ඇයි තාරුණ්‍යයේ නිර්මාණ මේ තරම් අර්ථ ශූන්‍ය වුණේ!  


සංගීතය යන්න ගීතයට පමණක් සීමා කිරීම පිළිබඳව, ගීතයෙන් ඔබ්බට නොයෑම පිළිබඳව විවෘත චෝදනාවක් ඔබට පමණක් නොව අමරදේවයන්ටත්, මහාචාර්ය සනත් නන්දසිරි ඇතුළු තවත් ප‍්‍රවීණයන් හමුවෙත් නැඟනවා.ඕනෑම නිර්මාණකරුවකුට ආශ‍්‍රය භූමි වන, ඔහු ගේ අතීතය ගෙන එන සම්ප‍්‍රදාය නම් වූ රූපකායයක් තිබෙනවා.

 

විස්තර »

  සීලවතී උපාසකම්මා  

දිවා ආහාරයෙන් පසු සිරිතුංග ‘කැෂියර්’ මේසය අසල වාඩි වූයේ විවේක සුවය භªක්ති විඳීම සඳහා ය. රූපවාහිනී කැමරාකරණය, සංස්කරණ ශිල්පය, තිර රචනය හදාරා, කලා ලොවට ප‍්‍රවේශ වීමට සිරිතුංග ගත් තැත අසාර්ථක වී ගිය ද අවසානයේ ඔහුට නන් විධ රූපවාහිනී යන්ත‍්‍ර හා විදුලි උපකරණවලින් පිරිපුන් වෙළෙඳසලක අයිතිකරුවකු වීමට නම් අවස්ථාව උදා විය.

විස්තර »

  විසිවන සියවසැ පහළ වූ අනාත්මවාදී . . .  

වර්තමාන ලෝකයේ අග‍්‍රතම දේශකයාණෝ අපවත් වූ හ. කිසි දු දෘෂ්ටි බන්ධනයකට නො හසු වැ නො වහල් වැ තමා ලත් අවබෝධය ලොව හමුයෙහි තැබූ මේ සිය වසැ ලොවැ පහළ වූ ශ්‍රේෂ්ඨ ම දෙසුවාණෝ කි‍්‍රෂ්ණමූර්තිහු යැ. මොන ම දෘෂ්ටි වාදයකට නොබර වැ නව විද්‍යා පැත්තට අවනත වැ මහඟු ග‍්‍රන්ථ ගණනාවක් රැසැයූ ඉංගිලිසි ජාතික . . .

 

විස්තර »

  විමර්ශන  

අදට දශක කිහිපයකට පෙරාතුව පැවති පසුබිම හා සලකා බලන කල, මෙරට සරසවි ක්ෂේත‍්‍රයේ නිරත විද්වතුන් අතින් බිහිවන ශාස්තී‍්‍රය කෘතීන්හි ප‍්‍රමාණාත්මකව මෙන් ම ගුණාත්මකව ද ඌනතාවක් දක්නට ලැබේ. වත්මන් මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍යයන්හි අධිවේගී තරංගයන්ට ගොදුරුව සිටින ඇතැම් විද්වතුන් සුපිරු තරු උන්මාදයේ පංගුකාරයන් බවට පත්ව සිටින . . .


විස්තර »

  තමුන්ගෙ සංස්කෘතිය, ඉතිහාසය නොදන්නා. . .  

“බෝමළුවෙ තෙරුන්නාන්සෙ” කියන නම පුරාණ නුවරකලාවිය යෙදුමක්. ඒ නමින් හඳුන්වන්නෙ, අනුරාධපුරේ ‘අටමස්ථානාධිපති’ භික්ෂුන් වහන්සෙව. බෝමළුව හෙවත් ජය ශී‍්‍ර මහ බෝධීන් වහන්සෙ සහිත පන්සල වන ‘බෝමළුව‘ පන්සලේ වැඩ වසන උන්වහන්සෙ “බෝමළුවෙ තෙරුන්නාන්සෙ” වුණා. නමුත් එහි පසුබිම නම් ඊට වඩා බොහෝම ගැඹුරුයි.

විස්තර »

  සමුරායි රණබිම  

 තුන්වැනි දිනය එළැඹියේ ය. එදින ද පෙර දා රාති‍්‍රයේ මෙන් සුපුරුදු පරිදි ඔවුහු ගිනිමැලයක් අසලට වී සිටිය හ. “තකුවාන් සාදු!” නිහඬ ව සිටිය නො හැකි ව ඔත්සු නිහඬතාව බින්දා ය. “මේ අප ගතකරන අවසාන රාති‍්‍රය. ඔබ දන්නව ඇති අපේ කාලය හෙට උදෙන් අවසානයි.” “හ්ම්... ඒක ඇත්ත. ඒක ඇත්ත.” “ඉතින් ඔබ සැලැසුම්කර තිබෙන්නේ කුමක් කරන්ඩද?”


විස්තර »

  කැටතලයක ලියැවුණු ස්නේහයේ ගීතය  

මේ වූ කලී ප‍්‍රකට ගීත ප‍්‍රබන්ධයකු වන වසන්ත කුමාර කොබවක පැබැඳු ගීයකි. අරුත් සුන් බොල් පද රචනා තාරුණ්‍යයේ නාමයෙන් ලියැවෙන ගැයෙන පාරිභෝගික සමාජයේ සින්දු කොලහලය ඇසුරේත් යම් සාහිත්‍යයයික ගුණයක් සහිත ගී පද රචනා නිමැවෙයි. අප ගේ භාව පථය පුළුල් කොට මොළොක් කරනා ගී නිමැවෙයි.

විස්තර »

  ලෝ පසිඳු සිත්තරු III  

ඉතාලියේ ප්ලොරන්ස් නගරයට සමීප ව පිහිටි සීනා නම් සුළු නුවර මේ චිත‍්‍ර ශිල්පියා උපත ලබා ඇත. මේ කාලයේ ප්ලොරන්ස් නුවරත් සීනා නුවරත් අතර සංස්කෘතික වශයෙන් මහත් තරගයක් තිබී ඇත. ඉතාලි චිත‍්‍ර කලාව බයිසැන්ටියානු චිත‍්‍ර කලා සම්ප‍්‍රදායයෙන් ඈත් වන්නට වූ මේ කාලයේ සීනා නුවර චිත‍්‍ර ශිල්පීන් ඒ සම්ප‍්‍රදායයන් ඇසුරෙහි ම . . .

 

විස්තර »