හැම ආගමක් ම එක සමානයි කීම දේශපාලන
සටන් පාඨයක් පමණයි

 

ශි‍්‍රයානන්ද ප‍්‍රනාන්දු පියනම

සිංහල සාහිත්‍යය කතෝලික හෝ බෞද්ධ යනාදි වශයෙන් වර්ගීකරණය කිරීමේ ශාස්ත‍්‍ර යුක්තියක් ඇත්තට ම තිබෙනවද?

එහි ශාස්ත‍්‍ර යුක්තියක් නැහැ. එසේ වුවත් විග‍්‍රහයේ පහසුව තකා එබඳු වර්ගීකරණයක් කරන්න බැරිකමක් නැහැ. මොකද; බෞද්ධ සාහිත්‍යයත් එක්ක සංසන්දනය කර බලද්දි කතෝලික සාහිත්‍යයේ ඊට හිමි අනන්‍යතාවයක් තිබෙනවා.

විස්තර »

ෆ්රැන්සිස්කෝ ගෝයා ලුෂියන්ටේස්
FRANCISCO GOYA Y LUCIENTES

 

ස්පාඤ්ඤ ජාතික චිත‍්‍ර ශිල්පී ගෝයා ඔහුගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළේ සරාගොසා (SARAGOSSA) නුවරිනි. 1863 දී මැඩ්රීඩ් නුවරට පැමිණි ඔහු ෆ්රැන්සිස් බේයූ සුබියාස් යටතේ පුහුණුව ලැබී ය. 1775 – 92 අතර ඔහු ගත කළේ රොකෝකෝ ශෙලියේ චිත‍්‍ර වස්ත‍්‍ර සහ ආගමික දර්ශන සිත්තම් කිරීමටයි.

විස්තර »

ථෙරී ගාථාවක්

 

රලෝසුවේ සීනු හඩින් චිත‍්‍රාංගනී අවදි වූවා ය. ඇය දෙපස සුවසේ නිදා සිටින දියණිය දෙසත් පුතු දෙසත් ඇය කිහිප වරක් නෙත් යොමු කළා ය. රාති‍්‍රය පුරා දල්වා තිබූ නිල් පැහැති විදුලි බුබුළේ ආලෝකයෙන් කුඩා දරුවන් දෙදෙනා ඇයට හොඳින් පෙනුණි. දියණිය ගේ රාති‍්‍ර ගවුම සකස් කළ චිත‍්‍රාංගනී ඇඳෙන් බැස ප‍්‍රධාන විදුලි බුබුළ දල්වා කණ්ණාඩි මේසය ඉදිරියේ සිට ගත්තා ය.

විස්තර »

අනවධාරණය

 

තා දිගු කලකට ඉහත දී පුරසාරම් කීමෙ හි සමත් එක්තරා දියකාවෙක් ගංගාවක් ආශ‍්‍රිත ව දිවි ගෙවී ය. එක් පුරුෂයෙක් මාළු දැලක් ද ගෙන ගංගාව වෙත පැමිණෙන අයුරු දිනක් මේ දිය කාවාට දැකිය හැකි විය. ”ඒයි නුඹ මොනවාට ද ලැහැස්ති වෙන්නේ?” දියකාවා උඩඟු ලෙස මිනිසා ඇමතී ය. ”මාළු ටිකක් අල්ල ගන්නට හදනවා” මිනිසා කී ය.

 විස්තර »

රම්බා වෙහෙරෙන් ඇරැඹෙන මහා සටන

 

කේසධාතුක කසුබ් ගේ සොයුරා පරාජය කිරීමෙන් අනතුරු ව ඔහු සතුව තිබූ මහත් ධනස්කන්ධය ද රැගත් විජයබා මහ රජු තම්බල නම් ග‍්‍රාමයේ මහත් බළකොටුවක් තැනැවීය.

පුරා විද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් ගේ ’මහා සිංහලේ රාජවංශෙ’ පොතෙ හි ඒ බව සඳහන් වන්නේ තම්පලා ග‍්‍රාමයෙහි අලුත් දුර්ගයක් තැනැවූ බව යි.

 විස්තර »

සුබාහු හෙවත් මහානීල නීල මහා යෝධයා
පිළිබඳ ඓතිහාසික නවකථාව

 

රුණ ජවය මෙබඳු යැයි ද දේශයට සංවර්ධනයත්, ජාතියට ගෞරවයත්, ජනතාවට අභිමානය හා සන්තුෂ්ටියත් ගෙන දෙන ලෙස එම ජවය වැඩට ගත යුතු ආකාරය මෙබඳු යැයි ද තේමාව කොටගත් විද්වතුන්ගේ මෙන්ම පොදු පාඨක ජනතාවගේ ද අවධානයට පාත‍්‍රවන විශේෂයෙන් නව යෞවන හා යෞවන වියේ සිටින දරුවන්ගේ අතට පත් කළ යුතු. ඓතිහාසික නවකථාවකි.

විස්තර »

මිහි මත මිය යන ජීවය ගැන කියන ‘ද රෝඩ්’

 

ගින්නෙන් දැවී ගිය අමෙරිකාව සිසාරා ඇවිද යන පිය - පුතු දෙපළකි. සුළං පහරත් සමඟ හමා ආ අළුවලින් වැසීගත් විනාශ වී ගිය භූ දර්ශනය හැරුණු විට වෙනත් චංචල කිසිවක් හාත්පස නොපෙනේ. ගල් ගැසෙන්නට තරම් දරුණු ශීතල හා හිම පතනයත් සමඟ හාත්පස අළු පැහැයට හැරේ. අහස අඳුරු ය.

විස්තර »

ඝාතකයකු ලුහුබඳින ගැටවරයකු ගේ කතාව

 

2003 වසරේ Whitbread ග‍්‍රන්ථයට හිමිවන සම්මානය සහ Whitbread නවකථාව සඳහා හිමි සම්මානය හිමි කරගත්තේ පහළොස් වියැති ප‍්‍රඥාවන්ත කොලු ගැටයකු වටා ගෙතුණු ‘ද කියුරියස් ඉන්සිඩන්ට් ඔෆ් ද ඩෝග් ඉන් ද නයිට් ටයිම්’ (The Curious Incident of the Dog in the Night - Time) කෘතිය යි. එය සුප‍්‍රසිද්ධ ලේඛක මාර්ක් හැඩන් ගේ අනගි නවකථාවකි. අභිරහසක් වටා ගෙතුණු එම කථාන්තරයේ එන කි‍්‍රස්ටෝපර් ජෝන් ෆ‍්‍රැන්සිස් බූන් නමැති කොලු ගැටයා අභිරහස් පිරික්සීමේ දී අනුගමනය කරන්නේ ෂර්ලොක් හෝල්ම්ස් ගේ රහස් පරීක්ෂක කථාවල එන චරිත ය.

 විස්තර »