හැම නිර්මාණයකට ම විශිෂ්ටයි කිව්ව ම
විශිෂ්ට කියන වචනෙට අර්ථයක් නැතිව යනවා

 

මහාචාර්ය විමල් දිසානායක

මහාචාර්ය විමල් දිසානායකයන්ට කැලණිය සරසවියෙන් සාහිත්‍ය චක‍්‍රවර්තී සම්මාන උපාධිය පිරිනැමේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයකු ව සිටියදී 1961 වසරේ ‘අකල් වැස්ස’ නම් කාව්‍ය සංග‍්‍රහය රචනා කරමින් කාව්‍යකරණයට එළැඹි මහාචාර්ය විමල් දිසානායකයන් මේ වනවිට කාව්‍ය ග‍්‍රන්ථ 7 ක් රචනා කොට තිබේ. මහාචාර්ය විමල් දිසානායකයන් කාව්‍යකරණයෙන් මතු නොව සාහිත්‍ය කලා නිර්මාණය හා විචාරය, සන්නිවේදනය, සංස්කෘතික අධ්‍යයනය හා සිනමාව ඈ නොයෙක ක්‍ෂේත‍්‍රයන් හි ප‍්‍රමාණික විද්වතෙක් ද වෙයි.

විස්තර »

මගේ ප‍්‍රථම පෙ‍්‍ර්මය

 

ප දෙදෙනා සිටියේ හයිලෙවල් පාරට මායිම් ව ඇති සුපිරි අවන්හලක ය. එළවළු රොටී, මාළු පාන් සහ රෝල්ස් වැනි අහරවලින් යුත් හෝටලයකට වඩා මේ සුපිරි අවන්හල උචිත යැයි සිතුවේ මා ය.

බාගදා ගෙවී ගිය මහා කාලය පුරා මා ඉසුරුමතෙක් වී ඇතැයි ද මෙවැනි අවන්හල් පරිහරණය කිරීම මාගේ දෛනික සම්ප‍්‍රදායක් යැයි ද චන්ද්‍රමාලිට පෙන්නීමේ බොළඳ හැඟීමක් මා තුළ උපදින්නට ඇත.

විස්තර »

ශ‍්‍රම ගරුත්වය

 

සිය ශ‍්‍රමය වැපිරීමෙන් මහත් දුක සේ ජීවත් වන දිළිඳු පුරුෂයෙක් විය. මේ පුරුෂයා ගේ දුක්මුසු බව දුටු ධනවතෙක් ඔහු සිය මන්දිරය වෙත කැඳවා ගෙන, එහි දී ඔහු විසින් කරනු ලබන සියලු කටයුතු වෙනුවෙන් යහපත් ගෙවීමක් ලබා දීමට එකඟ විය.

 

විස්තර »

 දම්බරාව ගමට නම ලැබුණු සැටි

 

මහියංගණයෙන් ගෙනා පොර මී ගොනා රාජකීය දඹරා වෙත පිඹගෙන අවුත් පහර පිට පහර දෙයි. රජු ඇතුළු පිරිස ගල් ගැසී බලා සිටිති. අන්තිමේදී මහියංගණයෙන් ගෙනා පොර මී ගොනාට ජය අත්විය. එහෙත් සටන නිමවී තෑගි බෝග ගම්වර දීමට පෙර මහියංගණයෙන් රැගෙන ආ පොර මී ගොනා රාජකීය පශු වෛද්‍යවරුන් ලවා පරීක්ෂා කිරීමට රජු තීන්දු කළේ ය.

 විස්තර »

ජය භූමියක් වූ බළකොටුවක්

 

මහා විජයබාහු රජුගේ සටන් මඟ අති බිහිසුණු ය. සොළී පවුරෙන් සුසැඳි ඒ කටුක මඟේ සංග‍්‍රාම විත්ති කීමට පෙර මට ඔබට හඳුන්වා දෙන්නට තවත් වැදගත් ම ස්ථාන දෙකක් තිබේ.
ඒ රම්බා වෙහෙර සේනා සංවිධානය කිරීමට පෙර සොළීනට නොනැවතී දුවන්නට පහර දුන් වාකිරිගල ඓතිහාසික පර්වතය පිහිටි පුරාණ විහාර බිම පිළිබඳව ය. අනෙක ගොඩවාස පැරැණි වරාය තොරතුරු ය. රජු තම සටන් මඟේ සාර මසක් ජීවිතය බේරා ගත්තේ මේ අසිරිමත් ගිරිකුල නිසා ය.

 විස්තර »

අපි වැඩිහිටියන්ට සැලකුවේ මෙහෙමයි

 

න්තලව්වේ යන අයගේ බහෙන් කියැවුනේ වියපත් ඔවුන් බලා කියාගන්ට කිසිවෙකුත් නැති බවකි. වියපත් වූවන් පමණක් නොව කුඩා දරුවන් ද අද සැබෑ මව්පිය රැකවරණ නොලබති. මිල මුදල් හඹා යන අද ඇත්තන්ට ඇප උපස්ථාන කිරීමට කාලයක් නැතැයි කියති.
ඒ නිසා ම ඔවුන් මිල ගෙවා දරුවන් හා වැඩිහිටියන් ළමා හා මහලු නිවාසවල ගාල් කිරීමට පුරුදු වී සිටී.

විස්තර »

සම්මානයකට නිර්දේශ වන මොහොත
කාගේත් සිත් චංචල කරවනසුලුයි

 

ඈන් එන්රයිට් 1962 දී අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේ දී උපන්නා ය. ඩබ්ලින් හි දී සිය ද්වීයිතික අධ්‍යාපනය ලැබූ ඇය නැඟෙනහිර ඇංග්ලියා සරසවියෙන් නිර්මාණාත්මක රචනා පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය සමත් වූවා ය.
වසර 6 ක් පුරා ඩබ්ලින් හි RTE රූපවාහිනී ආයතනයේ නිෂ්පාදකවරියක ලෙස කටයුතු කළ ඇය London Review of Books  හා Irish Times සඟාවලට ලිපි රචනා කරන දක්ෂ ලේඛිකාවකි.

විස්තර »

මානව හිතවාදයේ හා සමාජවාදයේ
සුසංයෝගය ගෝර්කි

 

භූමි ප‍්‍රමාණය අනුව සැලකුවොත් ලෝකයේ ලොකුම රට රුසියාව. මේ මහා දේශය වගේම ඒ දේශයේ සාහිත්‍යයත් හරිම විශාලයි. ලෝකයේ ප‍්‍රථම සමාජවාදී රාජ්‍යය බිහි කිරීමේ අත්දැකීම සමඟ මුසු වී පැමිණීම නිසාවෙන් දෝ රුසියානු සාහිත්‍යය අතිශයින් රසවත්.

ඒ වගේම හරවත්. මේ සාහිත්‍ය විශාල ගොඩනැඟිල්ලකට උපමා කරනවා නම් ඒ ගොඩනැඟිල්ලේ ශක්තියට උර දෙන කණුවලට සම කළ හැකි ලේඛකයෝ කිහිප දෙනෙක් ඉන්නවා.

විස්තර »