දෑසින් බලනවා වෙනුවට මනසින්
බැලීම ගැඹුරුයි

 

එච්.ඒ.(හෙට්ටිආරච්චිගේ) කරුණාරත්න අද මෙරට සිටින විශිෂ්ටත ම චිත‍්‍ර ශිල්පීන් කීපදෙනාගෙන් ප‍්‍රමුඛයෙකි. 1952 දී රජයේ ලලිත කලායතනයට බැඳුණු ඔහු 1958 වනතෙක් එහි චිත‍්‍ර කලාව උගත්තේ ය. 1959 දී ජපානයට ගිය කරුණාරත්න ලලිත කලා හා සංගීතය පිළිබඳ ටෝකියෝ ජාතික විශ්වවිද්‍යාලයෙන් වැඩිදුරටත් චිත‍්‍ර ශිල්පය හදාළේ ය. 1965 දී ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වයක් මත ඇමෙරිකාවට ගිය කරුණාරත්න ප‍්‍රැට (PRATT) ආයතනයෙන් ග‍්‍රැෆික් කලාව පිළිබඳ අධ්‍යයනයක යෙදුණේ ය.

විස්තර »

ජෝන් කොන්ස්ටබල්

 

ජෝන් කොන්ස්ටබල් ඉංග‍්‍රීසි ජාතික චිත‍්‍ර ශිල්පියෙක් වන අතර ඔහු සෆොක් (SUFFOLK) නුවර උපත ලැබී ය. 1795 වනතුරු සෆොක් නුවර ජීවත්ව සිට ඒ වර්ෂයේ දී ලන්ඩන් නුවරට පැමිණියේ ය. ඔහු නව යොවුන් වියේ දී ශිල්පීය පුහුණුවක් ලැබූවත් 1799 දී ලන්ඩනයේ රෝයල් ඇකඩමියට ඇතුළත් විය.

විස්තර »

හිඟන්නෙකුගේ කතාව

 

ති බැරි අවස්ථාවක මහ පාරට බැස, යන එන්නන්ට අත පා එදා වේල පිරිමසාගත හැකි යැයි යමෙක් සිතුවොත් එය වැරදි සිතිවිල්ලකි.

ඔහුට එක් දිනකින් තබා එක් අවුරුද්දකින් වත් සාර්ථක දිවිපෙවෙතක් ගෙවන හිඟන්නෙක් බවට පත්විය නොහැකිය. සිඟා කෑමේ වෘත්තියේ රහස් අවබෝධ කරගැනීමට කාලයක් ගතවේ. එයට ඉවසීම, කල්පනා ශක්තිය මෙන්ම සහජ දක්ෂතාවය ද අවශ්‍ය කෙරේ. උදාහරණයක් ලෙස මා ගැන සිතන්න. මගේ වයස දැන් අවුරුදු පනහක් පමණ වේ. මම දැන් අවුරුදු විස්සක පමණ කාලයක සිට සිඟා කෑමේ නිරතව සිටිමි.

 විස්තර »

වීර්යවන්තයා

 

ගගාවලින් ද සොඳුරු වන ලැහැබකින් ද හෙබි ගම්මානයක විසූ සාමකාමී පවුලකි. මේ මා පියන්ට සිටියේ එක ම එක පුත‍්‍රයකු පමණි. ඔහු දුර්වලයෙකි. එහෙත් ඒ මා පියන් සිතූ හැටි ය. ඇත්ත වශයෙන් ම මේ පුත‍්‍රයා සිය වීර්යය ද ශක්තිය ද කිසිදා කිසිවකු ඉදිරියේ ප‍්‍රදර්ශනය කිරීමේ ආසාවෙන් යුක්ත වූවෙක් නො වේ. ඔහු නිතර ව්‍යායාමයන්හි යෙදුණු බවත් ක‍්‍රම ක‍්‍රමයෙන් ශක්තිය ගොඩනංවාගත් බවත් මාපියෝ නොදනිති. මෙසේ කලක් ගතවිණි. දිනක් ඔවුන් ගේ නිවෙසට හිටි අඩියේ මංකොල්ලකරුවෝ කඩා වැදුණාහ. “අපොයි, ඉතිං අපට කාගේ පිහිටක් ද, අපේ එක ම පුතාත් දුර්වලයෙක් කොට?” මාපියෝ කම්පා වූ හ.

