සම්මානයකට නිර්දේශ වන මොහොත
 

සම්මානයකට නිර්දේශ වන මොහොත
කාගේත් සිත් චංචල කරවනසුලුයි

 

ඈන් එන්රයිට් 1962 දී අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේ දී උපන්නා ය. ඩබ්ලින් හි දී සිය ද්වීයිතික අධ්‍යාපනය ලැබූ ඇය නැඟෙනහිර ඇංග්ලියා සරසවියෙන් නිර්මාණාත්මක රචනා පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය සමත් වූවා ය. වසර 6 ක් පුරා ඩබ්ලින් හි RTE රූපවාහිනී ආයතනයේ නිෂ්පාදකවරියක ලෙස කටයුතු කළ ඇය London Review of Books  හා Irish Times සඟාවලට ලිපි රචනා කරන දක්ෂ ලේඛිකාවකි.

ඇය ලියූ හතරවන නවකතාව වන “The Gathering” කෘතිය “2007 Man Booker”සම්මානය ලැබී ය. මේ ඇය පිළිබඳ Boyd Tonkin ලියූ ලිපියකි.

න් එන්රයිට් මට හමුවූයේ බි‍්‍රතාන්‍ය කලා සංගමය මඟින් දෙවසරකට වරක් පිදෙන  David Cohen Prize නම් වූ ත්‍යාගය සඳහා නිර්දේශිත කෘති අතුරින් ජයග‍්‍රාහකයින් තෝරා ගනු ලබන විනිශ්චය මණ්ඩලයේ දී ය.

එහිදී මම ද විනිශ්චය සඳහා සහභාගි වූයෙමි. එය බි‍්‍රතාන්‍යය හෝ අයිරිෂ් සාහිත්‍යධරයන්ට බොහෝ විට ජීවිතයට වරක් පමණක් ලැබිය හැකි සම්මානයකි.

ඈන් මුල සිට ම මා සමඟ කතා කළේ එදින වේදිකාවේ සිටින බොහෝ විද්වතුන් ගේ මාතෘකාව වූ බෙල්ෆස්ට් කවියකු වන ඩෙරික් මාහොන් (Derek Mahon)පිළිබඳව ය. ඔහුට සම්මානය හිමිවිය යුතු බව ඇගේ අදහස විය. අවසානයේ එම සම්මානය හිමිවූයේ ද ඔහුට ය.

“ඔය අත්දැකීම මාත් අත්විඳ තියෙනවා. සම්මානයකට නිර්දේශිතව ඉන්නා මොහොත තරම් සිත චංචල වන මොහොතක් තවත් නැහැ.”

ඇය එසේ කීවේ තමා Man Booker සම්මානය දිනාගත් දින සිහිගන්වමිනි.

ඈන් එන්රයිට්ට Man Booker සම්මානය දිනා දුන්නේ ඇය විසින් රචනා කරන ලද ‘The Gathering’ නම් නවකතාවයි.

අපකීර්තිමත් සිද්ධීන් නිසා සම්මානයක්

ඊට ගැබ් වී ඇත්තේ දිවි නසා ගැනීම් හිංසන කි‍්‍රයා, රණ්ඩු දබර, රහස් හා ත‍්‍රස්තවාදී කි‍්‍රයා වැනි සමාජමය අපකීර්තිමත් සිද්ධීන් ය.

කෙසේ වෙතත් මේ කෘතිය පාඨකයින් ගේ අවධානයට ඉතා ඉක්මනින් ලක් විය. සමහරුන් එය අපකීර්තිමත් කෘතියක් ලෙස හැඳින්වුව ද බොහෝ දෙනාගේ ප‍්‍රසාදයට ලක් විය.

“එය ඉතා ඉක්මනින් ජනප‍්‍රිය වුණා. පොත පිළිබඳ විවේචනත් සමඟම එය මහජනයා වැළඳ ගත්තා. එමෙන් ම ඉක්මනින්ම අයර්ලන්තය පුරා විකිණී ගියා.

ඇය සිය ග‍්‍රන්ථය පිළිබඳ කියයි.

ඈන් එන්රයිට් ජීවත්වන්නේ අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේ දකුණු දෙස ඇති ‘බ්‍රේ’ නම් සුන්දර ගම්මානයේ මුහුදු වෙරළ අසල ඉතා ප‍්‍රසන්න ප‍්‍රදේශයක ය.

නළුවකු හා අධ්‍යක්ෂවරයකු වූ මාර්ටින් මර්පි සමඟ විවාහ වී සිටින ඇයට දරු දෙදෙනෙකි.

