.
 

අනුරාධපුරයේ දී කළ කැණීම්වලින්
මහාවංශයේ තොරතුරු සනාථ වෙනව

 

ප‍්‍රශ්නය :- ලංකාවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තු කැණීම් අංශය ආරම්භ කරලා දැනට වසර 40 ක් ගතවෙලා තියෙනවා. මෙතෙක් ගතවූ කාලයේදී ලංකාවේ ජනාවාසකරණය පිළිබඳ ඉතිහාසය කොතෙක් දුරට හෙළිවෙලා තියෙනවද?

පිළිතුර :- අපි දන්නවා අපිට මහාවංශය ඇතුළු තවත් එවැනිම විශාල වංශ කතා සාහිත්‍යයක් තියෙනවා. ශිලා ලේඛන හමුවෙලා තියෙනවා. ස්මාරක තියෙනවා. මේ සියලු සාධක සමඟම ඓතිහාසික යුගය පිළිබඳ සෑහෙන පර්යේෂණ ප‍්‍රමාණයක් 1968 පමණ වෙනකොට සිද්ධ වෙලා තිබුණා.

විස්තර »

තෝමස් ගෙන්ස්බරෝ
THOMAS GAINSBOROUGH

 

ඉතාලි ජාතික තෝමස් ගෙන්ස්බරෝ සෆෝක් (SUFFOLK) හි සඩ්බරි (SUDBURY) නුවර උපත ලැබී ය. මේ චිත‍්‍ර ශිල්පියා මුල සිට ම භූමි දර්ශන සිතුවම් කෙරෙහි ප‍්‍රබල ආශාවක් දැක්වී ය.

1747 දී ගෙන්ස්බරෝ ලන්ඩනයට පැමිණ හියුබට් ප‍්‍රන්සුවා ග‍්‍රැවලෝ ශිල්පියා යටතේ පුහුණුව ලැබී ය. කි‍්‍ර.ව. 1759 දී ගෙන්ස්බරෝ ඛාන් නගරයට පදිංචියට ගොස් එහි දිගට ම පිළිරූ චිත‍්‍ර ඇඳීම කළේ ය.

විස්තර »

පේතානං උපකප්පති

 

ඝන ලෑලිවලින් සැදි උසට උසේ ඇති සොල්දරය යට කාමරයේ වියන් ඇඳ මත රාලහාමි උඩුපල්ලෙන් දපා සිටී.

ඇඳ වටා සිටි දූ දරුවෝ දැන් මොකද කරන්න යන හිස් බැල්මෙන් එකිනෙකා දෙස බලති. ඈත ගසක කුරුමිනියෙක් කා යාන්තමින් එල්ලෙන පොල් කොළ අගිස්සක් හුළඟට නලියයි.

හාත්පස සියල්ල අඳුරු වේගෙන එන ආකාරය රාලහාමි ට දැනුණි. එම අඳුර දිගේ ඉදිරියට ගමන් කළ ඔහු ට හමු වූයේ පටු කපොල්ලකි.

 විස්තර »

උස් හඩින් හැඬූ වටුවා

 

එක් වනයක උස් හඩින් හඬන වටුවෙක් විය. ඒකා දිනක් ගසක් මතට වී කල්පනාවෙන් බර වූ සිතින් නිහඬ ව සිටියේ ය. මෙවිට එක්වර ම යමක් ඒකා ගේ හිස මත වැටිණි.

”අහස කඩා වැටෙනෝ” වටුවා උස් හඩින් හඬ ගෑවේ ය. “මේ ගැන රාජාලියාට කිව යුතුයි” යැයි ද කියූ වටුවා වහා රාජාලියා සොයා දිව යන්නට විය.

අතරමඟ දී වටුවා ට වැලි කුකුළා මුණ ගැසිණි.

”මිත‍්‍රයා මොකෝ හදිස්සිය?” වැලි කුකුළා වටුවා ඇමතී ය.

”අහස කඩා වැටෙනවා. මං රාජාලියාට ඒක කියන්න දුවනවා”

 විස්තර »

යකඩෙට මඩ බොර රිදියට පුෂ්කරා

 

රාස්සකන්දෙ හිටියෙ රාස්සයො. රාස්සයො රාස්සකන්දෙ තිබුණු ගල්ලෙන්වල ඉඳගෙන යකඩෙන් ආයුධ හැදුවා.

