අපි සංස්කෘතියක් නැතුව නිකම් අවකාශයක ඉලිප්පෙන . . .

 


 

ආචාර්ය සිරාන් දැරණියගල වූ කලි මෙරට ප‍්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයට නව පරිච්ඡේද ගණනාවක් එක් කළ ප‍්‍රමුඛ විද්වතාණ කෙනෙකි. 1968 වසරේ දී සහකාර කැණීම් නිලධාරියකු වශයෙන් ක්ෂේත‍්‍රයට එක්වන දැරණියගලයන් , මෙරට ප‍්‍රාග් ඓතිහාසික මානව ශිෂ්ටාචාරය පිළිබඳ ව කළ පර්යේෂණ, ලෝකයා ගේ මහත්  . . .

විස්තර »

 

අසහාය ශාස්ත‍්‍ර නිකේතනයේ
උපාධි ලාභයේ භාග්‍යය

 

පේරාදෙණි මිටියාවතෙහි විවේකී ව පතපොත බැලීමෙන් හා තමන් අතර සම්මන්ත‍්‍රණය කිරීමෙන් ලෝක ස්වභාවය අවබෝධ කර ගැනීමට තැත් කරමු යි කියා තමා ගේ ඇකයට පැමිණෙන්නා වූ සිසු මානවක මානවිකාවන් කෙරෙහි උපන් දයාවෙන් දෝ අවුරුද්ද මුළුල්ලෙහි ඔවුන් වෙත සොමි ගුණය පාන්නා වූ ප‍්‍රකෘති තොමෝ ඔවුන් ගේ දෑස් පිනවා සිත්සතන් සැනසීමට . . .

විස්තර »

  ලිම්බර්ග් සහෝදරයෝ  

මේ සහෝදරයන් තිදෙනා නෙදර්ලන්තයේ උපත ලැබූ හ. මොවුන් ගේ පියා ලී කැටයම්කරුවෙකි.

මේ සහෝදරයන් තිදෙන නමින් ජාන්, පෝල්, හර්මන් යනුවෙන් හැඳින් වේ. මේ තිදෙන ජීවත්වුණු කාලය යුරෝපයේ චිත‍්‍ර කලාවේ නව පුනරුදයක් ඇති වූ කාලයකි.  පසුව මොවුන් අතුරින් පෝල් ඉතාලියට ගොස් චිත‍්‍ර කලාව අධ්‍යයනය කෙළේ ය.

විස්තර »

 

ඔත්සු ඔබ මට කරුණාව දක්වන්නේ නැද්ද?

 

ගො වියෝ කසු කුසු ගාන්ට වූහ.

“ඔව් අපිට ඒ බව අසන්ට ලැබුණා!”

තකුවාන් භික්ෂුව තීරකයකු ගේ ඉරියව්වක් පෑවේ ය. “හොඳයි එහෙනම්, අපි තකේෂෝ ට කළ යුත්තේ කුමක්ද? දැන් උඹලාට පෙනෙනව ඇති ඒ යක්ෂයා. පණ පිටින්ම මෙතන ඉන්න බව. ඔව් ඇත්තම කියනව නම් මිනිහා කිසි කලබලයක් නොකර අපිත් එක්ක ආවා.

විස්තර »

 

දුරාතීත ලෝකයක මිනිස් හැඩතල

 

කැන්වසයක් හෝ බිත්තියක් නැතහොත් වෙනත් පෘෂ්ටයක් මත, වර්ණ හා හැඩතල මඟින් සෞන්දර්යාත්මක අත්දැකීමක් මවන සිත්තරා ප‍්‍රතිනිර්මාණය කරන්නේ තමා අත්විඳි පරිසරයෙන් උකහා ගත් වින්දන අත්දැකීමකි.  විවිධ සමාජ සංස්කෘතික පරිසරයන්හි හැදී වැඩුණු සිත්තරුන් ගේ නිර්මාණ රිද්මය, ඒ ඒ පරිසරය අනුව වෙනස් ස්වරූප ගනී. 

විස්තර »

 

යටත් විජිත යුගාන්තයෙහි බිහි වූ ප‍්‍රගතිගාමී පුවත්පත් . . .

 

 කුමාරතුංග මුනිදාස (1887 - 1944) සිංහල ජනමනසේ වඩාත් තහවුරු ව සිටින්නේ භාෂාවේදියකු හා නිර්මාණශීලි ලේඛකයකු වශයෙනි. භාෂාව හා සම්බන්ධයෙන් ගත් විට ඔහු හෙළබස් රීතිය මතු කරමින් එය මෙරට ස්ථාපිත කරන්ට උත්සුක වූවා සේ ම පැරැණි පොත් සංස්කරණය කරමින් ද ඒවාට විවරණ සපයමින් ද සාහිත්‍ය කලාවට සිදු කළා. . .


විස්තර »

  ආදරයෙන් තොර වූ නිදහස
හුදු අදහසක් පමණි
 

ඇතැම් විට නිදහස සම්බන්ධයෙන් මා පවසා ඇති සියල්ල සමස්ත වශයෙන් ඔබට අවබෝධ වී නොමැති විය හැකි ය. එහෙත් ම විසින් පෙන්වා දෙන ලද පරිදි, නව අදහස්වලට හා ඔබ පළපුරුදු නො වී සිටින යම් කිසිවකට නිරාවරණය වීම ය, වඩාත් වැදගත් වනුයේ, සෞන්දර්ය යනු කුමක් දැ යි තේරුම් ගැනීම යහපත් දෙයකි.

විස්තර »

 

 බත්තලංගුණ්ඩුව

 

පසුගිය වසරේ ප‍්‍රකාශයට පත් නවකතා අතුරින්, පාඨක සහ විචාරක අවධානයට ලක් වූ කෘති දෙකකි. එනම්, අමරකීර්ති ලියනගේ විසින් රචිත අටවක පුත්තු කෘතිය සහ මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුවයි. අටවක පුත්තු නවකතාවේ ආඛ්‍යාණයට 1988 - 90 සමයේ මෙරට පැවැති භීෂණකාරී වටපිටාව පදනම්වී ඇත. බත්තලංගුණ්ඩුව . . .

විස්තර »