.
 

සිංහල, දෙමළ ජාතීන් දුරස්වීමට
ඉංගි‍්‍රසි පාලන සමය බලපෑවා 

 

ඉන්දියානු ඉගැන්වීම් අනුව නම් ඉතිහාසය කියන විෂය වේද පහෙන් එකක්. එතරම් වැදගත් විෂයක් ලෙසටයි ඔවුන් ඉතිහාසය සැලකුවේ, ඒ වාගේම “රාජතරඩ්ගිණිය” කියන කාශ්මීර ඉතිහාස ග‍්‍රන්ථය ලියන කල්හණ පඩිවරයා කියලා තියෙනවා අතීතයේ සිදුවූ දෙයක් විචාරශීලීව යමෙක් කියනවානම් ඔහු තමා නියම ඉතිහාසඥයා කියලා.

විස්තර »

කියැවීමට මාසයක් වෙන් කිරීම

නතර කළ හැකිනම් හොඳයි

 

2004 වසරේ සිට ජාතික පුස්තකාල සහ ප‍්‍රලේඛන මණ්ඩලයේ ඉල්ලීමට අනුව රජය ඔක්තෝබර් මාසය කියැවීමේ මාසය ලෙස නම්කර ඇත. ඒ පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයයේ පුස්තකාල විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති, ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය එම්.කේ.වීරසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය.

විස්තර »

ඉතිහාසයේ අවිද්‍යාව සහ ක්ලියෝපැට්රා ගේ දිගු නැහැය  

ඉතිහාසය සාහිත්‍යයක් නොවේ, එය විද්‍යාවකියි” යන මතය ගෙනහැර පාමින් මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර පසුගියදා මලික් චමින්ද ධර්මවර්ධන සමඟ අදහස් දක්වා තිබූ සංවාද සටහන කියැවීමෙන් ද ඊට සති කීපයකට පෙරාතුව එම සංවාද පිටෙහි ම සුමුදු චතුරාණි ජයවර්ධන සමඟ මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න දක්වා තිබූ අදහස වූ “වර්ගවාදී මිත්‍යාව නිෂ්ප‍්‍රභ කරන්න පුරාවිද්‍යාවට පුළුවන්” නම් ලිපිය කියැවීමෙන් එක්රැස්වූ අදහස් මෙම රචනාවට මූලික ලෙසම පාදක වෙයි.

 විස්තර »

ඉසබෙල් අයියන්දේ ආදරය බෙදා දෙන මානව වාදී ලේඛිකාව

 

මිනිසුන් විවිධයි. විසමයි. එය හොඳට , නරකට දෙකටම පොදු කරුණක්. නරකට වඩා අපි කැමැති හොඳ ගැන හිතන්න. ඒත් මිනිස්සුන්ගේ මේ විවිධවූත් විසමවූත් ගතිගුණ නොපැවතියානම් ලෝකය කොතරම් නීරස තැනක් වේවිද? මට හිතෙන්නේ සෑම මනුෂ්‍යයෙක් සතුවම අගය කළ යුතු කිනම් හෝ ගුණාංගයක් තිබෙන බවයි.

 විස්තර »

ලෝ පසිඳු සිත්තරු XXV

 

රැම්බ‍්‍රෑන්ට් ලොව මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨ චිත‍්‍ර ශිල්පියා ලෙස හැඳින්විය හැකි ය.කි‍්‍ර.ව. 1606 ජූලි මස 15 වන දින ඕලන්දයේ ලීඩන් නගරයේ ධනවත් ධාන්‍ය මෝල් හිමියකුට දාව මේ චිත‍්‍ර ශිල්පියා උපත ලැබී ය. කි‍්‍ර.ව. 1620 දී ඔහු ලීඩන් සරසවියට ඇතුළු වී චිත‍්‍ර කලාව ගැන දැනුම පුළුල් කර ගත්තේ ය.

 විස්තර »

ඉසුරුමුණිය තන්ත‍්‍රයානිකයන්ගේ
මධ්‍යස්ථානයක් ද?

 

අනුරාධපුර යුගය පුරා රාජකීය අනුග‍්‍රහය ලද කි‍්‍ර.ව. 5 වැනි සිය වස දක්වා ථෙරවාදි මහා විහාරීය භික්ෂුන්ගේ ආරාමයක්ව පැවති ඉසුරුමුණිය එතැන් සිට මහායාන නිකායික භික්ෂුන්ගේ ආරාමයක් වූ බව පෙනේ. විශේෂයෙන් ම මහායානයට අයත් තාන්ති‍්‍රක භික්ෂුන්ගේ ආරාමයක් වූ බව පෙනී යයි.

විස්තර »

නිදහස් ස්වර්ණ ජයන්තියේදී වත් තමා හැදූ සෙංකෝලය නොදුටු .  . .

 

පාරම්පරික සිංහල කලා හා මෝස්තර පිළිබඳ මෙරට සිටි ඉහළම විද්වතා එස්.පී. චාර්ල්ස් යැයි අවිවාදිතය. ඔහු ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පියකු, පාරම්පරික බිතුසිතුවම් පිටපත් කළ සංරක්ෂකයකු ලෙස හඳුන්වා දෙත හැකිය. පාර්ලිමේන්තුවේ සෙංකෝලයේ සැලසුම්කරු වූ ඔහු දැනට භාවිත මෙරට ජාතික කොඩියේ නිර්මාතෘවරයා ද වූයේය.

විස්තර »

චීනය හෙල්ලූ කඩදාසි කොටියා

 

චීනයේ හයිනෑන් පළාතේ සිට බීජිං නුවර බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි මගියෙකි. කාන්සිය දුරු කැර ගැනීමට සිතූ හෙතෙම ගුවන් සේවිකාවකට කතා කෙළේ ය. ”කියවීමට යමක් තිබේ ද? “ යි හේ ඇසුවේ ය. ගුවන් සේවිකාව ඔහුට ‘Chinadaily’ පුවත්පතක් ගෙනැවිත් දුන්නා ය. ඒ වනාහී චීනයේ ඉංගිරිසි බසින් පළ කැරෙන එකම දිනපතා පුවත්පතයි. මේ කාලයේ දී චීනය පුරා ඔලිම්පික් ජ්වරය උත්සන්න වෙමින් තිබිණි. ඒකත් එකටම පුවත්පතේ පිටු පුරා ඔලිම්පික් තොරතුරු ගහණ ව ඇතැයි සිතු මගියා උදාසීන ලෙස මුල් පිටුව දිග හැර ගත්තේ ය.

 විස්තර »