 විස්තර »

පන්ති සටන දැන් ලිංග භේදයකට
ඌනනය කරලා

 

1908 වසරේ ජනවාරි මස නවවැනිදා ප‍්‍රංශයේ පැරිස් නුවර උපත ලබා ඇති සිමෝන් ගේ සම්පූර්ණ නම සිමෝන් ලුසී අර්නස්ටයින් මරී බර්ට‍්‍රන්ඩ් ද බෝවාර් වෙයි. ජෝර්ජස් ද බෝවාර් සහ ප‍්‍රාංශුවා බ්‍රොෂර් ගේ දූන් දෙදෙනා ගෙන් වැඩිමහල් දරුවා සිමෝන් ය. සිමෝන් හට වයස අවුරුදු පහළොව වනවිටත් ඇය ලේඛිකාවක වෙන්නට අවශ්‍ය කරුණු සපුරා අවසන්ව තිබිණි. ගණිතය සහ දර්ශනය හැදෑරීමෙන් අනතුරුව ශාන්ත මරී ආයතනයේ සාහිත්‍ය සහ භාෂාව පිළිබඳ ව වැඩිදුර අධ්‍යාපනය ලබන සිමෝන් 1929 දී සෝබෝන් විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ උසස් හැදෑරීමක යෙදෙයි.

 විස්තර »

යුගයක දේශපාලනය විනිවිද දකින
මුලා නාටකය කම්පිත විල්

 

ලාංකික ටෙලි නාටකය තව දුරටත් හැසිරෙන්නේ කලාත්මක ප‍්‍රකාශන කාර්යයක් ලෙසින් ම නොවේ. ඉහළ රස වින්දනයක් රසික ප‍්‍රජාවට අත් පත් කරදෙන අටියෙන්ම නොවේ. රසිකයා ගේ ජීවිත පරිඥානය වඩවන සූක්ෂම මැදිහත්වීමක් වශයෙන් ම නොවේ. ටෙලි නාටක බහුතරයක් සරල ආස්වාදය පිණිස ම පෙනී සිටී. අද ඒකාංගික ටෙලිනාටක දුර්ලභය. ප‍්‍රාසාංගික ටෙලි නාටක සුලබ ය. ‘මෙගා’ මැයෙන් යුත් ටෙලි නාටක විශේෂය පිළිලයක් සේ ටෙලිනාටක සංස්කෘතිය පුරා පැතිර යමින් පවතී.

විස්තර »

රුහුණු දේශයේ මාතර සාධකය
‘මාතර වංශය’ ආශ‍්‍රිත විමසුමක්

 

රටක ජාතික උරුමය විභාග කිරීමේ දී ප‍්‍රාදේශීය වශයෙන් වූ දායකත්වය ද විශේෂයෙන් විමසිය යුත්තකි. ප‍්‍රාදේශීය වශයෙන් වන එකමුතුවෙහි ප‍්‍රතිඵල විසින් ජාතික උරුමය නිර්මාණය කරනු ලබන බැවිනි. දකුණු ලක රුහුණු අන් කවර ප‍්‍රදේශයකට ද වඩා අනන්‍යතා පළ කළෙන් එහි දායකත්වය ලංකා ඉතිහාසයේ අතිශය වැදගත් විය. මුහුදට විවරව නිර්මාණය වූ මේ භූ කලාපය විවිධ ජාතීන් ගේ සම්මිශ‍්‍රණයන්ට ගොදුරු වෙමින් අතීත උරුමය ද රැක ගනිමින් කවර අභියෝගයකට වුවද නොබියව මුහුණ දෙන ඔරොත්තු දීමේ ශක්තිය ඇති අභීත ජනකායක් නිර්මාණය කළේය.

විස්තර »

ප‍්‍රථම නූතන සිංහල සාහිත්‍ය විචාරකයා

 

ජේම්ස් ද අල්විස්

ලේඛක විල්ෆ‍්‍රඩ් එම්. ගුණසේකර, ජේම්ස් ද අල්විස් ගැන ලියූ එක්තරා ඉංගී‍්‍රසි ලිපියක (‘ජේම්ස් ඩී. අල්විස් ලෝයර් ඇන්ඩ් ඔරියෙන්ටල් ස්කොලර් - දි අයිලන්ඩ් 1986 ජනවාරි 27) ඔහු හඳුන්වා ඇත්තේ නීතිඥයකු, ශාස්ත‍්‍රඥයකු, විචාරකයකු, දේශපාලනඥයකු, ඉතිහාසඥයකු හා කවියකු ලෙස ය. මේ කෙටි ලිපියේ අභිපේ‍්‍රත අරමුණු දෙකකි.

 විස්තර »