.
 
මනුෂ්‍යත්වය කියන කාරණයෙදි
හැමෝම එක වගේ
 

අපේ තරුණ කාලේ මේ රටේ වැඩිපුර පෙන්වූයේ බටහිර චිත‍්‍රපට. ඒ අතර හොඳ සහ නරක චිත‍්‍රපට තිබුණා. ඇමරිකන් පරිපථ හරහා තමයි චිත‍්‍රපට අපට ආවේ. ඔවුන් චිත‍්‍රපට එව්වේ පැකැට්ටුවක් (package) වශයෙන්. ඒ වගේම බොහොම පහසු මිලකට තමයි ඒවා ප‍්‍රකාශකයන්ට සැපයූවේ. මේ නිසා අපි බොහෝ සම්භාව්‍ය චිත‍්‍රපට බැලුවා. ‘war and peace’ වැනි චිත‍්‍රපට අපි බැලුවේ ඇමරිකන් පරිපථය හරහායි.

 විස්තර »

යථාවබෝධය

 

නිතර වනයේ ඇවිද පුරුදු මහල්ලෙක් විය. මෙසේ නිතර වනයේ හැසිරෙන ඔහුට වරක් මහ වන මැද දී අපූරු වාසස්ථානයක් දක්නට ලැබිණි. ඉතා පිළිවෙළට සකසන ලද කූඩාරමක් ද ඊට ම මැනැවින් ගැලැපුණු වටපිටාවක් ද එහි විය. මේ අතිශය පියකරු වටපිටාව දුටු මහල්ලා මෙසේ සිතන්නට විය :

විස්තර »

වල්පොලමුල්ලේ කපිල මාමා හා මාපාහාමි  

මාතලේ දිස්ති‍්‍රක්කයේ ලග්ගල උඩසියපත්තුවේ අති දුෂ්කර පරිසරයක පිහිටි වල්පොලමුල්ල නමැති හුදෙකලා ගම්මානය ගැන ලියැවුණු ලිපි තුනක්, ජූලි 6 වන දා ‘සිළුමිණ’ පත‍්‍රයේත් තවත් පුවත්පත් දෙකකත් පළ විය. එමඟින් කියැවුණේ “ලෝකයේ කුඩා ම ගම්මානය” ලෙස සැලැකුණු වල්පොලමුල්ලේ ඉතිරි ව සිටි පවුල් තුනක වූ සාමාජිකයන් අටදෙන ද ඒ ගම අතහැර යෑමයි.

 විස්තර »

මලෙක පැහැය ගහක සිහිල විඳින්න
දරුවන්ට පුරුදු කරමු

 

මාතර ශාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලබා පසු ව ‘හේවුඩ්’ - සෞන්දර්ය පීඨයෙන් චිත‍්‍ර කලාව පිළිබඳ විධිමත් හැඳෑරීමකින් පසු ව දශක තුනකටත් වැඩි කාලයක් ගුරුවරයකු හා උපදේශකවරයකු ලෙස ද කටයුතු කර ඇති අමරසේන කොඩිතුවක්කු ඩේවිඩ් පේන්ටර් , ස්ටැන්ලි අබේසිංහ වැනි ප‍්‍රවීණයන් යටතේ ශිල්ප හැදෑරී ය.

 විස්තර »

ලෝ පසිඳු සිත්තරු XV 

 

අම්බි‍්‍රයානි අදුරා’ හෙවත් පෙරුගිනෝ, චීටා ඩෙලා පීච් (CITTA DELLA PIEVE)  නුවර උපත ලැබී ය. 14 - 60 අගභාගයේ ඔහු ෆ්ලොරන්සයට පැමිණ ලියනාඩෝ ඩාවින්සි ගේ කලා ගුරුවරයා වූ ඇන්ඩි‍්‍රයා ඩෙල් වෙරෝෂියෝ ළඟ අධ්‍යාපනය ලැබී ය. අනතුරු ව ඔහු අතින් නිර්මාණය වූ කලා කෘති 15 වන ශත වර්ෂයේ ඉතාලියෙහි විශාල අගයක් හා ප‍්‍රසිද්ධියක් අත්කර ගති. 

 විස්තර »

විප්ලවවාදියා ගේ මරණය

 

රතු ඇන්තූරියම් මල්වඩම්, රතු බාබන්ඩේසියා මල්වඩම්, රතු රෝස මල්වඩම් අතරේ රතු ඇඳගත්තු හතර දෙනෙක් මෘත කලේබරය හතර පැත්තෙන් හිටගෙන.  අස්සක් මුල්ලක් නෑර එසවුණ රතු කොඩි, රතු කමිස නිසා වටාපිටාව නෑකම් කිව්වේ මළ ගෙයකට වඩා වමේ මැයි රැළියකට.

විස්තර »

ආසියාතික නව සිනමා සංස්කෘතිය හා එහි ප‍්‍රබෝධය  

ඉන්දියාව හා ජපානය දැවැන්ත සිනමා කර්මාන්තයන් පවතින, එසේ ම මහා සිනමාකරුවන් බිහි කළ ස්වතන්ත‍්‍ර රටවල් වශයෙන් සැලැකුණ ද සිනමාව නමැති මහා සංස්කෘතියේ උප සංස්කෘතියක් ලෙස ආසියාතික සිනමාව හඳුන්වන්නට පටන් ගන්නේ 1980 දශකයේ සිට ය.

විස්තර »

සේකර පිදිය යුත්තකු වන්නේ
ආගමික අර්ථයෙන් නො වේ
 

2008පෙබරවාරි 24 වන දා පුන් කලස මුවදොර වදන සැරැසූ එරික් ඉලයප්ආරච්චි සමඟ ශෂි ප‍්‍රභාත් රණසිංහ කළ සංවාදය අතරතුර මතු වූ ’නූතන එෆ්.එම්.සංස්කෘතිය ඇරැඹෙන්නේ මහගම සේකර ගෙනි’ නම් වූ මතය පිටු දකිමින් මාර්තු දහසය වන දා පුන් කලසේ පළවූ ‘නූතන එෆ්.එම්. සංස්කෘතිය පටන් ගන්නේ සේකර ගෙන් යැයි කීම.............

 විස්තර »