|

විශේෂයෙන් 1950 න් පසු
දශක පහේ සිංහල කවිය පිළිබඳ ප‍්‍රබල
ප‍්‍රබෝධයක් ඇති වූවා නම් ඒ ප‍්‍රබෝධය ඇති
වූයේ 1970 දශකයෙන් පසුවයි. පරාක‍්‍රම
කොඩිතුවක්කු ඇතුළු නව කවීන් ගේ ප‍්‍රවේශය මීට
බලපෑම් කළා. පරාක‍්‍රම ඒ අතර විශේෂ කවියෙක්
වෙනවා. මොකද ඔහු එක්තරා මතවාදයකට අනුව,
ජනතාවාදී සංකල්පය පද්‍ය සාහිත්‍යය කෙරෙන්
ඉස්මතු කිරීමේ නැඹුරුව සහිත කවියෙක් නිසා.
තරුණ කාලේ ඔහුගේ තිබුණු මේ මතවාදය ඉතා දැඩිව
සමාජයට ගෙන යන්න අවශ්‍ය විදියේ බසක්, කාව්‍ය
ආකෘතියක්, කාව්‍ය සංදර්භයක් ඔහු භාවිත කළා.
විස්තර » |