.
 

මාර්කේස්ලා, කුන්දේරාලා දන්න අයඅපේ ඩබ්ලිව්. ඒ. සිල්වා හඳුනන්නේ නැහැ

 

පසුගිය දිනවලදී වැඩි වශයෙන් කතාබහට ලක්වූයේ සම්මාන උළෙල කිහිපයක දී සම්මාන දිනූ නවකතා පිළිබඳව ය. සිංහල නවකතාවකින් පිටපත් දහසක්වත් විකුණාගත නොහැකි කාලයක එවැනි වූ පිබිදීමක් ඇතිවීමට හේතු සාධක වූයේ ද එකී සම්මාන ප‍්‍රදානයන් විය හැකි ය.

විස්තර »

ජියෝවැන්නි ඇන්ටෝනියෝ කැනාලෙටෝ

 

වැනිස් නුවර සිටි අති දක්ෂ නාට්‍ය තිර සිතුවම් ශිල්පියෙක් ලෙස මොහු ප‍්‍රකට වී සිටියේ ය. ඔහුගේ ගුරුවරයා වූයේ මුලින් ම තම පියා ය.

ඒ අනුව ඔහු මුලින් ම සිතුවම් කළේ නාට්‍ය ශාලාවල පිළි සිත්තම්වලට යොදන දර්ශන (SCENERY) වේ.

1723 වනවිට මේ චිත‍්‍ර ශිල්පියා කෘතහස්ත ලෙස සායම් භාවිත කිරීමෙන් සිතුවම්වලට ප‍්‍රභාසම්පන්න බවක් (LUMINOSITY) දී එළිය හා අඳුර යොදා සංසන්දනයක් (CONTRAST) කිරීමේ ශූරයෙකු විය.

විස්තර »

නොගැලවෙන මුල්

 

ම ජනේලය විවෘත කළෙමි. සීතල සුළං කඳක් ගෙතුලට කඩා වැදුණි. මම නව පණක් ලදිමි.

ඇඟ ඇතුලේ හිරවී තිබු ගිනි කඳක් නිවී ගියා මෙන් මට දැනුණි. දැඩි හිරු රැස් මගේ ශරීරය පමණක් නොව සිත්සතන් ද ගිනියම් කරමින් හිස් කබල පවා පුපුරා යන තරම් වේදනාවක් දෙමින් සිටියදී ඊට හරස් වෙමින් වරින් වර ඇද හැලුණු පොද වැස්ස ටික වෙලාවකට නැවතී තිබුණි.

වැඩි වේලා නොගොස් මුළු පරිසරය ම සිසිල් කරමින් යලිත් වැසිදිය ඇද හැලෙනු ඇත.

 විස්තර »

අඩ ස‍ඳේ කතාව

 

ඉතා ඈත කාලයක ඈත ගම්මානයක අනාථ තරුණයෙක් වාසය කළේ ය. ඔහු නිතර කාලය ගත කෙළේ කාන්සියෙනි.

මාවත්හි ඉබගාතේ ඇවිද යමින් අහස දෙස බලමින් ඔහු මෙසේ සිතී ය.

අහස කියන්නේ ඉතා ඉහළ උසස් තැනක්. එහි රැජන වන හිරු කුමරිය හරි ම බලවත්. ඈ වෙත යන්නට හැකිනම් ...”

මේ සිතිවිල්ල හිරු කුමාරිය ට වැටැහිණි.

’මොන තරම් යස තරුණයෙක් ද ? ඔහු හිමිකර ගන්නට ඇත්නම් ‘ හිරු කුමාරි මේ වෙනුවෙන් විසල් අහසේ සහාය පැතුවා ය.

 විස්තර »

මාස්ටර් ගිහින් එන්නි

 

සංගීත ඇදුරන් විසින් සංගීතය, ශුද්ධ සංගීතය (PURE MUSIC) හා ව්‍යවහාරික සංගීතය (APPLIED MUSIC) යනාදි වශයෙන් කොටස් දෙකක ට බෙදා දක්වනු ලබයි.

ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස හෙවත් කේමදාස මාස්ටර් මෙම සංගීත ධාරාවන් දෙකේ ම වෘත්ති ම ය වශයෙන් නිමග්න වෙමින් මෙරට තුළ සම්භාව්‍ය සංගීත සම්ප‍්‍රදායයක් ගොඩනැංවීමට ගත් උත්සාහය අපේ අප‍්‍රමාණ ප‍්‍රශංසාවට ලක්විය යුත්තකි.

මුලින් ම ව්‍යවහාරික සංගීතය ඔස්සේ ඔහු කළ කාර්යභාරය විමසා බලමු.

 විස්තර »

දෙවඥයකුගෙන් අනාවැකියක්

 

හිරු අහසේ ගිනිගනිමින් තිබිණ. තුරු වදුලින් සෙවණ වූ තැනෙක ගල්තලාවක් මත වැතිර එදෙස බලා සිටි කීර්ති කුමරාට මෙසේ සිතිවිල්ලක් නැඟිණ. හිරු තමා ගිනි ගන්වාගෙන ලෝකයේ අඳුර පලවා හරියි. මේ තුරු මුදුන් අව්වට වියළී පහළ වූ කුඩා තුරු ලතා පද්ධතියට සෙවණ සලසයි. අනාගතයට වැඩකිරීම ස්වභාව ධර්මයේ. . . .  .

විස්තර »

ශේක්ස්පියර්ගේ ගම්මානය

 

ශේක්ස්පියර් අද ඉතිහාසයට එකතු වී ඇත්තා සේ ම ඔහුගේ ගම්මානය ද ඉතිහාසයට එකතු වී ඇත. 17 වැනි ශත වර්ෂයේ එංගලන්තයේ ඇති වු අති දරුණූ සිවිල් යුද්ධයේ එක් යුද බිමක් වී ඇත්තේ එම ගම වටා නැගි ගත් කදු වැටි යයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැකීමට රජකු සිය හිස බිල්ලට දුන්නේ මේ යුද්ධයෙනි. ඔලිවර් ක්‍රොම්වෙල් සිය සමූහාණ්ඩු ක‍්‍රමය එංගලන්තයේ ටික කලකට පවා අත්හදා බැලුවේද මෙම යුද්ධයෙන් පසුවය.

විස්තර »

දේවාර් සූර්යසේන සිංහල ජන ගීතයේ
පුරෝගාමි පර්යේෂකය

 

රම්පරික සිංහල ගැමි ගීතය කෙරෙහි විද්වත් අවධානය යොමු කළ, එය පුරෝගාමි පර්යේෂණය ට ලක්කළ පළමුවැනි ශී‍්‍ර ලාංකේ ය සංගීතවේදියා ලෙස ඓතිහාසික ගෞරවයක් හිමිකර ගන්නේ දේවාර් සූර්යසේන යැයි මම සිතමි.

ඔහු විසින් එම කාර්යභාරය ඉෂ්ට සිද්ධ කරන ලද්දේ යටත් විජිත යුගයේ සමාජ හා සංස්කෘතික සන්දර්භයක දී වීම විශේෂත්වයකි. දේවාර් සූර්යසේන මෙරට ජාතික නිදහස් සටන් ව්‍යාපාරයේ කැපී පෙනෙන නායකයකු වූ සර් ජේම්ස් පීරිස් ගේ පුත‍්‍රයෙකි.

 විස්තර »