‘පාන්’ ඔතන පත්තරවලින් ‘කලා කෘති’
කරමු ද?

 

ශාන්ත කේ. හේරත්

ශාන්ත කේ. හේරත් ප‍්‍රවීණ චිත‍්‍ර හා මූර්ති ශිල්පියෙකි; කාටුන් ශිල්පියෙකි; පොත් කංචුක නිර්මාණ ශිල්පියෙකි; පුවත්පත් පිරිසැලසුම් (LAYOUT) චිත‍්‍ර ශිල්පියෙකි. මේ සියලු ශුද්ධ හා ව්‍යවහාර කලාවන් හි ඔහු සුවිශද ප‍්‍රතිභාවක් විදහා පායි. මේ මෑත දී ශාන්ත දකුණු ආසියාවේ හොඳ ම කාටුන් ශිල්පීන් අතරට ප‍්‍රවිෂ්ට වූයේ ය. ඒ පසුගිය දා පැවැති අන්තර්ජාතික කාටුන් චිත‍්‍ර තරගයකිනි. මේ ඒ නිමිති කොට ගනිමින් කරන ලද සංලාපයකි.

විස්තර »

ජෝසප් මැලර්ඩි විලියම් ටර්නර්
JOSEPH MALLORD WILLIAM TURNER

 

ශප් ලන්ඩනයේ ප‍්‍රධාන පෙලේ බේකරියක් හිමි බක්කරේ කෙනෙකුගේ පුත‍්‍රයෙකු වශයෙන් කි‍්‍ර.ව. 1775 දී උපත ලැබී ය. මොහු මුල් පෙළේ බිම් දසුන් ශිල්පියෙකු ලෙස වඩාත් ප‍්‍රසිද්ධි ය.

ඇතැම් කලා විචාරකයින් කියන්නේ ඔහු ඒ සිත්තරුන්ගෙන් ශ්‍රේෂ්ඨ පුදගලයා බවයි.

විස්තර »

සම්මානය

 

නෙතට සුව දසුනක් ද, සිතට කිසියම් පී‍්‍රතියක් ද ගෙන දෙමින්, සම්මානය තව දුරටත් කැබිනට්ටුවේ ඉහළ දාරුමය තලයේ දැවටෙණු ඇත. පිට පළුවකට ශල්‍ය කර්මයක් කිරීමෙන් සකස් කරන ලද, දාරුමය නිරුවත, කාන්තා ආකර්ෂණය පත අට එකට සිඳුවා කළා වූ නිමැවුමකි.

දාරුමය ලලනාව ගේ සියලු ම හාව භාව ලීලාවන්, නිතරම උරුම වී තිබෙන්නේ, අවාසනාවට කවිකම උරුම කර ගත්, උප ගුප්ත වෙතට ය.

 විස්තර »

කපටි නැති නරි

 

ක්තරා අතීත කාලයක කුත්ක් නමින් මහන්නෙක් විසී ය. හෙතෙම දුෂ්ට ය. මෝඩ ය. දිනක් කුත්ක් සිය නිවෙසේ පහනක් දල්වා ඒ අසල හිඳගෙන මැස්මක් මසමින් සිටියේ ය. එක්වර ම පහන් දැල්ල ආවරණය වී මැස්ම මත අඳුරු ලප පතිත වන්නට විය. “ඒ කුමක් විය හැකිද? පහන් දැල්ලත් මාත් අතරට පැමිණිය හැකි ජගතා කවුද? මගේ ම නාසය ආලෝකය වළක්වනවා වෙන්නට ඕනෑ” මෙයින් ඔහු සිය නාසය හා උරණ වූයේ ය.

