.
 

හොඳ විදග්ධ සංස්කෘතියක් තිබේ නම් ජනපි‍්‍රය සංස්කෘතියටත් එය දැනෙනව

 

1988 දී එච්.ආර්. ජෝතිපාල ගේ මරණයත් සමඟ දැවැන්ත මාධ්‍ය කතිකාවක උපත සිදුවිය. ඒ “ජනපි‍්‍රය සංස්කෘතිය” පිළිබඳ කතිකාවයි. එහි ආරම්භකයා වුයේ ආචාර්ය සරත් අමුණුගම යි. එදා ජනපි‍්‍රය සංස්කෘතිය යෝජනා කළ ඊට පක්‍ෂව කතා කළ ඔහු ඊට අවුරුදු 20 කට පසු ජනපි‍්‍රය සංස්කෘතියට එරෙහිව විදග්ධ සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින්නට තීරණය කොට ඇත. එහි ආරම්භක වෙඩිමුරය පත්තු වූයේ කරු පරණවිතාන ගේ “සිවු වැනි ආණ්ඩුවේ දේශපාලනය “ කෘතියේ දොරට වැඩුම නිමිතිකොට පැවැත්වූ දේශනයේ දී ය.

විස්තර »

ජීවමාන යි ආදර්ශය සදාතනිකයි

 

ලේඛකයෙක්, වෛද්‍යවරයෙක්, ගරිල්ලා නායකයෙක්. දේශපාලනඥයෙක්, යුද න්‍යායාචාර්යවරයෙක්, මාක්ස්වාදී විප්ලවවාදියෙක්. මේ සියලු භූමිකා එක් පුද්ගලයකු තුළ අඩංගු විය හැකි ද? පසුගිය සියවසේ ලොව පහළ වූ අපූර්වතම මිනිසකු හේතුවෙන් ඉහත පැනයට ‘ඔව්’ යන පිළිතුර ලබාදිය හැකියි. ඔහු අර්නස්ටෝ ගුවේරා ලා සෙර්නා. නැතහොත් නම කියු පමණින් ලොව ම හඳුනන ‘චේ’. මේ අරුම මිනිසා තම කෙටි ජීවිත කාලයේ දී ඉහත කී භූමිකා සියල්ල එකවර රඟ දැක්වුවා. චේ උපත ලැබුවේ 1928 ජුනි 14 වැනිදා. ඔහු ගෙවූ ජීවිතයේ අවසානය සනිටුහන් වන විට ඔහුගේ වයස අවුරුදු 39 යි..

විස්තර »

නම්බුකාර විදියට වයසට යන්නෙ මෙහෙමය

 

‘නම්බුකාර විදිහට වයසට යන්නේ කොහොමද”, යම් අයකු ඔබ ගෙන් විමසුව හොත් ඔබට ඊට දිය හැකි පිළිතුර කුමක් විය හැකි ද? වත්මන් වැඩිහිටි පරපුර මීට පෙර වැඩිහිටි පරම්පරා මෙන් නොව තම දරුවන්ගේ ශාස්ත‍්‍රාලීය අධ්‍යාපනය පිළිබඳ උදෙක් ම උනන්දුවක් දක්වයි. ඊට හේතුව ලෙස මා දකින්නේ එක් පසෙකින් තම දරුවාගේ අනාගත අභිවෘද්ධියයි. තවත් අතකින් තම පවුලේ සහ පරම්පරාවේ සමාජ පන්තිය උස් තලයකට සේන්දු කර වීමයි. දෙවැනුව ඔවුන්ගේ අවධානය හොඳ මිනිසුන් බිහි කිරීම දෙසට ද ඉතා තීව්ර ලෙස යොමු වී තිබේ.

 විස්තර »

ආදරය, වියෝ දුක ගැන කියන කවි පොතට

 

කාව්‍ය නිර්මාණ සඳහා සම්මාන ලත් සුවිශේෂී ලේඛකයන් අතරින් ‘ෆිල්ප් ෂුල්ට්ස්’ අමතක කළ නොහැකි ය. ඔහු 2008 වසරේ කාව්‍ය නිර්මාණ සඳහා වූ පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබුවේ සිය ‘ෆේලියර්’ නම් වූ කාව්‍ය සංග‍්‍රහය සඳහා ය. ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨ කවියකුගේ අනර්ඝ වූ නවතම කාව්‍ය එකතුවක් මල් පල ගැනීමේ අවස්ථාව එය විය.හැත්තෑව දශකයේ නිව්යෝක් නගරයේ පවුල් පසුබිම ඇසුරෙන් එහි අතීත මතක සටහන් උද්දීපනය කිරීමට සමත්වන මේ කාව්‍ය සංග‍්‍රහයෙන් කතුවර ෆිලිප් ෂුල්ට්ස් පවුල් සංස්ථාව අභ්‍යන්තරයෙහි ඇතැම්විට ඇතිවන උද්වේගකර ගැටලු ගෙනහැර දක්වනවාට වඩා ඒවාට ලබාදිය හැකි ක‍්‍රමික විසඳුම් පෙන්වා දෙමින් කාව්‍යකරණයෙහි නියැළී ඇත.

