.
 

හොඳ පොත්

 

පසුගිය වසර දෙක ඇතුළත අප කළ කාර්යයන් අවතක්සේරු කරන්න බැහැ. අපි භෞතික ඉදිකිරීම් කළා. ඒවගේම මිනිසුන්ගේ අධ්‍යාත්මික දියුණුවටත් කටයුතු කළා. ආසියාවේ හොඳම කෞතුකාගාරය සීගිරියේ ඉදි කළා. ස්වාභාවික පරිසරය ආරක්ෂා කරමින් සීගිරිය හා අවට ප‍්‍රදේශවල කෞතුක අගයක් ඇති දේ එහි තැන්පත් කරමිනුයි ඉන්නේ.ශ‍්‍රී ලංකාවේ බහු වාර්ගික බහු ආගමික පිරිස් එක් තැන් වන කතරගම අපි කෞතුකාගාරයක් ඉදි කළා. බහුවාර්ගික ගැටලුවක් තියෙනවාය කියන ලංකාවේ අපි සියලු සංස්කෘතීන් හා ආගම්වලට අයත් ජනයා රැස්වන ස්ථානයක් හඳුනාගෙන කෞතුකාගාරයක් ඉදිකළා,

විස්තර »

සමඟි බලය

 

එක්තරා වනාන්තරයක ගලා බස්නා මනරම් ගංගාවකි.  දිනක් ඒ ගඟබඩට වන් සුදෝ සුදුවන් හංසයෙක් ගං දිය වෙත නෙත් යොමාගෙන බොහෝ වේලා නිසොල්මනේ හුන්නේ, තමා නිරීක්ෂණය කරමින් පසුවූ නරියකු ඒ අසල ම ගැවසුණු බව නොදත්තේ ය. නරියා ද සෑහෙන වේලාවක් ඉවසා සුදුසු මොහොතක් ආ විට මෙසේ පවසා සිටියේ ය. ”මිත‍්‍රයා, නුඹ ඇයි කලකිරිලා වගේ?”

විස්තර »

සම්මාන සඳහා ග‍්‍රන්ථ තේරීමේ

 

සංස්කෘතික දෙපාර්තමේන්තුව 1956 දී පිහිටුවීමෙන් පසු ව, ප‍්‍රථම රාජ්‍ය සාහිත්‍ය උත්සවය 1957 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා කෝට්ටේ ශී‍්‍ර පැරකුම්බා පිරිවෙනේ දී ශී‍්‍ර ලංකාවාසී සාහිත්‍යකාමී ජනතාව ගේ මහත් හරසර මැද පවත්වා තිබේ. එය රාජ්‍ය සාහිත්‍ය උත්සවයන්හි උපත ලෙස සලකනු ලැබේ.

 විස්තර »

මනුෂ්‍යත්වය

 

ඉතිහාසය දෙස, බැලිය හැකි හාත්පසින් පූර්ණ වූ කෝණයක් වන්නේ මානව විද්‍යාත්මක අවලෝකනය යි. සුභද්‍ර, චන්න (Subhadra, Channa (1994)  නම් මානව විද්වතාට අනුව, ඉතිහාස සංසිද්ධීන් මානවීය වන්නේ තාර්කික මානවවිද්‍යා අවලෝකන ක‍්‍රමයෙනි.  

 විස්තර »

ලෝ පසිඳු සිත්තරු XXI

 

පිකාසෝ ස්පාඤ්ඤයේ මලගා (MALAGA) නුවර දී කි‍්‍ර.ව. 1881 ඔක්තෝබර් මස 25 වන දින උපත ලැබී ය. ඔහු විසි වන සියවසේ පහළ වු ශ්‍රේෂ්ඨ කලාකරුවකු ලෙස සැලැකේ. අඩ සියවසක් ම නූතන චිත‍්‍ර කලාවේ ගමන් මාර්ගය දක්වාලමින් සිටි ඔහු........

 විස්තර »

පියුං මහත්තයා ගේ පෙ‍්‍ර්ම වෘත්තාන්තය

 

 

අතුල ගේ අත වෙවුලා ගියේ ය. පෑන තදින් අල්ලා ගත් ඔහු, සිත තුළ තෙරපෙන අපරිමිත පෙ‍්‍ර්ම චින්තාවලිය පත් ඉරුව මත චිත‍්‍රණය කිරීමට මහත් වෙහෙසක් දැරී ය.සතළිස් හැවිරිදි වියෙහි දොරකඩ උන් අතුල, තම ජීවිතයෙහි ප‍්‍රථම පෙම්පත ලිවීමට උත්සාහ දරමින් උන්නේ ය.අතුල පියුං ය. ඔහු පවුලේ බාලයා ය. ඔහු තම වයොවෘද්ධ මව සමඟ මහගෙදර තනි ව ම වෙසෙයි.

විස්තර »

කලාව, මාධ්‍ය හා සන්නිවේදනය

 

අපි බොහෝ විට ඇතැම් මානව නිර්මාණ ‘කලා කෘති’ ලෙසත් ඇතැම් ඒවා ‘කලාව නොවන දේවල්’ ලෙසත් සලකමු. එසේ ම ඒ වෙනස එකී ප‍්‍රවර්ග යටතට ගැනෙන කෘතීන්හි නිසගයෙන් පවත්නා අංගලක්ෂණවලට සමපාතවන බවට ද නිගමනය කරමු. උදාහරණයක් ලෙස බිතෝවන් ගේ සංගීත නිර්මාණ කලා කෘති ලෙස පිළිගන්නා අපි බයිලා නිර්මාණ එවන් කලාවකැ යි පිළිගැනීමට මැළි වෙමු. එසේ ම කලියුගය කලාත්මක නිර්මාණයක් ලෙස පිළිගැනෙන අතර, කවුද රජා චිත‍්‍රපටය එවැන්නකැ යි නොපිළිගැනෙයි.

විස්තර »

ලාංකේය විචාරයේ ඛේදවාචකය

 

සාහිත්‍ය කලාව පිළිබඳව කැරෙන කතිකාවක දී විචාරය අමතක කළ නො හැකි ය. මන්ද විචාරය යන්න උසස් සාහිත්‍ය කලා නිර්මාණයන්ට උපස්ථම්භක වන හෙයිනි. එහෙත් මේ කාරණය සිංහල සාහිත්‍ය නිර්මාණ විෂයයෙහි එතරම් අදාළ වෙතැ යි සිතිය නොහේ. ඊට හේතුව වන්නේ අපට උසස් සාහිත්‍යයක් පැවතිය මුත් ඊට සාපේක්‍ෂ ව විචාර සම්ප‍්‍රදායක් වර්ධනය වී නොමැති බැවිනි.

 විස්තර »