ගේ දොර, යාන වාහන, උපාධි මේ සියල්ල ම
පසෙකට දැමිය යුතු දවසක් එනවා

 

සම්මානිත මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න

”යස්සපතීතො සුමනො - විපාකං පටිසේවතී’ යන ධම්ම පද පාඨයෙහි කියැවෙන පරිදි, සමාහිත සතුටුදායක මනසකින් යුතුවයි, මගේ දිවි මඟේ අර්ථය මට දැකිය හැකිවන්නේ. සාමාන්‍ය ව්‍යවහාරයේ මෙබඳු කියමනක් තිබෙනවා. “මිනිසෙක් වුණා ම පුතෙක් හදන්න ඕනෑ, පොතක් ලියන්න ඕනෑ” මා ඒ කාරණා දෙක ම අවශ්‍ය උපරිමයෙන් සපුරා තිබෙනවා. මා මගේ ජීවිතයේ වැඩිමනත් කාලය ගත කොට තිබෙන්නේ ශාස්තී‍්‍රය කටයුතු වෙනුවෙන්.

විස්තර »

පොතක් නොලියනවා නම් පොතකට සමීප විය
හැකි හොඳ ම මග පරිවර්තනයයි

 

පරිවර්තන කාර්යය වෘත්තියක් ලෙස තෝරා ගැනීමට මා කල්පනා කළේ නැහැ. නමුත් මා ඊට කැමැත්තක් දැක්වූවා. විද්‍යාලයේ පරිවර්තනය ගැන පන්තියක් තිබුණා. මා එයට සහභාගි වෙන්න ආසා කළත් මගේ කාල සටහනට එය ගළපා ගැනීම අසීරු වුණා. නමුත්, ප‍්‍රකාශන ක්‍ෂේත‍්‍රයට යොමුවන තුරුම මා ඒ උනන්දුව පවත්වා ගත්තා. පොත් සමඟ කාලය ගත කිරීමට මා තුළ තිබූ කැමැත්ත ගැන මම හැමවිටම දැන සිටියා.

විස්තර »

‘මාර පරාජය’ වෙනත් චිත‍්‍ර සමඟ සසඳන්න එපා

 

අනුරාධපුර පොළොන්නරු යුගවලින් පසු මහනුවර යුගයේ උදාවත් සමඟ ලංකා ඉතිහාසයේ ආර්ථික, සාමාජීය හා දේශපාලනම ය වශයෙන් විවිධ වෙනස් කම් සිදුවිය. මෙරට රජවරුන්ගේ නිලමේ හා රදළ නායකයින්ගේ අසමඟිය නිසා ශ‍්‍රී ලංකාව විදේශීය යටත් විජිතයක් වීම දක්වා වූ අමිහිරි අත්දැකීම් හා කටුක බව එදා ජනතාව පීඩනයට ලක් කෙරිණි.

විස්තර »

රෝදය

 

මා යෞවන වියට එළැඹෙන විට මගේ පියා සතුව තිබූ ධනය ඔහුගේ යාන වාහන සමඟ ම අභාවයට ගොස් තිබිණි. අම්මා කියන පරිදි ම පියාට, එකල දුලබ දසුනක් වූ යතුරු පැදි කිහිපයක් ද වරින් වර තිබී ඇත. පසුව මොටෝ රිය කිහිපයක් ද හිමි ව සිටි ඔහු ගමන් යද්දී රියෙහි පසුපස අසුනෙහි මා ද ගෙනයාමට පුරුදු ව සිටියේ ය. අසුන මත සිටගෙන පිටුපස කවුළුවෙන් වේගයෙන් ඇදී යන පරිසරය දෙස බලා සිටි අයුරු මට අද ද යන්තමට මතක ඇත.

 විස්තර »

කවිය සහ කවියා

 

රසය ආත්ම කොට ගත් වාක්‍යය කාව්‍ය යයි කියති. එහෙත් රසය යනු කුමක්දැයි විග‍්‍රහ කිරීම අමාරුය. ඒ වූ කලී තමන් ම විඳ අවබෝධ කරගත යුත්තකි. කාව්‍ය රසය තබා දිවට දැනෙන ඇඹුල් රසය වැනි රසයක් වුවද වචනයෙන් හඳුන්වා දිය නොහැක. රසය වනාහි සිතෙහි ඇති වන ප‍්‍රසන්නතාවයෙකැයි දළ වශයෙන් කිව හැක. මලින් පිපුණු ගසක් දුටු විට ද සන්ධ්‍යා වලාවක් දුටු විටද සිත මොහොතක් පහන් වේ. කාව්‍යයකින් ලැබෙන රසය මීට වඩා උසස් ය. රසය යනු සතුට නොවේ. රසය කෙලෙසුන් කෙරෙන් දුරුය.

 විස්තර »

ස්වයං වාරණයක් නැතුව කාටුන් ශිල්පියකුට පැවැත්මක් නැහැ

 

බෙන්ජමින් ෆ‍්‍රැන්ක්ලීන් 1754 දී ‘පෙන්සිල්වේනියා ගැසට්’ පත‍්‍රයට ඇඳපු JOIN, Or DIE (එක්වන්න නැත්නම් මියයන්න) කියන කාටුන් එක තමයි ලෝකයේ මුල් ම පුවත්පත් කාටුනය ලෙස පිළිගැනෙන්නේ. කොටස් අටකට කැඩී යන නාගයෙකුගේ චිත‍්‍රයක් එහි ඇදී තිබෙනවා. එම කාටුනයෙන් කියා සිටියේ බි‍්‍රතාන්‍යයට එරෙහි ව ප‍්‍රංශ හා ඉන්දීය කොලනි එකතුව එක්සත් පෙරමුණක් පිහිටුවා ගන්නා ලෙසයි.

විස්තර »

ජනනාථපුරය වටලයි කඳවුරු රැසක් සුන්

 

අඳුරේ ගිලී තිබූ මේ නගරවලට අලුත් අරුණෝදයක් උදා විය. එහි වූවෝ ඉතා පී‍්‍රතියෙන් යළිත් සිහළදීපයේ නිදහස පතා වගා සංග‍්‍රාමයක නිරත වූහ. ඇතැමෙක් රට බේරා ගැනීමේ සටනට එම ජයග‍්‍රාහී සේනාවට ම එකතු වූහ. සිංහලේ අභීත සෙනෙවියකු මෙහෙයවන මේ මඟ ඊළඟට ඇත්තේ බුද්ධගාමය ජය ගැනීමයි. මෙහි සිටි බලපතියා පරිසර ලෝලියෙකි. සිංහලයන් සතු ඉඩකඩම් උදුරාගෙන එහි සාරය උරා බීවත් ඔහු ජීවත් වූ, අක්කර 47 ක වපසරියක භූමි භාගය සම්පූර්ණයෙන් ම මහ ගසින් වැසී තිබුණේ එනිසාය.

විස්තර »

මතක

 

මට අද 87 ක් සපිරේ. මට මෙතුවක් කාලෙකට බොහෝ දේ නැති ව ගියත් එසේ නො වූ එක දෙයක් ඇත. ඒ වූකලි මතක ය. සොඳුරු මතක ය. මේ මතක ඇසුරෙන් මා ලියූ හොඳ ම පොත දසක සතක මතක ය. ඊළඟට මතක පොතෙන් තවත් ටිකක්. තුන්වැන්න මතක පොතේ ඉතිරි හරියයි. ඒ පොතට ඒ නම දැම්මේ තවත් නො ලියන්නට ය. එහෙත් ඉන් පසු ද තව තවත් දේ මතක් වන්නට විණි.

විස්තර »