ඩබ්ලින් හි RIE  රූපවාහිනි ආයතනයේ වැඩසටහන් නිෂ්පාදකවරියක ලෙස කටයුතු කළ ඇය කැනඩාවේ නැඟෙනහිර ඇංග්ලියා විශ්වවිද්‍යාලයේ නිර්මාණාත්මක රචනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිධාරිනියක ද වන්නීය.

නූතන සමාජය කලඹන මාතෘකා

ඇය ගේ පොත් අතරින් මාතෘවය පිළිබඳ ලියූ Making Babies නම් වු කෘතිය වඩාත් ප‍්‍රසිද්ධ විය. මාතෘÀවය පිළිබඳ නොයෙක් මිථ්‍යා විචාරයට ලක් කරමින් ඒ ග‍්‍රන්ථය ලියා තිබිණ.

ඇය එළදෙනුන් මරා දැමීම පිළිබඳවත් බිඳ දැමිය යුතු සමාජ තහංචි පිළිබඳවත් පරීක්‍ෂණ පවත්වා ඇත. ඒවා නූතන අයිරිෂ් සමාජය කලඹවන මාතෘකා විය.

The Gathering  නවකතාවෙන් ද ඇය කර ඇත්තේ අයර්ලන්තයේ පැරැන්නන් ගේ මනස් තුළ හොල්මන් කළ පැරැණි සිතුම් පැතුම්, විශ්වාස බිඳ දැමීමයි. එය ආකර්ෂණීය ලෙස වෙනස් ශෛලියකින් ලියැවී තිබිණි.

පසුගිය අඩ සියවසක කාලයේදී අයර්ලන්ත ජනතාව ගේ අසාමාන්‍ය මානසික සිතුවම හා කතා ව්‍යවහාරය, භාෂා රටා වෙනස් වු අයුරු ද මේ කෘතිය කියවන අයෙකුට දැකිය හැකිය.

”මේ කතාවේ විවිධ යුගවලදි අයර්ලන්තයේ භාෂා ව්‍යවහාරයේ වෙනස් වීම් පිළිබඳ මනා චිත‍්‍රයක් පිළිබිඹු වෙනවා. 1950 දි අයර්ලන්තයේ භාෂාවට වඩා 1970 ව්‍යවහාර භාෂාව වෙනස් වෙනවා. අද තවය ඊටත් වෙනස්. මේ කෘතියේ චරිත ද ඒ සඳහා උදව් වෙනවා” ඈන් එන්රයිට් පවසන්නී ය.

වැළලී ගිය රහස

දිගු කලක් ඉතිහාසයේ වැළලී ගිය රහස් පවා මේ කෘතියෙන් හුවා දක්වා තිබේ.

එමෙන්ම අයර්ලන්ත ජනතාව ගේ යටපත්ව තිබූ අප‍්‍රසන්න ලිංගික හිංසනය පිළිබද තොරතුරු ද මින් හෙළිදරව් කරයි.

”මා දන්නවා මෙවැනි භයානක මානුෂික අත්දැකීම් ලිවීම කොයිතරම් වැදගත් ද කියන එක. අනික ඒවා පොත්වලින් වැඩිය පළ නොකරන රහස්.

කෙසේ වුවත් මෙහිදි මා මට හසුවූ ලිංගික මූලාශ‍්‍ර හොඳින් පරිහරණය කළා. ඒවා නවකතා රචකයෙකුට වඩා හොඳට, රචිකාවකට (කාන්තාවකට) විස්තර කළ හැකියි.

මගේ කතා බොහෝමයක් සමාජයේ ගූඪ අමානුෂික පැවැත්ම මුල් කොටගත් ඒවායි.

වේදනාත්මක සිද්ධීන් මූලාශ‍්‍ර කොටගත් ඇගේ The Gathering නවකතාව සමාජ යථාර්ථය ගැබ්කර ගත් එකක් විය.

මා සිතන අන්දමට එය මිලියනයක් මිනිසුන් තුළ පවත්නා මානුෂීය පීඩන එක්තැන් කොට පෙන්වීමකි.

”මා මට ලැබුණු මූලාශ‍්‍ර හැකි තරම් හොඳින් හැසිරවූවා මිස බුකර් සම්මානය වැනි සම්මානයක් බලා ගෙන ලිව්වේ නැහැ. අයර්ලන්තයේ පාඨකයන් මා හොඳින් පිළිගත්තා.”

Man booker සම්මානය ලද ඇන් එන් රයිට් එසේ පවසන්නීය.