.
 

අද අර ප‍්‍රබුද්ධ යුගයේ අර්ථයෙන්
මාධ්‍ය තේරුම් ගන්න බැහැ

 

ජනසන්නිවේදනය පිළිබඳ ඕනෑ තරම් පොත්පත් අපට තියෙනවා. ඒත් ඒවායෙන් බහුතරයක් ම ජනමාධ්‍යයේ ශිල්පීය පක්ෂය, එහෙම නැත්නම් ජනමාධ්‍ය ඉතිහාසය ගැන කියන්නයි ලියැවී තියෙන්නේ. ඊළඟට මේ විෂය උගන්වන විශ්ව විද්‍යාලවලත් මේ අඩුව තියෙනවා. ඒ නිසා ජනමාධ්‍ය කියන්නේ මොකක්ද කියන එක විධිමත්ව වටහා ගැනීමේ අඩුවක් තියෙනවා. මේ අඩුව පුරවන්න.

විස්තර »

ඉහවහා ගිය කීකරු භාවය

 

ඈත එපිට ඉතා සීතල රුසියානු ගම්මානයක විසූ නව යොවුන් තරුණියක් විවාපත් ව වෙනත් ගම්මානයක වාසයට ගියා ය. එසේ පිට ව යෑමට පෙර ඇගේ මහලු මවු ඈට මෙසේ උපදෙස් දුන්නා ය. ”නුඹේ සැමියාටත්, ඔහු ගේ පවුලේ උදවියටත් කීකරු වෙයං. කිසිම වෙලාවක ඒ අයගේ වචනෙට ඉහළින් යන්න එපා.”

විස්තර »

තාගෝර් ගේ නාට්‍යයක රඟ පෑ
ශ‍්‍රී ලාංකේය නළුවා නිමල් වෙල්ගම
 

හොරණ ශ‍්‍රීපාලියෙන් බිහි වූ කලාකරුවන් අතර ප‍්‍රමුඛයකු, පුරෝගාමී මුද්‍රා නාට්‍ය නිර්මාපකයකු මෙන් ම මෙරට ප‍්‍රථම පාසල් සංගීත ආචාර්යවරයා ලෙස ද සැලැකෙන, නර්තන හා සංගීත අධ්‍යයන ක්ෂේත‍්‍රයට අදාළ ග‍්‍රන්ථ කිහිපයක්ම රචනා කොට දිගු කලක් මුළුල්ලේ අද්විතීය කලා මෙහෙවරකට දායක වූ, දැනුදු තමා දත් සතර සිසු පරපුරට දායාද කරමින් 91 වන වියෙහි පසු වන නිමල් වෙල්ගම කලාකරුවාට උපහාර පිණිස මේ ලිපිය පළ වෙයි.

 විස්තර »

‘ප‍්‍රභාකරන්’

 

ජෝර්ජ් ඕවල් නමින් ලොව ප‍්‍රකට වූ බි‍්‍රතාන්‍ය ජාතික සාහිත්‍යකරුවා ලියූ ‘එක්දහස් නවසිය අසූ හතර’ (1984) කෘතියට පාදක වී ඇත්තේ පශ්චාත් ලෙනින් රුසියාවේ දුර්දාන්ත ස්ටැලින් පාලන සමය යි. ඕවල් මේ කෘතිය ලිවීම අරඹන්නේ 1948 වසරේ දී ය. ඒ වනවිට ස්ටාලින් හිට්ලර් ගේ නාසි හමුදාවන්ට........

 විස්තර »

ලෝ පසිඳු සිත්තරු X V II

 

මයිකල් ආන්ජලෝ නමැති විශිෂ්ට චිත‍්‍ර ශිල්පියා කි‍්‍ර.ව. 1475 මාර්තු මස 06 වන දින ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ පිහිටි කාසල් කැප්රීස් (CAPRISE)  ග‍්‍රාමයේ උපත ලැබී ය. තරුණ වියට එළැඹෙත් ම ප්ලොරන්ස් නුවරට පැමිණි එහි සිටි ඩොමිනිකෝ සිර්ලැන්ඩියෝ නම් ශිල්පියා ළඟ ආධුනික චිත‍්‍ර ශිල්පියෙකු වශයෙන් කටයුතු කෙළේය. රදල පෙලපතක ඉපැදුණත් ඔහුට තම ළදරු වියේ දී ම මව්පිය සෙනෙහස අහිමි විය.

 විස්තර »

පුනර්ජීවනය

 

මේ ලෙඩා දමන්න තැනක් නෑ ඩොක්ටර්. වාට්ටු සේරම පිරිල.” හෙදිය පැවසුවා ය. “එයා දාන්න පෞද්ගලික වාට්ටුවට.” වෛද්‍යවරයා සුදු පැහැති කබාය ගලවමින් එසේ තෙපලී ය. “ඒවත් සේරම පිරිල. අර වයසක මැක්ලියොඩ් මහත්තය අද රෑටවත් විශ්වාස නෑ.

විස්තර »

සරච්චන්ද්‍ර නමැති කවියා
විද්වතා හා රසවතා

 

කවියකු විද්වතකු හෝ රසවතකු යථාර්ථ වශයෙන් අගැයීමකට ලක් කළ හැක්කේ ඔහුගේ ප‍්‍රසිද්ධිය , නිලතල හෝ ආචාර්ය මහාචාර්ය උපාධි සලකා බැලීමෙන් නො ව, තම ජීවිත කාලය තුළ ඔහු කළ කී දේ කෙරෙනි. එදිරිවීර සරච්චන්ද්‍රයන් කළ කී දේ ඇසුරින් මා මෙසේ ඔහු අගයන්නේ..........

විස්තර »

මානව ශිෂ්ටාචාරයේ මහා
සංස්කෘතික මංගල්‍යය
 

සිංහල බෞද්ධත්වයට එරෙහි ව , මැත කාලයේ දී ඉස්මතු වූ ටෙලිවිෂන් ‘ටෝක් ෂෝ කරුවන් ගෙන්’ විවිධ අත්තනෝමත පළ වනු දක්නා ලැබේ.එහි දී ඔවුන් විසින් ඉස්මතු කරන ලද්දේ ‘සිංහල බුද්ධාගම’ නමින් විශේෂණ කොට දැක්විය හැකි ආගමික විශ්වාසයක් පැවැතිය හැකි ද? යන්න ය.

 විස්තර »