.
 

මෛති‍්‍රය ඇති කරනවා වෙනුවට අප කළේ
වෛරය වපුරමින් ජාතිවාදය ඇවිස්සීමයි

 

ජී.ඩී.එල්. (ගෝනදූව හඳුන් ගේ දොන් ලක්ෂ්මන් ලීලචන්ද්‍ර) පෙරේරා ප‍්‍රවීණ නාට්‍යකරුවෙකි; එසේ ම චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ හොඳ ම වේදිකා නාට්‍ය නිර්මාණය ලෙස විචාරකයන් විසින් සලකනු ලබන ‘තොටුපළ’ නාට්‍යයේ නව නිෂ්පාදනයක් වසර 44 කට පසු යළි පසුගිය දා (ඔක්තෝබර් 12) වේදිකාගත කෙරිණි. ‘තොටුපළ’ මුලින් ම රංගගත වූයේ 1964 දී ය.

විස්තර »

‘මචං’ - අපේ සිනමාවට
අලුත් පැනෝරාමාවක්

 

ඉතාලි ජාතික සිනමාකරුවකු වන උම්බර්තෝ පැසොලිනි අධ්‍යක්ෂණය කළ ‘මචං’ චිත‍්‍රපටය ශ‍්‍රී ලාංකේය සිනමාවට අලුත් පැනෝරාමාවක් (PANORAMA) හඳුන්වාදීමක් ලෙස මම දකිමි. මේ චිත‍්‍රපටයට අන්තර්ගත වන්නේ සමකාලීන තරුණයන් ගේ නන්නත්තාර ජීවිතයයි. මේ සිනමා පටය දකිද්දී ඉහත ප‍්‍රස්තුතය ම තේමා කරගත් ‘අහස් ගව්ව‘, ‘මිල්ලේ සොයා’ වැනි චිත‍්‍රපට අපට සිහිපත් වීම වැළැක්විය නොහැකි ය.

විස්තර »

රුහුණු සිංහලයෝ යුද්ධයට සූදානම් වෙති

 

කතරගම පුරවරයේ ගොඩනැඟිලි සුන් බුන් ගොඩක් බවට පත්වී තිබිණ. ඇතැම් විහාරාරාමවල චෛත්‍ය පවා හාරා එහි වූ වටිනා නිදන් බඩු සොරා ගත් සොළීහු පූජා භූමියේ ම සුරා බී නැටූහ.

කෙත්වතු උයන්වතු පුලුස්සා කාලයකට නැවත නගරය ගොඩ නඟා ගත නොහැකි වන පරිද්දෙන් මුළු මහත් රුහුණු පුරවරය ම දවා හළු කළ සොළී හේවායෝ අහිංසක සිංහල කාන්තාවනටද හිරිහැර කළහ.

 විස්තර »

යුද විරෝධී ආකල්පය නිසා
හමුදාවට බැඳීම ප‍්‍රතික්ෂේප කළා

 

තිරනාටක රචකයකු, නාට්‍ය රචකයකු හා කතුවරයකු ද වන ලෝරන්ස් රයිට් ‘ද නිව්යෝර්ක්’ (The New York) නම් ඇමෙරිකානු සඟරාවේ මාණ්ඩලික ලේඛකයෙකි ලුසියානා නිව්ඔර්ලියන්ස් හි ටුලේන් සරසවියේ උපාධි ධරයෙකි. කයිරෝ නිව් ඇමෙරිකානු සරසවියේ ඉංග‍්‍රීසි ගුරුවරයෙකු වූ ඔහු එම සරසවියෙන් ම ශාස්ත‍්‍රපති උපාධිය ලබා ගත්තේ ය. 1971 දී ඊජිප්තුවේ කයිරෝ නුවර සිට යළි සිය රට බලා පැමිණි ඔහු වර්ගවාදී කටයුතු පිළිබඳ වාර්තාකරුවකු ලෙස පුවත්පත් කලාවට සම්බන්ධ වූයේ ය.

