.
 
 සංගීතය විශ්ව භාෂාවක් නොවෙයි!  

ඔබ වරක් පුවත්පතකට ප‍්‍රකාශ කර තිබුණා ස්වර වාද්‍ය භාණ්ඩ නොතිබුණු අපේ රටේ, ජන සංගීතය කියලා එකක් තියෙන්නේ කොහොමද කියලා. එහි දී ඔබ පවසා සිටින්නේ ජන සංගීතය කියා විෂයයක් නොමැති බව ද?

 විස්තර »

වැටුණොත් රෝගය තවත් බරපතළ වේවි!

 

රිය අනතුරෙන් සිදුවූ ආබාධ තත්ත්වය එතරම් ගණන් නොගත් මලලසේකර ලෝක බෞද්ධ සම්මේලනයට සහභාගි වූ සියලු ම ලෝක නායකයන් දිවයිනෙන් බැහැර යන තෙක් වෙහෙස නොබලා කටයුතු කෙළේ ය.ඉන්පසු නිතර නිතර ඔහුට ප‍්‍රතිකාර ලබන්නට සිදුවිය.

විස්තර »

 උඩඟු උන්මාදය  

මේ සිදුවීම ඉතා ඈත කාලයට අයිති ය. ඒ ලෝකය මැවූ මුල් ම කාලය යි. ඊට ඉහළින් නිල් අහස තබා තිබිණි. එකල නිරේදක් නමැති මිනිසෙක් විසී ය. ඔහු සිය සිරුරු ප‍්‍රමාණයෙන් ඉතා කුඩා විය. මීයකු ගේ සමින් කළ කබායක් හැඳ සිටි හෙතෙම ඉතා උඩඟු මිනිසෙකි. ඔහුට යහපත අයහපත පෙන්වා දීමට කිසිවෙක් නොසිටියේ ය. ඒ ඔහු කිසිවකු නොතැකූ බැවිනි.

විස්තර »

පොරොන්දුව ඉටුකළේ නැත්නම් මගේ හිස ගසා දමන්න

 

මුසාෂි දෙගිඩියාවෙන් යුතු ව ලිපිය කැඩුවේ ය. ලිපියේ මුල සිට අග දක්වා නෙත් යැව් ඔහුට එය මතහාචි විසින් ලියන ලද්දක් බවත්, ඔහු ගේ අධික බීමත්කම ලියා ඇති අකුරුවලින් ම මනාව පැහැදිලි වන බවත් හැඟී ගියේ ය.  එහි අතීතය පිළිබඳ සිතිවිලි කිසියම් දුක්මුසු හැඟීමකුත් ඇති කිරීමට සමත් විය. සත්‍ය වශයෙන් ම ඔහු ගේ ලිවීම....

 විස්තර »

පැරැණි නාට්‍ය සමඟ අතීතයට නොයා
කාලීන තේමා සොයමු

 

ප‍්‍රතිභාපූර්ණ තරුණ නාට්‍යකරුවකු වන රාජිත දිසානායක නිෂ්පාදනය කළ සක්වාදාවල, හංසයින්ටත් මං ආසයි, මට වෙඩි තියන් නැද්ද, වීරයා මැරිලා, සිහින හොරු අරන් වැනි නාට්‍ය රසික පර්ෂද්හි අතිශය සම්භාවනාවට පත්විය.  ඔහු ගේ නවතම නාට්‍ය නිර්මාණය....

 විස්තර »

 ලෝ පසිඳු සිත්තරු XI  

යුරෝපීය කලාව අමන්දානන්දයට ලක්කළ පුනර්ජීවන යුගයේ විසූ මහා කලාකරුවෙකි. හේ විද්‍යා ගවේෂකයෙකි. ඉංජිනේරුවෙකි. ගෘහනිර්මාණ ශිල්පියෙකි. මයිකල් ආන්ජලෝ සහ රෆායෙල් සමඟ උච්ච පුනරුදය යනුවෙන් හඳුන්වන 
(High Renaissance)
අවදියෙහි....

විස්තර »

කවියේ රුව

 

වියුක්ත භාවය යන ප‍්‍රඥප්තිය ඉතා පැරැණි කල සිට ම දාර්ශනිකයන් අතැ එහෙ මෙහෙ වුණු මෙවලමකි. එහෙත් එය වර්තමාන නිර්මාණකරුවන් අතර අලුත් කෙළිබඩුවක් මෙන් පරිහරණය වේ. කවිය වියුක්ත විය යුතු ද, නැති ද වැනි මේ අනවශ්‍ය දාර්ශනික මත ඉවත ලා කවියට...

විස්තර »

 පිළිසිඳ ගැනීම  

මා වහ වහා පදික වේදිකාව දිගේ වේගවත් වූයේ ගමට යන බසයක් අල්ලාගනු පිණිසය. කෙතරම් හදිසි වුව පදික වේදිකාවේ ගොඩකර තිබූ ‘විස්සේ කෑලි’ ගොඩක තිබූ ‘ මී කතුර ‘ මා නෙතෙහි සැණෙකින් ඇඳී ගියේ ය. එය දුටු සැණින් මා පයෙහි තිරිංග තද වී ගියේ ය.

විස්තර »