 විස්තර »

අඹ ගසේ කුරුල්ලා

 

ඉරිදා මගේ විවේක දිනයයි. වාසනාව මට කරුණාව දක්වා නැත. මගේ වයස අවුරුදු හැටක් වුවත් මගේ පවුලේ අවම අවශ්‍යතා ඉටු කිරීම සඳහා සතියේ දින හයක් ම වෙහෙස වී වැඩ කිරීමට මට සිදුවී ඇත. මීට සත් වසරකට පෙර පිරිමි ළමයි තුනක් සහ ගැහැණු ළමයි හතරක් මට ඉතිරි කර මගේ බිරිඳ අප අතහැර ගියා ය. මගේ ආදායම ප‍්‍රමාණවත් නොවන බව හැමවිටම මට පෙනී ගියේ ය. මගේ වැඩිමහල් දියණිය සහ ඉන්පසු වැඩිමහල් පුත්තු දෙදෙනා ද ජීවත්වීම සඳහා ඉපයීමේ යෙදුණ හ. මගේ පවුලේ බරින් සෑහෙන කොටසක් ඔව්හු ඉසිලූ හ.

 විස්තර »

සිංහල නවකතාවේ පරිහානියට හේතුව ලේඛකයන් ගේ දාර්ශනික දුප්පත්කමයි

 

පසුගිය ඔක්තෝබර් 26 ඉරු දින ‘සිළුමිණ’ ‘පුන්කලස’ අතිරේකය සමඟ සංවාදයක යෙදෙමින් මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා සහ ලේඛක සමරවීර විජයසිංහ දක්වා තිබූ අදහස් සිංහල නවකතාව දැනට පත්වී ඇති අගාධ කුමක්දැයි හෙළි කිරීමට තුඩු දෙයි. වයංජාත’ ස්වර්ණ පුස්තක සම්මානය සඳහා ඇගැයීමක් වූයේ සංසන්දනාත්මක ව බව මහාචාර්ය ටෙනිසන් පෙරේරා පවසා ඇත. තිබුණු නවකතා අතරින් හොඳ ම නවකතාව එය බවක් මිස එය මුළුමනින් ම ප‍්‍රශස්ත යයි කීම ට හැකියාවක් තිබී නැත.

විස්තර »

සුභාවිත වින්දනය නැති වුණොත් සියලු සුන්දර දේවල් අපෙන් ඈත්වේවි

 

දහ අටවන සියවස අග දී ඇරැඹුණු නාඩගම් කලාව ආශ‍්‍රිත ව බිහි වූ බව කියැවෙන සිංහල ගීතය නූර්ති යුගයේ දී වැඩි රසික ප‍්‍රසාදයක් දිනා ගත්ත ද එය කේවල කලාංගයක් ලෙස ගොඩනැඟෙන්නේ එම යුගයෙන් පසු බිහිවෙන ග‍්‍රැමෆෝන් යුගයේ දෙවන භාගයේ දී ය. ප‍්‍රථම වරට සිංහල ගීතය විද්‍යුත් මාධ්‍ය හා මුසුවන්නේ 1924 ජූනි 27 දා ලංකා ගුවන් විදුලි සේවය ඇරැඹීමත් සමඟිනි. දිගු ඉතිහාසයක් සහිත සිංහල සුභාවිත ගීත කලාවේ ස්වර්ණමය යුගයක් ලෙස හැඳින්විය හැකි 70 දශකයේ දී ගුවන් විදුලියේ සරල ගී ගායනය ට එක් වූ සුනිල් එදිරිසිංහයන් විසින් ඒ යුගයෙහි දී ගැයුණු විශිෂ්ටත ම ගී සමුච්ඡයක් රෝහණ වීරසිංහයන් ගේ නව සංගීත සංයෝජනයෙන් නැවත ප‍්‍රතිනිර්මාණය කරමින් “වාදකයාණෙනි” නමින් සංයුක්ත තැටියක් පසුගියදා නිකුත් කෙරිණි.

විස්තර »

සටන් බිමෙන් පලායෑම උපාය මාර්ගයක් කරගනී

 

හා විජයබාහු නමින් රුහුණේ රජ බවට පත් කීර්ති කුමරා තෙළෙස් වියේ පටන් රුහුණේ මොරවක් කෝරලයේ පනාකඩුව බිම් පියසේ රැකවරණ ලැබූ බව දැනට හමුවී ඇති ශිලාලේඛනවලින් පැහැදිලිය. 1948 දී බෝගහදෙණිය නම් කුඹුරේදී ගොවි මහතකුට හමුවූ පනාකඩුව තඹ සන්නස පුංචි කාලයේ තමා රැක සිටි වීරවරයා සිත්නරු බිම් බුදල්නා හෙවත් බුද්ධරාජ හා එම පවුල වෙනුවෙන් යම් යම් ප‍්‍රදානයන් කළ රාජ ආඥාවක් සහිත එකකි.

 විස්තර »