.
 

කලාව ආරක්ෂා කිරීමට
නායකත්වය දෙනවා

 

මානව විද්‍යාඥයකු වශයෙන් නෙවෙයි, ගැමියෙක් විදිහට මං ජීවත් වුණේ කලාව කියන එක ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් හැඟෙන පරිසරයක. නැටුම්, ගැයුම්, වැයුම් කියන දේවල්, කැටයම් ශිල්පය, මූර්ති ශිල්පය වැනි කලාවන් කුඩා කාලයේ ඉඳන්ම ලේ නහර ගත වෙච්ච සංස්කෘතියකයි අපි හැදුණේ.

විස්තර »

කැලෑ සාර් රජු

 

ටොෆලාර් ජන කොටසේ වීරයා වූ බුර්ඛාන්ට දිනක් අගනා අදහසක් ඇති විය. ඒ අනුව ඔහු වනයේ සියලු සතුන් එක් ගස් සෙවණකට කැඳ වී ය. ”හැමෝටම තමන්ට යැයි කියා නායකයෙක් ඉන්නවා. සතුන්ටත් එසේ විය යුතුයි.” ඔහු සිය අදහස එසේ ප‍්‍රකාශයට පත් කෙළේ ය. ”හොඳයි අපි කැමැතියි. තෝරමු” සත්තු කී හ. පළමු ව අඬගසන ලද්දේ බකමූණා ගේ නමයි.

විස්තර »

ඛේදවාචකයක් නොව විකෘතියක් වූ
ලාංකේය විචාරය

 

‘ලාං කේය විචාරයේ ඛේදවාචකය” මැයෙන් ඉකුත් 14 වන දා සිළුමිණ, පුන්කලස අතිරේකයේ පළවූ කථිකාචාර්ය සේනාරත්න කාරියවසම් මහතා ගේ, සංවාදයට විවෘත යැයි සඳහන් වූ රචනාව දැක මෙය ලියන සිත ඇති විය. සේනාරත්න කාරියවසම් මහතා සිය රචනාව ආරම්භ කරන්නේ ලාංකේය සාහිත්‍ය විචාරය අරභයා වන දුර්මතයක් කේන්ද්‍ර කර ගනිමිනි.

 විස්තර »

කම්මැල්ලවීර වගේ ලියන්න බැරි වෙයි!

 

මෙරට කෙටිකතාව නමැති සාහිත්‍යාංගය වඩාත් සූක්ෂ්ම භාවිතයක් සහිත නිර්මාණාංගයක් කරනු පිණිස දශක දෙකහමාරක් පුරා අනලස් ව වෙහෙසුණු ප‍්‍රතිභාපූර්ණ සාහිත්‍ය නිර්මාපකයකු වන ජයතිලක කම්මැල්ලවීරයන් ගේ නව වැනි කෙටිකතා සංග‍්‍රහය ‘සිහින ඉසව්ව‘ පසුගිය දා ප‍්‍රකාශයට පත් විය.

කෙටිකතාවත් කවියත් නිවුන් සොහොයුරන් වැනි යැයි සලකා කටයුතු කරන හෙතෙම කවියක මෙන් සංක්ෂිප්ත භාවය ද, බහු අරුත් නංවන බස ද කෙටිකතාව විෂයයෙහි වෙසෙසා භාවිත කරයි.

 විස්තර »

ලෝ පසිඳු සිත්තරු XXIII

 

ජෝකීම් පටේනියර් ප‍්‍රංශයේ උපත ලැබී ය.පටේනියර් 1513 දී බෙල්ජියමේ ඇන්ටිවර්ප් නුවරට ගොස් එහි චිත‍්‍ර ශිල්පියකු ලෙස කටයුතු කෙළේ ය. ශ්‍රේෂ්ඨ ජර්මන් චිත‍්‍ර ශිල්පියකු වූ ඇල්බ්‍රෙක්ට් ඩ්‍යුරර් සමඟ පටේනියර් පසුකාලයක දී දැඩි මිතුදමක් ඇති කරගෙන, ඔහුගේ චිත‍්‍ර අධ්‍යයනය කෙළේ ය.

 විස්තර »

හමුවීමක්

 

ඇය ආවේ කෙලින් ම ජලාශයට පනින්නට වුණත්, ඇගේ සිතේ සිතිවිලි වැල නොකැඩී ගලා එමින් පැවැතිණි. ඇයට තමා කාරය පදවාගෙන එනවිට දුටු දර්ශන සිතේ මැවෙන්නට විය. අතු සෙවිළි කළ කඩයක්, උකුළේ හොවාගත් දරුවකු නළවන ගැහැනියක්, බාල්කයක එල්ලා ඇති කෙසෙල්කැන් දෙකක්, ඒ අසල ළිපේ ගිනි පෙනෙල්ලකින් බීඩියක් පත්තු කරන මහලු මිනිසෙක්.

විස්තර »

සීගිරි ගී

 

ප ස් වැනි සියවසේ ගොඩනැඟුණ සීගිරි බලකොටුව තාක්ෂණික හා උපක‍්‍රමික අතින් ඉතා ප‍්‍රබල නිර්මාණයක් වෙයි. එම සිය වසේ ම විසූ චිත‍්‍ර ශිල්පීන් අතින් නිර්මාණය වූ සිගිරි චිත‍්‍ර තවත් අසහාය කලා නිර්මාණයක් වෙයි. එයට සියවස් තුනකට හතරකට පමණ පසු සීගිරියට පැමිණි කවීන් විසින් සීගිරි කැටපත් පවුරේ ලියා ඇති බොහෝ ගී අනූපම වටිනාකමකින් යුත් සර්වකාලීන අගයක් ඇති නිර්මාණ ලෙස ද සැලැකෙයි. සීගිරි ගී කැටපතක් සේ සලකා ඒවා විමර්ශනය කිරීමේ දී අපේ විශේෂ අවධානයට ලක්විය යුතු කරුණු කිහිපයක් තිබේ.

විස්තර »

මෙරට ප‍්‍රාග්ඓතිහාසික මාචනවයා ගේ
නිර්මාණාත්මක ප‍්‍රතිභාව

 

අදින් වසර එක් ලක්‍ෂ විසිපන් දහසකට ආසන්න කාලයකට වඩා පැරැණි ප‍්‍රාග් ඓතිහාසික මානව අවශේෂ ශී‍්‍ර ලංකාවෙන් සොයාගෙන තිබේ. පාෂාණිභූත සත්ත්ව මෙවලම් මානව ඇට කැබලි හා දඩයම් මෙවලම් එකී කාල නිර්ණයන්ට භාජන වූ අවශේෂයෝ වෙති.

 විස්තර »