.
 
 ලේඛකයකු ඇගැයීමට ලක්වෙන්න
අගනුවරම සිටිය යුතු නැහැ
 

පියදාස වැලිකන්නගේ දිගු කලක සිට සාහිත්‍ය කටයුතුවල නිරත වනුයේ අගනුවරින් බොහෝ එපිට මාතලේ, හුලංගමුව නම් ග‍්‍රාමයේ වෙසෙමිනි. එසේ අගනුවරින් බැහැර ව විසීම ඔහු ගේ ලේඛන කටයුතු නිසි ඇගයීමකට ලක් නොවීමට හේතුවක් විණි දැයි විමැසූ විට ඔහු ගෙන් මෙවන් පිළිතුරක් ලැබිණි. “ලේඛකයකු හෝ අන් කිසි කලාකරුවකු නිසි ඇගැයීමකට ලක් වීමට අගනුවර ම සිටිය යුතු ය කියා මා සිතන්නේ නැහැ. අගනුවරත් සමඟ හොඳ සබඳතාවක් පවත්වාගෙන යෑම සමහරවිට ඊට පිටුබලයක් විය හැකි යි.

 විස්තර »

 බද්ධ වෛරය

 

ඈත බල්ලන් බුරන හඬ ඇසේ. නොපැහැදිලි යමක් කියමින් කෑ ගසන ගැහැනියක ගේ හඬ ඔහු ගේ සවනත වැකිණ. ’මම කිට්ටුවටම ඇවිත්’ යැයි සිතූ හෙතෙම තම අත බැඳි ඔරලෝසුව දෙස බැලුවේ ය. මධ්‍යම රාති‍්‍රයට තවත් මිනිත්තු පහළොවක පමණ කාලයක් ඇත. ඔහුට තවත් කල්වේලා ඇත.

විස්තර »

ඇතකු මෙල්ල කළ ටිකිරි කුමාරයා  

සීතාවක මායාදුන්නේ රජ්ජුරුවන්ට විශාල ඇත් පන්තියක් හිටියා. පසු කාලෙක මුල්ලේරියා වෙල් යායේ දස්තම් දක්වපු ඓරාවණ, වීරහස්ති වගේ ඇත්තු හිටියෙත් මේ ඇත් පන්තියේ. මේ ඇත් පන්තියේ හිටපු විශාල ඇතෙක් පිස්සු වැටෙනවා. ඇත් වෙදනා ඇවිත් ඇතා පරීක්ෂා කරල කියන්නෙ . . .

 විස්තර »

එයාගේ නම මියාමොතෝ මුසාෂි

 

කබුකි නාටක නැරැඹීමෙන් ඉගෙන ගත් ගීයක් ගයමින් අකේමි තකේසි ගං ඉවුරෙහි රෙදි සෝදමින් සිටියා ය. ඇය සැමවිටක ම මල්වැටුණු රෙද්දක් දියෙහි කලතමින් චෙරිමල් පිබිදෙන වසන්තය මවා පෑමට උත්සාහ කළා ය. “ආදරයේ මුදු පවන

මගේ කිමෝනා අත්වලින් අදියි.

 විස්තර »

රවිබන්දු ගෙන් මැක්බත්ට යළි ජන්මලාභය  

මහාකවි විලියම් ශේක්ස්පියර් ගේ මැක්බත් ඛේදාන්ත නාට්‍යය ඇසුරෙන් නිර්මාණය කැරුණු මැක්බත් මුද්‍රා නාට්‍යය ජූලි 19 වන දින ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකාගත වූ අතර, එය 20 වන දා (අද) සවස 7.00 ට යළි එකී කරළියෙහි ම රංග ගත වේ.

 විස්තර »

උරුමය සොයා යෑම  

ඉතා ඈත කාලයක, වත්මන් තුන්ද්‍රා වනය පැතිරී තිබෙන පෙදෙසේ වනචාරී මිනිසෙක් සිය බිරිය ද සමඟ ජීවත් වූයේ ය. ඔහු ගේ නම කීල් කිහි ය.ඔවුහු දිවි ගෙවූවෝ කඳු මුදුනක තැනූ කුඩා නිවෙසක ය. මෙසේ හුදෙකලාවේ කල් ගත කළ මේ යුවළට දරුවෝ ද නො සිටියහ. මේ වනයේ ඔවුන් හැර වෙනත් කිසිවෙක් ද ජීවත් නො වූහ.

විස්තර »

ටිටියන්  

ටිටියන්, ඩොලමයිට් (DOLOMI TES) නම් නගරයේ උපත ලැබී ය. දහසය වැනි ශත වර්ෂයේ ඉහළ තැනක වැජඹුණ වැනිස් චිත‍්‍ර ශිල්පීන් ගෙන් ඉතා දිගු කලක් ප‍්‍රසිද්ධිය සහ කීර්තිය ආරක්ෂා කර ගත් චිත‍්‍රශිල්පියා යි.  ඔහු ගේ නිර්මාණ සමකාලීනයන් හා පසුකාලීන පරම්පරා....

විස්තර »

භාෂා දහයක් දැන සිටි සිංහල - දෙමළ පඩිවරයා

 

විශිෂ්ට ගණයේ සිංහල හා දෙමළ පඩිවරයකු වූ කේ.ජී. අමරදාසයන් ගේ අනුස්මරණ දිනය මේ මස 24 වන දිනට යෙදේ. ඔහු මිය ගියේ 1986 ජූලි 24 වන දා ය. මෙම කෙටි සටහන ඒ නිමිත්තෙන් පළවන්නකි. කේ.ජී. අමරදාස මහතා සිංහල භාෂාවට හා සාහිත්‍යයටත් දෙමළ භාෂාවට. . .

විස්තර »