලවුණු දෙස් විදෙස් පරසතුරු ආක‍්‍රමණ හා අභියෝගවලින් ආරක්ෂා කොට මුළු මහත් ලක්වැසි සියලු දනන් හට නිරතුරුවම ආශිර්වාද පූර්ව රැකවරණය ලබා දුන්හ.

විස්තර »

නුවණැ’ති පිළිතුර

 

මහා මාර්ගය අද්දර එළිමහන් ගෙවත්තක් අස්වද්දන මිනිසෙකි. සාර් රජු වෙස්වළාගෙන මේ මාර්ගයෙන් ගමන් ගන්නා අතර මේ මිනිසා දුටුවේ ය. ”දයාබර පුරුෂය, මේ බිම් කඩින් නුඹ බොහෝ උපයනවාද? රජු මිනිසා විමසී ය. තමා අභිමුව සිටින්නේ රජකු බව මිනිසා නොදනී: “අපොයි ඔව්. අස්වැන්න සරු නම් රූබල් (රුසියානු මුදල් ඒකකය) අසූවක් විතර” මිනිසා පිළිවදන් දිනි. ”එයින් කුමක් කරනවාද?” විස්සක් වියදමට, විස්සක් ණයට, විස්සකින් ණය ගෙවෙයි, අනෙක් විස්ස කවුළුවෙන් ඉවතට”

 

විස්තර »

දෙවැනි අම්මාද ඇවිත් ගියා ය...

 

‘සර්, අර මැඩම් අදත් ඇවිල්ලා...”

“කවුද ළමයි...” ගැහැනු ළමයි එකිනෙකා තල්ලු කරගනිමින් මහහඩින් සිනාසෙති. “එපා බං නිකා හිටපල්ලකො. පවුනේ... අහිංසක මනුස්සයෙක්.” නිමාලි කථා කරන්නේ හදවතේ උපන් දැඩි සංවේගයකිනි. “ඉඳ්‍ර..., අපි වරදක් කිව්වයැ. මැඩම් කියල කථා කරලත් උඹට ඩෝං ගියා. මඳැ...” “කවුද නිමාලි?” මට ද තවදුරටත් නිහඬ ව සිටීම අසීරු ය.

 විස්තර »

 සමාජය හා සංස්කෘතිය

 

මහාචාර්ය ගුණපාල මලලසේකර

1967 සැප්තැම්බර් 11 වැනි දින සාහිත්‍ය උත්සවයේදී මහාචාර්ය ගුණපාල මලලසේකර විසින් පවත්වන ලද දෙසුම අපි මෙවර පුනර් පාඨනය සඳහා තෝරා ගත්තෙමු. මට මාතෘකාව වශයෙන් ලැබී තිබෙන්නේ නොහොත් කතාවේ මාතෘකාව වශයෙන් දැක්වෙන්නේ “සමාජය හා සංස්කෘතිය” යනුයි. පළමුකොට ‘සමාජය’ කියන වචනය ගැන බලමු. මේ වචනය අපි දැන් බොහෝ විට පාවිච්චි කරනවා, නොයෙක් තැන්වලදී ඒ කියනවා, නොයෙක් ලියකියවිලිවල ඒ දකින්නට ලැබෙනවා.

  විස්තර »

විජයබා රජුගේ සරණ බන්ධනය

 

ගත්පාල රජුගේ දූ කුමරිය ලීලාවතිය ඉතා රූමත් මෙන් ම පිරිසුදු වංශයක් ඇත්තියක ද වූවා ය. එම මෙහෙසිය හා කුමරිය සොළීන්ගෙන් පළාවිත් විජයබා මහරජ මුණගැසුණු බව කියතත් එය ඉඳුරා ම සත්‍යයක් යැයි කිව නොහැකි ය. ඇත්තෙන් ම සිදුවූයේ එය නොවේ. සිදුවී ඇත්තේ අවස්ථා ගණනාවකදී ම මහ විජයබා සමඟ සටන් කොට අත්දැකීම් ලත් සොළී අධිරාජයා තවදුරටත් ඔහු පැරැදවිය නොහෙන බව තේරුම් ගත් බැවින් එතෙක් තමා විසින් සිරකරනු ලැබූ ඒ කුමරිය හා බිසව නිදහස් කිරීම ය.

විස්තර »

යථාර්ථවාදයට කොටු වුණොත්
හොඳ නිර්මාණ බිහිවන්නේ නැහැ

 

මහින්ද රත්නායක

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන මහින්ද රත්නායක නූතන සාහිත්‍ය, පරිවර්තනය, නිර්මාණ රචනය යන සියලු අංශයන් ගේ එකසේ නිපුණ වූවකි. ඔහුගේ ප‍්‍රථම නවකතාව වන ‘සිරුමාරුව‘ 2007 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශ විය. ඉන්දියානු ලේඛක ගංගාධාර ගඩිගිල්ගේ ‘ද වූමන් ඇන්ඩ් අදර් ස්ටෝරිස්’ නම් කෘතිය ‘සුදු මැලි සඳ එළිය’ නමින් පරිවර්තනය කළ ඔහු කෙටිකතා හතරක් ද එළි දක්වා තිබේ.

විස්තර »

විරෝධතා මධ්‍යයේ ඔස්කාර් ජයග‍්‍රහණය දක්වා
‘ස්ලම්ඩෝග් මිලියනර්’

 

ලෝක සිනමාවේ මහා මංගල්‍යය ලෙස සැලකෙන ඔස්කාර් නැතහොත් ඇකඩමි සම්මාන රාති‍්‍රය පසුගිය 22 වැනි ඉරිදා නිමාවට පත්වූයේ සිනමා රසිකයන් යම් ආකාරයකට විමතියට පත් කරවමිනි. අපේ අසල්වැසි ඉන්දියාව තුෂ්නිම් භූත කරවමිනි. ‘භාරතයේ මොසාර්ට්’ යැයි විරුදාවලී ලද ප‍්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ඒ.ආර්. රහ්මන් හට ඔස්කාර් සම්මාන දෙකක් ම ලබා දෙමිනි.

විස්තර »