.
 

අපට හැමදාමත් නරක
විවේචන පමණයි

 

දැනට අපි සිංහල භාෂාව භාවිත කරමින් නිර්මාණ කාර්යයේ යෙදෙන ආධුනික ප‍්‍රවීණ දෙපක්ෂයට ම ආධාර කිරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරනවා. ජාතික කලා මණ්ඩලය යටතේ තමයි සාහිත්‍ය අනුමණ්ඩලය තිබෙන්නේ. මේ දෙක ම එකතු වෙලා තමයි විශේෂයෙන් ආධුනික නිර්මාණකරුවන් ගේ නිර්මාණ ඇගයීමකට ලක් කරන්නේ. ඔවුන්ට පුහුණු වැඩපිළිවෙළක් මේ යටතේ සංවිධාන කොට තිබෙනවා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් විවිධ ක්ෂේත‍්‍රයන්ට අදාළ අත්පිටපත් බාරගෙන ඒවායින් තෝරාගත් හොඳ නිර්මාණ ඇගැයීමට ලක් කරනවා.

විස්තර »

නිහාල් පී.අබේසිංහ ගෙන්

 

සිළුමිණ නියෝජ්‍ය කර්තෘ නිහාල් පී. අබේසිංහ විසින් රචිත දොස් නැති වස් නැති කොස් නම් කොස් පිළිබඳ ගවේෂණාත්මක ග‍්‍රන්ථය එළිදැක්වීම සැප්තැම්බර් 08 වන දා පස්වරු 3.00 ට කොළඹ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන මණ්ඩල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වේ.ලොව පවතින වත්මන් ආහාර අර්බුදයට අපෙ රටෙන් දිය හැකි හොඳම විකල්පය ලෙස කොස් හඳුන්වාදීමට හැකි බව මේ ග‍්‍රන්ථය මඟින් පැහැදිලි කර තිබේ.

විස්තර »

මම සමාජවාදී බෝඩ් ලෑල්ල එල්ලගත් ලේඛකයෙක් නොවෙයි

 

මම ඔය ගැටලුව ජයගන්න උත්සාහ කළා. මගෙ පොත් ප‍්‍රකාශ කරන්නෙ සඛිල ප‍්‍රකාශන ආයතනය. ඒක මගෙ ප‍්‍රකාශන ආයතනයක්. ඇත්තටම ලේඛකයගෙ කාර්ය භාරය පොත් ලියල පැත්තකට වෙන එක. නමුත් අපි ලියන පොත් තව දුරටත් ඉදිරියට තල්ලු කිරීමට එම ආයතන කටයුතු කරන්නෙ නැහැ.

 විස්තර »

කවි කුලය බබුළුවා නිවී ගිය
විමල කවි මිණි පහන

 

ශී‍්‍රලංකාවේ ජ්‍යෙෂ්ඨතම කිවියකු, ලේඛකයකු, මුද්‍රිත විද්‍යුත් මාධ්‍යවේදියකු, ගත් කතුවරයකු, ගීත නාටක ගීත නිබන්ධකයකු, සාහිත්‍යධරයකු, භාෂා විශාරදයකු, කලා විචාරකයකු, රාජ්‍ය සම්මානලාභියකු වන කලාකීර්ති පණ්ඩිත විමල් අභයසුන්දර විද්වතාණන් ගේ අභාවයෙන් එළැඹෙන 12 වන දාට තෙමසක් සපිරෙයි. 

 විස්තර »

ලෝ පසිඳු සිත්තරු X X

 

බෙල්ජියන් නීතීඥයකුට පුත් ව උපන් පීටර් පෝල් රූබන්ස් සම්භාව්‍ය අධ්‍යාපනය ලැබූවෙකි. 17 වන සියවසේ මුල් භාගයේ දී ඉතාලියට ගිය රූබන්ස්, පුනරුද හා වැනිෂියා චිත‍්‍ර ශිල්පීන් ගේ කෘති අධ්‍යයනය කෙළේ ය. එයින් චිත‍්‍ර කලාව කෙරෙහි තිබූ උනන්දුව වැඩි දියුණු වුණත් මුළු ජීවිත කාලය ම ඔහු චිත‍්‍ර කලාව කෙරෙහි යොමු වූයේ නැත.

 විස්තර »

කොමඩු ඇටය

 

“අම්මේ” දස වසක් නොපිරූ කුඩා කටවල් තුනකින් එසේ බෙරිහන් දෙන කල විපතක් වත් දැයි මම තිගැස්සෙමි. අත වූ හැන්ද, පිඟාන හෝ කෝප්පය ගිලිහී බිම පතිත වන තරමට මම කැළඹෙමි. මන්ද යත් දවස මුළුල්ලේ මා බියෙන් සහ සැකයෙන් පසුවන බැවිනි. මගේ ඇබිත්තං මිනිසුන් හට කරදරයක් සිදු වනු ඇත්දැ යි මම කොතෙකුත් ගැහෙන හදින් සැකසංකා පහළ කරමි.

විස්තර »

වත්මන් ශී‍්‍ර ලාංකික පුරාවිද්‍යාඥයා
ගේ භූමිකාව

 

යුනෙස්කෝව මගින් ප‍්‍රකාශිත ලෝක උරුමස්ථාන හා අනෙකුත් පුරාවිද්‍යාත්මක ස්ථාන නරඹන්නා වූ දස දහස් ගණන් දෙස් විදෙස් සංචාරකයෝ මේවායේ අසිරිය දැක අප මුතුන් මිත්තන් ගේ සංකල්ප සැලසුම්කරණය හා විශිෂ්ටත්වය ගැන උදාන ගී ගයමින් ඒවා මානව සංහතියට දායාද කිරීම ගැන අමන්දානන්දයට පත් වෙති. 

විස්තර »

සැබෑ පරිමාණ ඉක්මවන
දේශීය චිත‍්‍ර කලාව

 

19 වන ශත වර්ෂයේ බිහි වූ පෝල් සෙසාන් කීවේ චිත‍්‍රයක හෝ මූර්තියක හරය වන්නේ ඇසට පෙනෙන දෙය නො ව, මනසට පෙනෙන දෙය බවයි.

 ශාස්ත‍්‍රාලයීය කලා සම්ප‍්‍රදායයේ ඇසට මිස මනසට පෙනෙන කිසිවක් නො වූ බැවින් 19 වන ශත වර්ෂය වන විට ඒ සම්ප‍්‍රදාය අභියෝගයට ලක් විය.

 විස්තර »