.
 

චිත‍්‍රපටයක් පරිපූර්ණ වෙන්නේ පෙ‍්‍ර්ක්ෂකයාගේ පරිකල්පනයත් එක්කයි 

 

සිනමාව අධ්‍යක්ෂවරයාගේ කලා මාධ්‍යයක් ලෙස ඔබ නිසැකවම පිළිගන්නවා ඇති. සිනමාවේ කලාත්මක ප‍්‍රකාශනය යනු අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික දේපළක්ය යන ප‍්‍රංශ මතවාදයත් එක්ක ඔබ සපුරා එකඟයි කියා මා සිතනවා.වේදිකාව නළුවන්ගේ මාධ්‍යයක් බවත් ටෙලිනාට්‍ය රචකයන්ගේ මාධ්‍යයක් බවත් සාමාන්‍යයෙන් පිළිගැනෙනවා.

විස්තර »

කොත්මලේ ගණිතයා සහ පොන්නානැකැත්තා යනු එක් අයෙක්මද?  

කොත්මලේ ගණිතයා නමින් ප‍්‍රසිද්ධ වූ පොන්නා නැකැත්තා’ ආදී වශයෙන් පී.බී.කෙහෙල්ගමුවේ මහතා කොත්මලේ ගණිතයා හා පොන්නා නැකැත්තා
සමහර තැනෙක එක් අයකු වශයෙන් පෙන්වයි. (කොත්මලේ පුරාවෘත්ත 104 පිට) මේ අයුරින් කොත්මලේ ඉතිහාසය පිළිබඳ සටහන් කරන කෙහෙල්ගමුවේ මහතා කොත්මලේ පුරාවෘත්තයෙහි දුටුගැමුණු කාලයේ දී පොන්නා සිටි බවක් ද ලියයි.

විස්තර »

තුවක්කු ගත් සියුමැලි දෑත්  

ඇමරිකානු යුද්ධය සම්බන්ධයෙන් වූ හැම කතාවක්ම වියට්නාම් කාන්තාවන් කීවේ එක්තරා ලෙසකින් අසම්පූර්ණ ලෙසයි. මහාචාර්යන්ගුයෙන් කියුමක් ඩන්ග් යුද ඉතිහාසයේ සේම, යුදයේ පළපුරුදු හා කාන්තා එකමුතු ව්‍යාපාරයේ අමතක කළ නොහැකි නමකි. මෙම කාන්තා එකමුතුවේ යුද්ධයේ සහභාගිත්වය 1965 න් පසුව ජය හා පරාජය අතර වූ සමබරතාව රැකගැනීමට සමත් විය.“එය ඇමරිකානු ගුවන් නියමුවන් ගේ විශාල ශක්තිමත් ගුවන් යාත‍්‍රාවල බලය මැඩ පවත්වන්නක් විය. පුංචි බට සහිත 12ට මි.මි. ගුවන් නාශක අවිවලින් වියට්නාම් කාන්තාවන් කළේ සමාන්‍ය දෙයක්. කාන්තාවන් තමන්ගෙ සියුමැලි අත්වල රැඳි පුංචි තුවක්කු වලින් වෙඩි තබමින් බෝම්බවලින් ඇතිවන විනාශය අවම කළා.

 විස්තර »

කඩවුණු පොරොන්දුව

 

බොහෝ ඈත කාලයක කුත්ක් නමින් මිනිසෙක් විසී ය. ඔහු ගේ බිරිය විත්ති ය . දෙදෙනා ජීවත් වූයේ මසුන් මැරීමෙනි. දිනක් කුත්ක් සරු මත්ස්‍ය අස්වැන්නක් නෙළා ගෙන සිය හිම කරත්තය මසුන්ගෙන් පුරවාගෙන නිවෙස බලා එමින් සිටියේ ය.

හිම මත ලිස්සා යන සේ සකස් කර තිබූ ඒ කරත්තය ඇද්දේ සීල් මත්ස්‍ය යුවළකි.”ඉක්මනින් ගෙදර යමු. වේගයෙන් දුවන තරමට අතරමඟ දී ප‍්‍රණීත කෑම ලැබේවි “ කුත්ක් සීල් මසුන් අමතා කීය.ඒ මත්ස්‍යයෝ සිය වේගය දෙගුණ කළහ. රිය ඉක්මනින් නිවෙස බලා ඇදෙමින් තිබිණි.

