ප‍්‍රථම සිංහල නූතනවාදි කවියා සිරි ගුනසිංහ
නොව විමලරත්න කුමාරගමයි

 

සුසිල් සිරිවර්ධන දේශීය බුද්ධිමතෙකි; ප‍්‍රගතිශිලි සාහිත්‍ය කලා විචාරකයෙකි; වෘත්තියෙන් සිවිල් නිලධාරියෙකි. ‘මාවත’ සඟාවේ ආරම්භක සංස්කාරකවරයකු වූ ඔහු පසුකලෙක එස්. විජේසූරිය සමඟ එක් ව ‘විමලරත්න කුමාරගම එකතු කළ කවි’ කෘතිය සම්පාදනය කළේ ය. පහත එන්නේ සාහිත්‍ය කලා විචාරය අළලා සුසිල් සිරිවර්ධන සමඟ කළ සංලාපයකි.

විස්තර »

 වැස්ස නිමාවිය

 

ටහිර දිශාවෙන් හැමූ සුළඟ විසින් තල්ලු කරගෙන එනු ලැබූ කළු වලාකුළු පෙළ හෙමින් හෙමින් පැමිණ රිටිගල කඳු සිරස මත ඈඳි ගත්තේ ය.

අරවින්ද ජනෙල් කවුළුව අතරින් ඒ දෙස බලා සිටින්නට වූයේ තම සිතෙහි හෙමි හෙමින් ඉස්මතු ව එන ‘ගැස්ම’ යටපත් කරගැනීමට යත්න දරමින් ම ය.

ඒ අතරතුර ඔහුට දුරකථනය ඔස්සේ ගලා ආ ගංගාගේ හඬ නැවත නැවත සිහිපත් වන්නට විය.

විස්තර »

පාද තුනේ වලහා

 

ක් මහල්ලෙක් දඩයම් පිණිස නිතර වනයට ගියේ ය. සත්ත්ව ඝාතනය මෙන් ම සත්ත්ව හිංසාව ද ඔහුට ඉතා ප‍්‍රිය විය. ඔහු ගේ බිරිය වූ මැහැල්ල ද සැමියා දඩයමින් ගෙනා මාංශ ඉතා රසවත් සේ පිසීමෙහි දක්ෂ වූවා ය.

දිනක් මහල්ලා පුරුදු පරිදි දඩයම් පිණිස වනයට වන්නේ ය. එක්වර ම වලසෙක් ඔහු ඉදිරියේ පෙනී සිට මෙසේ කී ය. සීයේ මා සමඟ පොරයට වරෙන්. මහල්ලා නො පමාව සිය පොරව ගෙන වළහා ගේ එක් පාදයක් සින්දේ ය.

විස්තර »

‘දොන් කිහෝතේ’ සොල්දාදුවෙක් ලියූ විශ්ව සාහිත්‍ය කෘතියක්

 

අපේ ප‍්‍රවීණ ගායන ශිල්පියකු වන සුනිල් එදිරිසිංහයන් ගේ ගායනාවලට මම පි‍්‍රය කරමි. එහෙත් “බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා...” යනුවෙන් ගයන ගීය ඇසෙන වාරයක් පාසා සිපිරිගෙය කොයි තරම් නම් අසුන්දර වූ පරිසරයක් දැයි මට සිතිණි. පාළුව, තනිකම, වේදනාව, පසුතැවිල්ල, වියොව ආදි දහසක් හැඟීම් දනවන සිර කුටියක ජීවිතය අපායක් මෙන් සිරකරුවකුට දැනෙනු ඇතැයි මම සිතුවෙමි.

 විස්තර »

 පොත් ප‍්‍රකාශකයන් වැඩි ම මුදලක් ගෙවූ
පරිවර්තකයා මා විය හැකියි

 

රංජිත් කුරුප්පු

70 දශකයේ මුල තරුණයකු ලෙස වාමාංශික දේශපාලනයට නැඹුරු වූ රංජිත් කුරුප්පු පසුව ජර්මනියට සංක‍්‍රමණය වී එය වාස භූමිය කොට ගත්තේ ය.

1994 තිරගත වූ ‘පවන රළුවිය’ චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාකරණයට බට හේ ඉන් ඉක්බිති වරින් වර තම මවු රටට පැමිණ ‘මරණයේ දොරටුව‘, ‘යුද්ධයේ අතුරු කතාවක්’, හිට්ලර් ගේ අවසානය’ යන පරිවර්තන කෘති පාඨකයාට දායාද කළේ ය.

  විස්තර »

භාෂාව සැලසුම් කිරීමෙහි ලා කුමාරතුංගයන් ගත් මඟ

 

මාන්‍යයෙන් භාෂාව සැලසුම් කිරීම රජයක් මඟින් සිදු කළ යුතු කාර්යයක් ලෙස සැලැකේ. භාෂා සැලසුම්කරණය රාජ්‍ය මට්ටමින් පමණක් නොව පෞද්ගලික මට්ටමින් ද සිදු විය හැකි ය.

භාෂාව මුල් කර ගෙන ජනතාව එක්සත් කොට භාෂා පුනර්ජීවනයක් ඇති කළ අවස්ථා බොහෝ විට කිසියම් පුද්ගලයකුගේ හෝ පුද්ගල සමූහයකගේ උත්සාහයන්හි ප‍්‍රතිඵල ය. 

විස්තර »

”මේ දේශය ස්වාධීන වනඟා සිටුවන්න
මට ඕනෑ”

 

සො‘ළීන්ගේ වසර හැත්තෑ ගණනක දුර්දාන්ත පාලනය හමුවේ සිංහල සංස්කෘතික සංවර්ධන රටාවද බෙහෙවින් ම බිඳ වැටිණ. පාලන තන්ත‍්‍රය ද අවුල් වියවුලින් ගහණ විය.

මුණ්ණඩි චෝල මණ්ඩලයට යටත් ව තිබූ වෙනත් ලෝකයේ රටවල ඔවුන් පාලනය කළ ආකාරය ම මෙහිදී ද අනුගමනය කැර තිබේ. එතෙක් මෙහි පැවැති පාලන ක‍්‍රමය මුළුමනින් ම වෙනස් කිරීමට සොළීන් උත්සාහ කැර නැත.

විස්තර »

කඩවර දෙවියන්ගෙන් කම්බිලි යකාට දඬුවමක්

 

කඩවර දෙවියෝ වැව් ගම් වල ගම්මුන්ට අනුකම්පා කරන දෙවි කෙනෙක්. උන්නාන්සෙට ‘කලා කඩවර’ එහෙම නැත්නම් ‘සෙනෙවිරත්න මුල් කඩවර’ කියලත් කියනවා. නඩු හබ වලට යන ගම්මු සුදු මල් මාලයක් පැළඳගෙන ගිහින් උඩක එල්ලලා කඩවර දෙවියන් සිහි කරනවා.

කඩවර දෙවියෝ දවසකට වතාවක් ලංකාව වටේ ගමන් කරනවාලු. ඒ ලංකාවේ ආරක්ෂාව ගැන බලා ගන්ට. උන්නාන්සෙ ගමන පටන් ගන්නෙ කදිරමලේ කන්දෙන්.

විස්තර »