විශ්ව සම්භාවනාවට පාත‍්‍ර වූ එක සිංහල නවකතාවක් මට පෙන්වන්න

 

මහාචාර්ය ආරිය රාජකරුණා ගෙන් මෙරට
සාහිත්‍යකරුවන්ට අභියෝගයක්

කීර්තිමත් සාහිත්‍ය කලා විචාරකයකු වන මහාචාර්ය ආරිය රාජකරුණා සිංහල නවකතාවේ ආරම්භය පිළිබඳ ශාස්තී‍්‍රය පර්යේෂණයක් කළ විද්වතුන් ගෙන් ප‍්‍රමුඛයෙකි. ඔහු ලියු ‘සිංහල නවකතාවේ ආරම්භය’, ‘සාහිත්‍ය රුචිය හා නවකතා විචාරය’ මෙන් ම ‘දහනව වැනි සියවසේ සිංහල ගද්‍ය සාහිත්‍යය’ එකි විෂය අරභයා කෙරුණු පර්යේෂණවල මාහැඟි ප‍්‍රතිඵල ය.

විස්තර »

 කොලුවාගේ සින්දුව

 

කොලුවා මට මුණගැසුණේ මා කොළඹ යමින් සිටි දවසක ය. පුවක්පිටිය පසු වී, පාරට මායිම් ව විහිදෙන රබර් යාය පසු වී හමුවන සාලාව නැවතුම් පොළෙන් කොලුවා බසයට ගොඩවත් ම මගෙ ඇස ගැසුණේ ඔහු ට‍්‍ර...ම්...බ්... ට‍්‍ර...ම්...බ් යන හඬකින් කුඩා අත් රබානක් අඬවමින් ම ඇතුළු වූ නිසා ය.

... මම දුප්පත් ළමයෙක්... තාත්තයි මමයි ජීවත් වෙන්නෙ. තාත්තා ඔත්පලයි.

විස්තර »

අවිය සහ කවිය

 

යුද සෙබළා සෙබළකු වන්නේ ඔහු අත යුද අවිය දරන තෙක් පමණි. යුද මානසිකත්වය මත සතුරා හා සටන් වදින තෙක් ඔහු තුළ ඇත්තේ ආවේගශීලී චරිතයකි.

එහෙත් යුද අවි, අතින් ගිළිහුණු මොහොතේ සිට ඔහුත් මිනිස්කම හදවතින් වෙළා ගත් මනුෂ්‍යයෙකි.

ඒ නිසා ම ඔහු තුළ මානව දයාව, පෙ‍්‍ර්මය, ආදරය, සෙනෙහස වැනි සංවේදී සිතුවිලි දහස් ගණනින් පහළ වෙයි.

විස්තර »

වහරනු සෙරෙන් සපයා

 

විශ්වයේ අනේකවිධ භාෂා 3000 ක් පමණ වෙතැයි දැනට සොයාගෙන තිබේ. මේ අතරින් අද්‍යතනය දක්වා ව්‍යවහාර වන භාෂා ජීව භාෂා ලෙස සැලැකේ.

භාෂාව වූ කලී ව්‍යක්ත වචන යන අර්ථය නංවන භාෂ් ධාතුවෙන් හෙවත් කි‍්‍රයා මූලයෙන් නිපන් කෘදන්ත නාමයකි. ව්‍යක්ත වචන යනු ව්‍යක්තව කථනයෙහි යෙදීම ය.

 විස්තර »

සොළීන්ගේ අවසාන කඳවුර විජයබා අතේ

 

න්දියාවේ මුණ්ණඩි චෝල මණ්ඩලයට අයත් ශ‍්‍රී ලංකාද්වීපයේ ප‍්‍රධානතම බළකොටුව බලවත් මහා කළුගල් පවුරකින් වටවී ඇත්තේය. දිය අගළ හා පරිවාර අගළ සමූහයකින් ආරක්ෂා කැර ඇති මේ පවුරට මඳක් ඔබ්බෙන් තවත් ආරක්ෂක වැට කපොලු කීපයකි.

එහි සතර අත සරුවට වැවී ඇති වනස්පතියන්හි අට්ටාල බැඳගත් දුනුවායන් රැසකි. ඔවුන්ගේ දුනු දිය ඇදුණු ක්ෂණයකින් ඒ විස කැවුණු හී වැදුණකු එසැණින් ම මියෙන්නේය.

 විස්තර »

විචාරයක් නැති ටෙලිනාට්‍ය

 

බොහෝ ටෙලි නාට්‍යවල විශේෂයෙන් ම මෙගාටෙලි නාට්‍යවල නවමු අලුත් ජවනිකා හා නාට්‍යෝචිත අවස්ථා වෙනුවට දක්නට ලැබෙන්නේ සමාන අවස්ථා පුනරුත්තියකි. නැවත වරක් රඟ දැක්වීමකි. මේ හේතු නිසා ටෙලිනාට්‍යයක මුදුන නොහොත් ක‍්‍රමයෙන් නැගී ගෙන හෝ වැඩී ගෙන යන අර්ථයෙහි හෝ කාර්යයෙහි හෝ සිද්ධි දාමයෙහි අග‍්‍රප‍්‍රාප්තිය හෝ උග‍්‍රාවස්ථාව කෙබඳු දැයි පෙ‍්‍ර්ක්ෂකයාට කල් තියා අවබෝධ කර ගැනීමට පිළිවන් වේ. මේ නිසා පෙ‍්‍ර්ක්ෂක උනන්දුව අඩුවී එය උත්සන්න වූවොත් අදාළ ටෙලිනාට්‍යය නැරඹීම වර්ජනය කිරීමට පවා පෙලඹිය හැකි ය.

විස්තර »

භාරතීය ගොවි ජීවිතය විනිවිද දුටු පෙ‍්‍ර්ම්චන්ද්

 

1921 දී ගෝ රඛ්පූර්හි පැවැති ගාන්ධිතුමා ගේ දේශනයෙන් හා ජනතා උද්ඝෝෂණයෙන් ප‍්‍රබෝධවත් වූ ප්‍රේම්චන්ද් ඒ වන විට නියුතුව සිටි රජයේ රැකියාවෙන් ඉවත්ව ලේඛන කාර්යයෙහි නිරත විය.

ඔහු සටහන් කළ වැකියක් මෙසේ දැක්විය හැකිය. “මා වැනි අචේතනික මිනිසෙක් ගාන්ධිතුමා ගේ දර්ශනයෙන් සචේතනික විය.” කෙසේ වෙතත් එහි ප‍්‍රතිඵලය වූයේ හින්දි සාහිත්‍යයට මහ ගත්කතුවරයකු බිහිවීමත් පෙ‍්‍ර්ම්චන්ද් නමැති පුද්ගලයාගේ පන්හිඳෙන් හින්දි කථා සාහිත්‍යය පෝෂණය වීමත් ය.

විස්තර »

 දුම් නැවෙන් ගෙනා ආරංචි මුල් සිංහල පුවත්පත් කරා...

 

මෝස්තර ඉතා බහුල ව පාවිච්චි වන වචනයක් වුව ද එය සිංහල වචනයක් නොව පෘතුගීසි වචනයකි. මෝස්ට‍්‍රා (Mostra) යන පරංගි වචනයෙන් එය බිඳී ඇත. එතෙක් අපේ භාෂාවේදී මේ පදයට පර්යාය පද රාශියකි. ඒ පද ගවේෂණය මේ ලිපියේ අරමුණ නොව, අරමුණ මුල් සිංහල පුවත්පත් කීපයක අහුමුලුවලට රිංගීම ය.

විස්තර »