ගීතය පහත් කලාවක් කියන්නේ කුහකයෝ

 

රෝහණ වීරසිංහ

පසුගිය 18 වැනිදා ස්වකීය දිවි මඟෙහි 60 වැනි වියට පිය නැඟූ රෝහණ වීරසිංහ නාදේශ්වරයාණෝ පන්තිස් වසරක් පුරා සංගීත සාගරයෙහි නිමග්න ව එය ම පයුරුපාසනය කරමින් කල්ගෙවා ඇත්තාහ.

මේ නිමිති කොට එළඹෙන පෙබරවාරි 25 වැනිදා පස්වරු 6.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර් ජාතික සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන මහෝත්සවයේදී ‘වැව‘ සංගීත සංධ්වනිය, ‘කමත’ නිර්මාණාත්මක ගායන වෘන්දය, ‘දස්කොන්’ ‘ඉඟි නළුව‘ ඈ නව්‍ය නිර්මාණ ඔහු සහෘදයාට තිළිණ කරනු ඇත.

විස්තර »

 නියඟය සහ මැහැල්ල

 

කෙන්යා ලේඛක
ජේම්ස් නුන්ගී වා තියෙන්ගෝ

ය මානසික රෝගී කාන්තාවකැයි අන්තිමේ මම නිගමනය කළෙමි. එය ස්වාභාවික ය. ඇයට පිස්සු යැයි මගේ මව කීවා ය.

මේ මැහැල්ල මානසික රෝගීන් කරන විකාර වැඩ ඇත්තට ම කරන නිසා නොවේ. ඇය වැඩිපුර කතා බහ නොකරයි.

විස්තර »

 මා සිරියලතා ලියූ හැටි

 

ඩබ්ලියු.ඒ. සිල්වා

සිංහල නවකතාව පාඨකයන් අතර ජනපි‍්‍රය කළ පුරෝගාමී නවකතාකරුවකු වූ ඩබ්ලිව්.ඒ. සිල්වා විසින් 1956 නොවැම්බර් 25 වැනිදා ‘සිළුමිණ’ පුවත්පතට ලියන ලද ලිපියකි මේ.

ගැටවර වියේදී ඔහු තම කුලුඳුල් නවකතාව වූ ‘සිරියලතා’ ලියූ හැටි සහ එහිදී තමා මුහුණපෑ අත්දැකීම් මේ ලිපියෙහි අන්තර්ගත වේ.

විස්තර »

මෙසපටේමියාවේ සිදු වන අරුම පුදුම දේ

 

ප පාසැල් සිසුන් කල මෙසපටේමියා යුප‍්‍රාටීස් ටයිගී‍්‍රස් බැබිලෝන් යන නම් වලින් වශී වනු මට මතක ය. ඒ මක් නිසාද? ලෝක ශිෂ්ටාචාරයේ තොටිල්ල මේ බටහිර ආසියාකරය බව ගුරුන් අපට ඉගැන්වූ බැවිනි.

අද මේ ප‍්‍රදේශ බොහෝ විට හඳුන්වන්නේ මැද පෙරදිග නමිනි. මැද පෙරදිග කියූ පමණින් බියකරු යුද සෙවනැලි අද අපේ සිතේ සලිත වේ.

 විස්තර »

විජයබා මහරජු අභ්‍යන්තර වියවුලක

 

සොළී පාලනයට යටත් ව ගෙවී ගිය වසර හැත්තෑ හතක අඳුරු කාලපරිච්ඡේදය පොළොන්නරුවේ හා අනුරාධපුරයේ අපේ සිංහලකම, බෞද්ධකම අතුගා දමන තරම් ව්‍යසනයක් ඇති කළා වූ යුගයකි.

පුරාණ ගොඩනැඟිලි බොහොමයක් කැඩී බිඳී ගොස් තිබූ අතර බෞද්ධ විහාරාරාම ද සොළී ග‍්‍රහණයෙන් කිළිටිව විනාශ ව තිබිණි. රටෙහි තිබූ වටිනා ධන ධාන්‍ය සම්පත් සොළී දේශයට ඇදගෙන ගොස් තිබීම හා පුරාණ රජුන් කළ වාරිකර්මාන්ත පිළිසකර නොකිරීම හේතුවෙන් හැම’තින්ම මේ රට පැවතුණේ අතිශය දුගී තත්ත්වයක ය.

  විස්තර »

අපේ ඥාති පිළිවෙත

 

න්තලව්ව දිගේ මා සමඟ වැව් මංකඩට යමින් සිටි මාගේ හීංපුතා අපේ ඥාති සහෝදරිය (මගේ පුංචි අම්මාගේ දුව) දැක “අක්කේ” යයි ඇමතුවේ ය. ඒ හඬට ඇය සමඟ සිටි පුංචි අම්මා “ඒ මොන නෑකමක් දැයි” නොසතුටු වූ හඬකින් ඇසුවා ය.

වරදක් සිදුව ඇති බව හැඟුණ පුත‍්‍රයා නිහඬ විය. නාගරික පරිසරයක උගෙන ගන්නා පුතු සියලු වැඩිහිටියන් ඇමැතුවේ අන්කල්ලා සහ ආන්ටිලා ලෙසින් ය.

විස්තර »

 ගාන්ධි ආභාසය නිසා නිර්මාණවල පෙරැළියක්

 

චන්ද් පළමුවෙන් ම උර්දූ භාෂාවෙන් ලේඛනයෙහි යෙදුණේ ය. උර්දූ භාෂිකයෝ අදටත් ඔහු තමන් ගේ ලේඛකයකු ලෙස හඳුන්වති. හින්දි සාහිත්‍යයේ සීමිත බව සහ අනෙකුත් සාහිත්‍යකරුවන් ගේ ඇස නොගැටුණු තැන් දුටු මොහු එහි පූර්ණත්වයක් ඇති කිරීමට, උර්දූ භාෂාව මාධ්‍ය කොට ගෙන හින්දි සාහිත්‍යයට අවතීර්ණ විය.

ඔහු පරිවර්තකයෙක් ද විය. ඔහු ගේ සිත ඉතා තදින් බැඳුණු උර්දූ රචනාවක් ඇත්නම්, එයට ඉතා උසස් රසයක් දෙමින් හින්දි භාෂාවට පරිවර්තනය කෙළේ ය.

විස්තර »

විදේස් විහිළු

 

මිනිසුන් තිදෙනෙක් ගමනක් යමින් සිටියා. ඔවුන් ගේ ගමන් මග හරහා චණ්ඩ දිය දහරකින් හෙබි ගඟක් ගලා යමින් තිබුණා. ඔවුන්ට මේ ගඟ තරණය කිරීමට අවශ්‍ය වූවා. ඒත් ඒ කළ යුත්තේ කෙසේදැයි අදහසක් තිබුණේ නැහැ.

පළමුවෙනි මිනිසා දෙවියන්ට යාච්ඤා කළා. ”අනේ දෙවියනේ මේ ගඟ තරණය කරන්න මට ශක්තිය ලබා දෙන්න.”

දෙවියන් ක්ෂණික ව ඔහුට ශක්තිමත් දෑත් සහ දෙපා ලබා දුන්නා. ඔහු පිහිනා ගඟ තරණය කළා.

විස්තර »