කැති, පොරෝ, උදලු වගේ නොයෙක් ආයුධ රාස්සයො හැදුවා. රාස්සකන්ද පහළ ගම්මානවල හිටපු ගම්මු යකඩෙන් ආයුධ හදන සාස්තරේ දැනගෙන හිටියෙ නෑ.

ඉතින් ගම්මු ගොයිතැන් බත් කරන කාලෙට හාල්, තුනපහ මලු වලට දාගෙන ගිහිං රාස්සයන්ට කන්නලව් කරනවා ආයුධ දෙන්ට කියල.

 විස්තර »

සීගිරි චිත‍්‍රවලින් නිරූපණය වන්නේ
උන්මාද චිත‍්‍රා?

 

සීගිරි සිතුවම්වලින් පිළිබිඹු වන්නේ උන්මාද චිත‍්‍රා ඇතුළු පිරිස මංගල ගමනකට සැරසෙන අයුරු බව මම මීට පෙර පුවත්පත්වලින් පළකොට ඇත්තෙමි. වරක් මහාචාර්ය සිරි ගුනසිංහ (ජුනි 01 සිළුමිණ පුන්කලස) ගේ ලිපියක ද මාගේ මතය ගැන සඳහන්ව තිබිණි.

උන්මාද චිත‍්‍රා සඟවා තැබූ එක්ටැම් ගෙය බවට සීගිරිය පිළිගත නොහැක්කේ සීගිරියේ මහජනයා ගැවසෙන තැනක් බවත් එය නැඟ යෑමට ගල් පඩි තිබෙන නිසාත් යැයි අදහසක් මහාචාර්ය ගුනසිංහ දක්වා ඇත.

විස්තර »

මහ උළුගෙයි සිට දුවට ලියයි

 

අතීතයේ ගැබ කරා දිවෙන අදීන ඉතිහාසයක් ඇති මහා භාරතය අල්ලා ගැනීම බිරිතනි රජයේ සාඩම්බරයට හේතු විය. එහි රජුන් සිය පාරම්පරික විරුදාවලින් ට අමතරව ඉන්දියාවේ එම්ප‍්‍රදෝරු වශයෙන් තවත් පට්ටමක් එකතු කර ගත්තේ මේ නිසා ය.

අද ලන්ඩනයේ සුවිසල් ගොඩනැගිලි අතර කැපී පෙනෙන ගොඩනැගිල්ලකි, ඉන්දියා හවුස්. බිරිතනි කෞතුකාගාරයට යන්න. මිසරය ළඟට එහි ඉඩ ප‍්‍රමාණයක් වෙන් කර ඇත්තේ ඉන්දියාවේ පුරා වස්තුවලටය.

විස්තර »

 අල්කයිඩා ප‍්‍රහාරය ගැන ලියැවුණු පොතට
පුලිට්සර් සම්මානය

 

ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වුණු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය අළලා ලෝරන්ස් රයිට් ලියූ ‘ද ලුමින් ටවර්: අල්කයිඩා ඇන්ඩ් ද රෝඩ් ටු 9/ 11 (The Looming Tower: Al Qaeda and the Road to 9/11) කෘතියට ප‍්‍රබන්ධ නොවන කෘති වෙනුවෙන් පිරිනමන පුලිස්ටර් ත්‍යාගය 2007 වසරේදී හිමිවිය.

ලෝරන්ස් රයිට් ගේ මෙම විශිෂ්ට නිර්මාණයට පාදක වී ඇත්තේ වසර 5 ක් පුරාවට ඔහු ඊජිප්තුව, පකිස්ථානය, සෞදි අරාබිය, ඇෆ්ගනිස්ථානය, සුඩානය, එංගලන්තය, ජර්මනිය, ප‍්‍රංශය, ස්පාඤ්ඤය සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල දී කළ පර්යේෂණ සහ සම්මුඛ සාකච්ඡා සිය ගණනකි.

 විස්තර »