 

 විස්තර »

කරුණාදාස සූරියආරච්චිගේ අලුත්ම නවකතාව

 

”ඈ තමාවම සොයමින් සැරිසරන්නට වූවාය. අවසානයේදී ඇයට තමා ව පමණක් නොව, තමාට උරුම ජීවිතය ද මුණගැසිණි. ඒ ආකාසයේ දී නොව මහපොළොව මතදීය. කෙනකුට තමාව මුණගැසෙන්නේ අනාගත අන්තයකදී නොව අතීතයේ මුල් ම තත්පරයේ දී බව ඈ වටහා ගත්තාය.
 

 විස්තර »

 ‘සැරසිල්ල’

 

මට පාලිත ගැන දුකක් ඇති වූයේ ඔහුගේ සැරසිල්ල ඉක්මනින්ම ගලවා ඉවත් කිරීමට සිදුවූ නිසා විය යුතුය. පොසොන් පොහොය දාට පසු දිනම මෙම සැරසිල්ල ඔහු විසින්ම ගලවා ඉවත් කරන ලද්දේ, සිතට කෙසේ හෝ සහනයක් ලබා ගැනීමට යයි මට සිතිණි. ගලවා ඉවත් කරන ලද, විශාලම අට පට්ටම් කූඩුවේ, අලවා තිබු ‘මාර පරාජය’ දෙස පාලිත බොහෝ වේලාවක් බලා සිටියේ, ඇයි දැයි මට වටහා ගැනීමට අසීරු විය. ඇතැම් විට ඒ ගැන මට ද උවමනාවක් නැත.

විස්තර »

‘පොළොවේ පෑයූ තරු ඔබත් දුටුවාද?’

 

සාක්ෂියක් ලෙස හමුවන පැරණිම නිර්මාණය වන්නේ නිහඬ චිත‍්‍රපටයක් වූ මොරිස් ටුවන්‍යර් විසින් අධ්‍යක්ෂණය කරන ලද The Blue Bird චිත‍්‍රපටයයි. ඒ 1918 වසරේදීයි. ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ හි ආදි කොටිට් ගෝති‍්‍රක ජනයාගේ ජනශ‍්‍රැතික ආභාසයෙන් බිඳී ආ නිල් කුරුල්ලා මිත්‍යා ප‍්‍රබන්ධය ඇසුරු කොට ගෙන නිමැවුණු එකී ළමා චිත‍්‍රපටයෙන් අනතුරුව මෙම 2008 වර්ෂය දක්වා වූ වසර අනූවක පමණ කාලය පුරාවට ලෝකයේ සිනමා රසිකයන් අත්දුටු ළමා චිත‍්‍රපට ගණන සුළුපටු නොවේ.

 

විස්තර »

කවියේ තේරුම මත මා රැඳෙන්නේ නෑ

 

තරුණ ඇමෙරිකානු කවියෙකි. ඔහුගේ නිර්මාණ සම්බන්ධයෙන් ප‍්‍රකට ඇමෙරිකානු කිවි ලැංග්ස්ටන් හියුස් ගේ සහ ජින් මයිකල් ගේ කලා නිර්මාණ බලපා තිබේ. හාවඩ් උපාධිධරයකු වන ඔහු පශ්චාත් උපාධිය බ‍්‍රවුන් සරසවියෙන් ලැබීය. අපි‍්‍රකා - ඇමෙරිකා සාහිත්‍ය සම්බන්ධයෙන් ඔහු වඩාත් උනන්දුය. කෙවින්ගේ කාව්‍ය නිර්මාණ කිහිපයක්ම ප‍්‍රකාශයට පත්වී ඇත. ඇමෙරිකානු පුස්තකාලය මඟින් ප‍්‍රකාශයට පත් කළ තෝරාගත් කාව්‍ය එකතු කිහිපයක සංස්කාරක වශයෙන්ද අලුත්ම කෘතිය වන බ්ඥතතර අධතත (2003) ජාතික ග‍්‍රන්ථ සම්මාන අවසන් වටයට තේරිණ. මේ වන විට ඔහු ඉන්දියානා සරසවියේ කාව්‍ය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස සේවය කරයි.

 විස්තර »