මම අනුන්ගෙ සින්දු කියාගෙන ආව කෙනෙක් නොවෙයි



 

මෙරට යුගකාරක සංගීත පුරුෂයෙකැ යි අනලස් ව හඳුන්වා දිය හැකි මහාචාර්ය සනත් නන්දසිරි, සුභාවිත ගීතයෙහි රුවගුණ පෙහෙවර කිරීමෙහි නියැලුනෙකු පමණක් නො ව ස්වකීය ශාස්තී‍්‍රය සංගීත ඥානය දැයට ප‍්‍රදානය කරමින්, ති‍්‍රවිධ සප්තකයෙහි ම හමුවන ස්වරයන් මධුරාකාරයෙන් සංකලනය කරමින්, ඒ ති‍්‍රස්ථානයන් හි අනාකුල ව හැසිරෙමින් පුරා වසර හතළිහක් ඉක්මවා දන මන පොබයා සිය දිවියේ 67 වන වියට එළැඹෙන්නේ ලබන 15 වන දා යි.

ඒ නිමිති කොට සිළුමිණ පුන්කලස මඟින් කැරුණු කෙටි සංලාපයෙකි මේ.

විස්තර »

පාවුලෝ කොයියෝ ගේ දෙපයින් ඇදෙන ගමනට වඩා මගේ ගමන දීර්ඝයි

අභිනව ප‍්‍රබන්ධ නවකතාවක් The Wayfarer නමින් ඉංග‍්‍රීසි බසින් රචනා කර ඇති මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ලාංකේය සාහිත්‍ය කතිකාව තම නිරන්තර සම්පත් දායකත්වයෙන් පෝෂණය කරනා ශාස්ත‍්‍රධර, සාහිත්‍යකාමී විද්වතාණ කෙනෙකි.  මෙතෙක් ඔහු සිංහල බසින් කළ සාහිත්‍ය කෘතීන් බොහොමයක මෙන් ම මේ අභිනව ඉංග‍්‍රීසි ප‍්‍රබන්ධ රචනාවේ ද මූලික තේමාව වී ඇත්තේ “සොයා යෑම”යි. එහෙත් එතැන දී මහේන්ද්‍රයන් ගේ විශේෂත්වය වනුයේ, හැමවිට ම ඔහුගේ කතා නායකයා මෙකී සොයා යෑමෙහි නිරත වන්නේ තමන් සිටිනා තැන ම සිට මිස පාවුලෝ කොයියෝ ගේ කතානායක චරිත මෙන් දීපංකරයේ සැරිසැරීමෙන් නම් නොවීම යි.

විස්තර »

ජීවිතය හා මරණය පිළිබඳ ගමනෙහි දී ඇවිද යා යුත්තේ තනි ව ය

ඒ වූ කලී ප‍්‍රතාපවත් පෙනුමක් ඇති පැරැණි සියඹලා ගසකි. ගැඹුරු වූ ගංගාව අසබඩ දිය සීරාවෙහි සරුවට වැඩී තිබූ එය, අලුත හටගත්, මුදු මොළොක් ළදල්ලෙන් යුතු ව, පල බර ව තිබිණ. එසේ ම එය සතුන්ට හා මිනිසුන්ට අවශ්‍ය සෙවණ ලබා දුන්නේ ය.  ගස යට තොරතෝංචියක් නැති එක ම ගාල ගෝට්ටියකි. මිනිස්සු මහ හඩින් දොඩමලු වෙති. නැතහොත් වසු පැටියකු තම මව වෙත කරන හඬ ගෑමකි. සිය ආරෝහ පරිණාහයෙන් සෞන්දර්ය පූර්ණ වූ වෘක්ෂය, නිල් අහස් කුස පසුබිම් කොට ගෙන එහි හැඩයෙන් අත්‍යුත්කෘෂ්ට ද වූයේ ය.

විස්තර »

ඔබ සියලු දෙනම මේ වංචාකාරී ලෝකයේ නරක වපුරනව

ඔවුහු තැනිතලා බිමට පිවිසියහ. එය වූ කලී දකුණු දෙසට බැලූ විට පිහිටි දැකුම්කලු වටපිටාවකින් හෙබි කදිම තණ බිමකි.  ගොවියෝ තම අසුන් හා ගවයන් තණ කෑම පිණිස මෙහි නිදැල්ලේ මුදා හැරීමට පුරුදුව සිටියහ.  එහෙත් මෙදින රාති‍්‍රයේ කිසි ම සතකු ගේ සලකුණක් දකින්ට හෝ අසන්ට ලැබුණේ නැත.  හාත්පස පැතිර තිබූ දැඩි නිසල බව බිඳ දමනු ලැබුවේ තණතලාව පිස ගෙන එන වසන්තයේ උණුසුම් සුළං රැළි විසිනි.

“අපි මෙහි නවතිමු.” තකුවාන් භික්ෂුව පැවසීය. “වයිහි ත්සෝත්සෝ සේනාධිපතිවරයා වූ කෝ කු මිං අතට අහුවුණා වගේ තකේෂෝත් දැන් මගේ අතට අහුවෙනව.”


