දැන් විශ්වවිද්‍යාලයේ පුස්තකාලය කටපාඩම් කරන ශාලාවක් විතරයි  

ඇත්තෙන්ම අද විද්‍යාර්ථියා දැනුමෙන් බංකොලොත්. ඒකට හේතුව දැන් විශ්වවිද්‍යාලවල තියෙන්නේ පාඨමාලා ඒකක ක‍්‍රමයක්. (corse unit)ඒ කියන්නේ සුමාන පහළොවයි තියෙන්නෙ, සතියකට පැය දෙක බැගින්. නිවාඩු කාලයත් මෙයට ඇතුළත්.  පාඨමාලා ඒකක ක‍්‍රමයක් හදලා ඒක ඊළඟ දවසේ ඉඳන්ම කි‍්‍රයාත්මක කිරීම වැනි කටයුතු අපේ ආණ්ඩු කරන්නේ. අපේ ආණ්ඩු ජනාධිපති කාර්ය සාධක බලකායක්......

විස්තර »

   ලන්ඩන් නුවර උත්සව ශ‍්‍රීයෙන් ඇලැළෙයි  

සර්වඥධාතු ප‍්‍රදර්ශනය කිරීමේ අපූර්ව සංස්කෘතික සංදර්ශණය ගැන ලන්ඩනය, සමස්ත එංගලන්තය පුරා පමණක් නො ව ලොව බෞද්ධ රටවල මෙන් ම ලෝකයේ අලුතෙන් ම බුදු දහම පැතිරෙමින් ඇති රටවල ද මහත් සේ ප‍්‍රචාරයට ලක්වී තිබිණි.මලලසේකර බලාපොරොත්තු වූ පරිදි සර්වඥධාතුන් වහන්සේ වැඩමවා ගෙන යෑම සඳහා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ද .....

විස්තර »

  හැමෝම නටන සිනමාවදැන් මට ඇතිවෙලා!  

අදක්‍ෂයා, අදක්‍ෂයන් සමඟ එක් ව අඳුරේ අතපත ගාද්දී, දක්‍ෂයා අති දක්‍ෂයෙක් සමඟ එක් ව අනාගතය නිර්මාණය කරයි. බහුතරය සාම්ප‍්‍රදායික මසාලා සිනමාව නමැති මායාවේ ගිලී තම රසික කැල ද එහි ම ගිල්වමින් සිටින යුගයක, ඉන්දීය සිනමාව ඉන් ගොඩ ගෙන ඊට අනාගතයක් තනා දෙන්නට වෙර දරන්නෙකි පද්ම ශී‍්‍ර කමල් හසන්. වයස අවුරුදු පහේ ........

විස්තර »

   තොප කර ඇත්තේසමාව දිය නොහැකි වරදක්!  

හිමෙජි මාලිගාව තකේෂෝ ගේ නෙත ගැටුණේ ය. එය කිරිකොක් මාලිගය ලෙසින් හඳුන්වන්නේ මන්දැ යි ඔහුට වටහාගත නො හැකි විය. සුරලොව සිට සුවිශාල පර්වතයක් මත වූ දැවැන්ත ධවල පක්ෂියකු මෙන් එය විරාජමාන විය.මාලිගාවේ පිටත දිය අගල ඔස්සේ වැටුණු විසිතුරු ආරුක්කු පේලි මැදින් තකුවාන් භික්ෂුව ඔහු රැගෙන ගියේ ය. සන්නද්ධ භට . . .

විස්තර »

  උඩරට වාස්තු විද්‍යාවේ ගැමි සංකේත  

සම්ප‍්‍රදායිකත්වය ගරු කළ උඩරට ජනයා තම ගෘහ නිර්මාණ කරණයෙහි දී ද සම්ප‍්‍රදායිකත්වයට මුල් තැන දෙමින් කටයුතු කළ අයුරු ඒ පිළිබඳ විමසන කල හෙළි වෙයි. තම ගෘහ නිර්මාණ කෙරෙන් සමාජයේ පැවැති මතිමතාන්තර, ආකල්ප, සමාජ ව්‍යූහය, සමාජ තත්ත්වය හා අභිචාර ආදී බොහෝ දේ අව්‍යාජ හා ධනාත්මකව ආකල්පයෙකින් ඉදිරිපත් ......

 විස්තර »

  මිනිස් කටහඬ නැති ව ගොස්කවිය හුදෙකල..  

ජන සාධකය කොළඹ කවියේ ප‍්‍රධාන පෝෂණ පදාර්ථය වූයේ එදා කවීන් තුළ සමාජය ගැන යම් සිතීමක් පැවති නිසයි.. නිදහසින් පසු අඩ සියවසක් තුළ ම සිද්ධ වුණේ දේශපාලන පිල් වියරුවට හසු වී අප සමාජයේ බුද්ධි මන්දිරය කඩා වැටීමයි. අපේ කලාකරුවන්, ලේඛකයන්, කවීන්, නාට්‍යකරුවන්, මාධ්‍යකරුවන්, විශ්වවිද්‍යාලයීය ඇදුරන් බහුතරය ........

විස්තර »

  ආදරය හා බැඳුණු ආස්වාදය ආදරය නොවේ  

 එහෙයින් ආදරය යනු කුමක් දැයි අනාවරණය කර ගනු වස් කෙනෙකු සැබෑ වශයෙන් ම සැලැකිලිමත් ව සිටින්නේ නම්, බුද්ධිමත් වූ ආස්වාදයක් ලෙස දැනුම අත් කර ගැනීම හෝ කිසියම් බලයක් ඇති දෙයක් ලෙස තත්ත්වයක් අත් කර ගැනීම හෝ යනු විසින් එය කුමක් වුව ද, හෙතෙම ආස්වාදයෙහි භූමිකාව අවබෝධ කර ගත යුතු ව ඇත.

විස්තර »

  නුවන් නාලක ගේ සිතුවම් දැක්ම  

සිත සතුටින් පවත්නා විට තමා දිදුලන විචිත‍්‍ර වර්ණ භාවිත කළ බවත්, කලබලකාරී හා ආතතියෙන් යුත් මානසිකත්වයක් පවත්නා කල තමා අඳුරු වර්ණ භාවිත කළ බවත් නුවන් පවසයි. සිය පින්සල් පහරවල් වේගවත් යැයි හැඟෙන මුත්, ඒ ඇසුරෙහි පාලනයක් ඇති බවත් ඔහු අවධාරණය කරයි.
 

විස්තර »