.
 

මගෙ හැම නවකතාවක ම
වීරයෙක් ඉන්නවා

 

මම මේ කතාව ලියන්නේ 19 වැනි සියවසේ අගභාගයේ හා 20 වැනි සියවසේ මුල භාගය අතර කතාවක් ලෙසින්. ඒ කියන්නේ පෙර වකවානුවක් පිළිබඳව. මම මෙහිදී උත්සාහ කළේ නැහැ, අලුත් ආකෘතියකට යන්න. මම මේ කතාව ලිව්වේ මට ලියන්න පුළුවන් සීමාව ඇතුළේ සිට. මට ආකෘතිමය වෙනස් කිරීමක් ඇත්තටම ඕන වුණේ නැහැ.

විස්තර »

පුලුන්

 

කොට්ට ගසේ උදාරම් භාවයත්, එහි ම ඵලයක්ව විසිර යන සුළං රොදක සැහැල්ලුවත් ගැන හිතන්නට සාගරිකාට ඉස්පාසුවක් තිබුණේ නැත. උදේ හවස පුලුන් අහුලන අතරතුර ඇය හිස නඟා ඉහළ බලන්නට ද උත්සුක නොවූවාය.

පුලුන් ගෙඩි ද පුලුන් කැටිති ද හැකිතාක් ඉක්මණින් අහුලා ගැන්ම ඇගේ එක ම අභිප‍්‍රාය විය. කොට්ට කීයක් සකස් කළ හැකි වේද යන්න පිළිබඳව නම් ඇය උවමනාවටත් වඩා කරදර වූවාය. .

විස්තර »

උස් පිළේ සිට

 

සීතාවක රජ කළ මායාදුන්නේ මහ රජතුමාගේ බාල පුත් කුමාරයා ‘ටිකිරි බණ්ඩාර. ටිකිරි බණ්ඩාර කුමාරයා කටේ කිරි සුවඳ යන්නටත් කලින් සටනට ගියා.

සටනට ගිහින් වීදියේ බණ්ඩාර පරාජය කළා. ටිකිරි කුමාරයා ගැන රට්ටු ආඩම්බරයෙන් කතා කරන්නට පටන් ගත්තා.

ටිකිරි කුමාරයාට ‘රාජසිංහ’ කියා නම් තැබුවෙත් රටේ මහා සේනාව. මායාදුන්නේ රජතුමාට තමන්ගේ පුත් කුමාරයා ගැන ආඩම්බරයි

 විස්තර »

උතුරු රුසියාවේ ජනශ‍්‍රැති
ඊවෙන්ක් සුරංගනා කතාවකි

 

උතුරු රුසියාවේ දැඩි හිම පතනය සහිත ඈත බිම්වල තැනුණු කුඩා කූඩාරම් හි පවුල් සිය ගණනක් වාසය කළහ.

මෙවන් එක් ගම්මානයක් අසල නරියෙක් ද විසී ය. මේ නරියාට ඉතා ඈත ගංගාවක් සහිත පෙදෙසකට යෑමේ හදිසි අවශ්‍යතාවක් මතුවිණි.

ඌ ඒ සඳහා පහසු මඟක් සොයමිනි සිටියේ. කල්පනාවේ පසුවන නරියා ගේ සිතට කපටි සිතිවිල්ලක් ආවේ ය.

 විස්තර »

“කරුණාකර මේ ණය පියවා දමන්න”

 

බි‍්‍රතාන්‍ය ජාතික යුද හමුදා ශල්‍ය වෛද්‍යවරයකු හට දාව ප‍්‍රංශ ජාතික මවක කුසින් උපත ලැබූ ෂෝන් - මරී ගුස්ටාව් ලේ ක්ලෙසියෝ (Jean - Marie Gustave Le Clezio) ගේ උපන් දිනය ලෙස සටහන් වී ඇත්තේ 1940 වර්ෂයේ අපෙ‍්‍ර්ල් මස 13 දා ය. එවකට ඔවුන් පදිංචි වී සිට ඇත්තේ මුරුසි දිවයිනේ යි.

 විස්තර »

කවියාගේ භාෂා පරිචය වර්ධනය වන්නේ කාලානුරූපීවයි

 

වසන්ත ප‍්‍රියංකර නිවුන්හැල්ල

සන්ත ප‍්‍රියංකර නිවුන්හැල්ල රජ රටේ මිනිසුන්ගේ හෘද ස්පන්දනය සියුම් ව කවියට නගමින් සිංහල කාව්‍ය ක්ෂේත‍්‍රයට අවතීර්ණය වූ නව පරපුරේ තියුණු සංවේදී කවියෙකි.
කැ/නෙලදින්නත්වැව මහා විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස සේවය කරන වසන්ත ගේ ‘සමනල කන්ද’ හා ‘සිතක උපන් කවි’ කාව්‍ය සංග‍්‍රහ පිළිබඳවත් වත්මන් කවිය පිළිබඳවත් ඔහු හා කෙරුණු සංලාපයකි මේ.

විස්තර »

සදාතනික විරහාලාප

 

රහ’ සහ ‘අලාප’ යන පද ද්විත්වය සන්ධි වීමෙන් විරහාලාප යන්න සෑදී ඇත. මෙහි ‘විරහ’ යන්න ශබ්ද කෝෂ කතුවරුන් අර්ථ දක්වා ඇත්තේ වියෝගය, නැතිවීම, පි‍්‍රයයාගෙන් වෙන් වීම වියෝගයේ දී ඇති වන ආදර මූලික හැඟීම ආදී වශයෙනි. ‘ආලාප’ යන්නට කථාව, විලාපය යන අරුත් සපයා ඇත.

ඒ අනුව විරහාලාප යන්නෙහි සමස්තාර්ථය ලෙස ‘පි‍්‍රයයාගෙන් වෙන් වීමෙන් ඇති වන ශෝකය නිසා නඟන්නා වූ විලාපය’ යන්න ගත හැකි ය.

විස්තර »

සාහිත්‍යයට පුළුවන් සමාජය වෙනස් කරන්න

 

ඒසම්මානනීය ලේඛිකාව ඩොරිස් ලෙසිං ගේ තුන්මහල් තට්ටු නිවස පිහිටියේ ලන්ඩනයේ කිල්බන් කඳුමුදුනේ මනරම් ස්ථානයකය. කලබලකාරී නාගරික පරිසරයෙන් මිදුණු සුන්දර ගැමි පෙදෙසක පිහිටි ඒ නිවස කරා මා ගියේ සොම්නස් හැඟීමෙනි.

එදා ලන්ඩනයට දීප්තිමත්, සිසිල් නැවුම් දවසකි.තුන්මහල් නිවෙසේ උඩම තට්ටුවේ වූ විශාල කාමරය ඇගේ කෑම කාමරය හා කන්තෝරු කාමරය ද විය.

 විස්තර »