 විස්තර »

පන්ති සටන දැන් ලිංග භේදයකට
ඌනනය කරලා

 

ඌව ට පැමිණි කැප්පෙටිපොළ ඉංගී‍්‍රසින් ගේ අවි ආපසු භාර දී තෙමේ ද සිංහලයන් සමඟ කැරැල්ල ට එක්විය. ඒ සමඟම දුම්බර, දෙනුවර, හේවාහැට, කොත්මලේ, වලපනේ ආදි කන්ද උඩපස් රටේ ජනතාව ද කැරැල්ල ට එක් විය. සිංහලේ රාජ්‍යය ට උරුමකමක් ඇතැයි කියා කැරැල්ල ට එක්වූ කලෙක පැවිදිව සිටි විල්බාවේ සමඟ මඬුගල්ලේ සලුවඩන නිලමේ ද එක්වී කැරැල්ලට නව ජීවනයක් ලබා දුන්නේ ය. සටන් බිමෙහි කැප්පෙටිපොළට වඩා අභීත සටන්කාමීන් වූයේ මඬුගල්ලේ පරපුරේ අයකු වූ මඬුගල්ලේ සලුවඩන නිලමේ ය.

 විස්තර »

ඉතිහාසය නොදැන කවදාක්වත්
නූතනවාදී වෙන්න බැහැ

 

ගඩ්ඩරිකා ප‍්‍රවාහය හෙවත් සූකිරි බටිල්ලන්ගේ ලෝකය’ නුවන් නයනජිත් කුමාර ගේ නවත ම පර්යේෂණ ග‍්‍රන්ථයයි. අද්‍යතන දේශපාලන, සමාජ, ආර්ථික හා සංස්කෘතික සන්දර්භයේ විවිධ පැතිකඩ, ගැටලු පිළිබඳව වෙසෙස් අවධානයක් යොමු කරමින් කරන ලද පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙස බිහි වී ඇති මේ ග‍්‍රන්ථය මගින් සාමූහිකත්වයෙන් දැඩි පුද්ගලවාදී සමාජයට පිළිපන් ශී‍්‍ර ලාංකිකත්වය දරුණු විවේචනයක ට ලක් කරයි.

විස්තර »

බඹුගෙ අණ

 

සංස්කෘතික හර පද්ධති තැනින් – තැන, කලින් – කල වෙනස්වීම ස්වාභාවික න්‍යායයකි. එසේ වුවද පෙ‍්‍ර්මය, ආදරය, බිය, සතුට, ක්ෂුධාව, නිදිමත ආදී භාවවේග සනාතනිකව මානව සන්තානයේ පහළ වේ. එහෙත් ඒවා ප‍්‍රකාශ වන්නේ ඒ ඒ සමයයෙහි ඒ ඒ ජන කණ්ඩායමේ මුල් බැසගෙන තිබෙන සමාජ දෘෂ්ටියට සහ චර්යා රටාවලට අනුකූලවය.

විස්තර »

ගැලිලියෝ පරපුරේ විශ්ව විද්‍යාඥයා
ස්ටෙපන් හෝකින්

 

දෙවැනි ලෝක යුද සමයේ දී උතුරු එංගලන්තයේ වාසය කරමින් සිටි තරුණ යුවළක් ඔක්ස්ෆර්ඩ් ප‍්‍රදේශයට පැමිණියෝ ය. තරුණිය ඒ වනවිටත් ගැබිනියක ව සිටියා ය. දරුවා හදා වඩා ගැනීමට උතුරු එංගලන්තයට වඩා ඔක්ස්ෆර්ඩ් ප‍්‍රදේශය සුරක්ෂිත යැයි කල්පනා කළ හෙයින් ඔවුන් මෙහි පැමිණ තිබිණ.

1942 ජනවාරි මස 08 දා මේ යුවළට දාව පුතෙක් උපන්නේ ය. ගැලීලියෝ ගැලීලි මිය ගොස් වසර 300 ක් සැපිරුණේ මෙදින බවත් සඳහන් ය. අලුත උපන් දරුවා, ස්ටෙපන් විලියම් හෝකින් යනුවෙන් නම් කෙරිණ.

 විස්තර »