 විස්තර »

සැඟවීම

 

අනතුර කෙසේ සිදුවුණි දැයි මළ ගෙදරට පැමිණෙන ඥාති මිත‍්‍රාදීන් අසා, විමසා සිටිය ද උපේක්‍ෂා ඒ සියල්ල වසං කරගෙන සිටින්නී ය. මෝටර් බයිසිකලය යට කරගෙන මීගමු පාරේ ගිය කන්ටේනර් රථයක් පෑලියගොඩ මංසන්ධියෙන් තම සැමියා එලොව කැඳවා ගිය බව ඇය කාටවත් නොකීවා ට තම අතිජාත මිත‍්‍රයා ට අවසාන ගෞරවය දක්වන්න ට පැමිණි ජයනාත් එය දැනගත්තේ ප‍්‍රවෘත්ති මගිනි.

 විස්තර »

‘සෙල්ලම් නිරිඳු’ ගෙන් බේරුණු
රූමත් මුස්ලිම් තරුණිය

 

ඒ කුණ්ඩසාලේ ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු උඩරට රජ කරන අවදියයි. ‘සෙල්ලම් නිරිඳු’ ලෙස රටේ ප‍්‍රසිද්ධ ව සිටි තරුණ රජු සංගීතය, නැටුම්, ගැයුම්, සුරාව හා ස්ත‍්‍රීන් ප‍්‍රිය කළ විනෝදකාමියෙක් විය. කුණ්ඩසාලේ අගනුවර සිට තම හිතවත් ඇමැතීන් කීප දෙනකු සමඟ දෙගල්දොරුව ගල්තලාව - සිරිමල්වත්ත හරහා මහවැලි ගඟේ ලේවැල්ල තොටුපළට දිය නෑමට ඒම රජු බෙහෙවින් ප‍්‍රිය කළේය.

විස්තර »

ලංකාවේ විදග්ධ සංස්කෘතිය ‘වම’ වුණා
ජනපි‍්‍රය සංස්කෘතිය ‘දකුණ’ වුණා

 

ඒ අයගේ (ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයේ) බලපෑම වැඩියි. පොත් ලියනවා, පොත් කියවන්නේ සමාජයේ කීදෙනාද. මේක දෙයාකාරයි. එකක් දිගටම පවතින දෙයක්. මාක්ස්වාදය පිළිබඳ විවාදවලින් 50% ක් වත් පොත් ලියැවුණේ නැත්නම් නැහැ. මම ඒකයි කිව්වෙ ඔවුන්ගේ අවිය “වචනය” බව. වචනය හා පුවත්පත ඔවුන් බෙහෙවින් උපයෝගී කැර ගත්තා. ඔවුන් දක්‍ෂ ලේඛකයන්. ටෙ‍්‍රාට්ස්කි හොඳ ලේඛකයෙක්. සාහිත්‍ය විචාරකයෙක්. ලෙනින් කිව්වෙ ටෝල්ස්ටෝයි නැතිව විප්ලවය මොකක්ද කියලා.

විස්තර »

එළකිරි ‘ මචං ’

 

මා මෙය ලියන්නේ අනුරාධපුර විජේන්ද්‍රා සිනමා ශාලාවෙන් ‘මචං’ චිත‍්‍රපටය නරඹා ආ හැටියේ ය. මා සහභාගි වූයේ හයයි තිහ දර්ශනයට ය. මා සිනමා ශාලාවට යන විට පස්වරු හයයි විස්ස පමණ විය. ඒ වන විට සිනමා පටය නැරඹීමට පැමිණ සිටියේ තරුණ යුවළක් පමණි. චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීමට තරම් ප‍්‍රමාණවත් පේ‍්‍රක්‍ෂක සංඛ්‍යාවක් නොමැති බැවින් චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කළ නොහැකි යයි සිනමා ශාලා කළමනාකරු අපට දන්වා සිටියේ ය. එහෙත් තවත් පේ‍්‍රක්‍ෂකයින් පැමිණෙතැයි යන අපේක්‍ෂාවෙන් අර යුවළත් මමත් බලා සිටියෙමු.

 විස්තර »