විස්තර »

දෙවන ලෝක සංග‍්‍රාමයේ දී ඉංගී‍්‍රසින්ට ජයභූමිය වූ දුම්බර 

දෙවන ලෝක මහා සංග‍්‍රාමය ආරම්භ වූයේ 1939 සැප්තැම්බර් 01 දින හිට්ලර් පෝලන්තය ආක‍්‍රමණය කිරීමෙනි. සැප්තැම්බර් 03 දින වන විට බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශය ද යුද ප‍්‍රකාශ කෙළේ ය. ජර්මනිය හා එක් ව සිටි ඉතාලිය හා ජපානය මුල දී සංග‍්‍රාමයට එකතු නො වූ නමුත්, පසු ව ඔවුහු ද ඊ එක් වූ හ; බි‍්‍රතාන්‍ය ප‍්‍රංශ හමුදා සමඟ එක් ව ජර්මන් හමුදාවන්ට මුහුණ දුන් හ. ජපානය චීන මුහුදේ හා ඉන්දියන් සාගරයේ යාත‍්‍රා කළ යුද නැව් කීපයකට බෝම්බ හෙළා විනාශකොට ලංකාවේ ති‍්‍රකුණාමලය සහ කොළඹ වරායට ද බෝම්බ හෙළී ය. මේ බෝම්බ හෙළීම සියැසින් දුටු පිරිස් අදත් ජීවතුන් අතර ඇත. ජපනුන් කළ වැරැද්ද නම් ඇමෙරිකාවටත් බෝම්බ හෙළීම ය.

විස්තර »

කොළඹ යුගයේ ආදිතමයා හාප‍්‍රමුඛයා වූබ ආනන්ද රාජකරුණා කිවිසුරාණෝ

 සිංහල කවියට රුව ගුණ ලබා දීමේ ප‍්‍රමුඛ කාර්ය භාරයකට එළැඹි ශී‍්‍ර රූපදේව ආනන්ද රාජකරුණා කිවිසුරාණන් ගේ 123 වන ජන්ම දිනය පසුගිය 07 වන දාට යෙදිණි.  1885 පෙබරවාරි 07 වන දා ජන්ම ලාභය ලැබූ රාජකරුණා කිවියාණෝ සමකාලීන සියලු කවීන් එක් රැස් කොට සමස්ත ලංකා කවි සම්මේලනය අරඹා එහි 12 වසරක් සභාපතිත්වය දැරූහ.  නිදහස් සටනේ පුරෝගාමියකු මෙන් ම නිදහස් මතධාරියකු ද, අධිරාජ්‍ය විරෝධියකු ද, ජනහිතවාදියකු ද, සූර සංවිධායකයකු ද, පීඩිත පන්ති හිතවතකු ද ලෙස ජනතාව අතර ගැවසුණු අප කවියා පිළිබඳ කෙටි ස්මරණයකි මේ.


විස්තර »

ලාංකිකයන් පෙ‍්‍රෟඪ ජාතියක් බව බි‍්‍රතාන්‍යයන්ට පෙන්වන්න ඕනෑ

ශී‍්‍රල. නි. ප.යේ නායකත්වය ගැනීම ප‍්‍රතික්‍ෂේප කිරීම පිළිබඳ ව මැතිනිය කිසිසේත් ම මලලසේකර සමඟ අමනාප නො වූවා ය. නායකත්වය භාර නො ගැනීමට ඉදිරිපත් කළ හේතු මැතිනිය ඉතා ගෞරවාන්විත ව පිළිගත්තා පමණක් නොව ඔහු ඉදිරි අනාගතයේ දී ඇය අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව දුන් උපදෙස් කෙරේ ද ඉතා සාවධානව ඇහුම්කන් දුන්නා ය. 1960 ජූලි මැතිවරණය වන විට ඇයට මලලසේකර දුන් උපදෙස් අනිවාර්යයෙන් ම කි‍්‍රයාත්මක කරන්නට සිදු විය.

විස්තර »

ලෝ පසිඳු සිත්තරු II

ගයාටෝ ඩී බොන්ඩොනෝ

මේ චිත‍්‍ර ශිල්පියා ඉතාලියේ ප්ලෝරන්සය වාසභූමි කොට ජීවත් වී ඇත. බටහිර කලා ඉතිහාසය පිළිබඳ ව කතා කරන කල මොහුට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. මේ චිත‍්‍ර ශිල්පියා ගේ මුල් ගුරුතුමා ලෙස සිමාබ්‍යු සිත්තරා අපට හැඳින්විය හැකි ය. ගයාටෝ මිනිස් රුව, සිත්තමක ඊට ම අයත් ස්කන්ධයක් සහ අවකාශයක් හිමි වස්තුවක් ලෙස සැලකූ මුල් ශිල්පියා විය. ඔහු ගේ චිත‍්‍ර අසීමිත මිහිරියාවෙන් මිදී තිබිණි.  ඒවා සංකීර්ණ සන්නිවේදනයක් වෙයි. එසේ ම ඒවා නිර්ව්‍යාජ වෙයි මේ මාධ්‍යකාලීන සිත්තරා කි‍්‍ර.ව. 1266 සිට 1337 දක්වා කාලය තුළ නිර්මාණකරණයේ යෙදී ඇත.

විස්තර »