|
පොත්පුවත්
 නිසි ක‍්‍රමවේදයකට
ඉංගී‍්‍රසි උගන්වන කෘතියක්
ඉංගී‍්‍රසි භාෂාවේ රීති කිහිපයක් ඉතා පහසු
සිංහලෙන් ඉදිරිපත් කරන කෘතියක් මෑතක දී නිකුත්
විය. සිංහල අපට පහසු සිංහලෙන් ඉංගී‍්‍රසි නම්
මේ ග‍්‍රන්ථය ඉංගී‍්‍රසි පිළිබඳ කිසිදු
දැනුමක් නොමැති කෙනකුට වුව ද සරල ව තේරුම්
ගනිමින් උගැනීමට ආධාර වන්නකි. පියවරෙන් පියවර
ඉංගිසි ව්‍යාකරණ පිළිබඳ දැනුම ගොඩනංවන සේ
සැකැසුණු මේ ග‍්‍රන්ථය ක‍්‍රමානුකූල ඉගැන්වීමේ
ක‍්‍රමවේදයකට අනුව සැකැසී ඇති බැවින් වඩාත්
සප‍්‍රයෝජනවත් ප‍්‍රයත්නයක් ලෙස හැඳින්විය
හැකි ය. මයිකල් ආන්ජලෝ ප‍්‍රනාන්දු ගේ මේ
කෘතිය 124, චිත‍්‍රාවිලා, ශා සාවියර් පාර, ජා
ඇල යන ලිපිනයට ලියා ලබා ගත හැකි ය.

ආර්.ආර්. සමරකෝන් ලියූ
“සුන්දරා” එළිදැක්ම
1971 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ‘ගේ
කුරුල්ලෝ’ සහ ‘සඳ එළිය කළුවරයි’, ‘අකලංක’,
‘ලොකු අක්කා’ වැනි ජනපි‍්‍රය නවකතා ද ‘කැලණි
පාලම’, ‘අහසින් වැටුණු මිනිස්සු’, ‘කපුටු බෝ’
වැනි වේදිකා නාට්‍යය ද රචනා කළ ප‍්‍රවීණ ලේඛක
ආර්.ආර්. සමරකෝන් සූරීන් ලියූ අලුත් ම යොවුන්
නවකතාව “සුන්දරා” 2008 පෙබරවාරි මස 05 වැනි
අඟහරුවාදා උදේ 10.00 ට කොළඹ මරදානේ, පූජ්‍ය
ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ
සමාගමයේ නව පොත් ප‍්‍රදර්ශනාගාරයේ දී එළිදකී.
මේ කෘතිය ළමයින්ට පමණක් නො ව ග‍්‍රන්ථ
පරිශීලනයෙහි යෙදෙන වැඩිහිටියන්ට ද ආදර්ශවත්
කතාවක් මෙන් ම කියවා රස වින්දනයක් ලැබිය හැකි
ග‍්‍රන්ථ

විෂ චිකිත්සාව හා සර්පයෝ II
කර්තෘ - වෛද්‍ය විශාරද –පියසේන සෙනෙවිරත්න
ප‍්‍රකාශනය – කර්තෘ ප‍්‍රකාශනයක්
පොල්අඹේගොඩ සෙනෙවිරත්න
විෂ වෙද රෝහල – මාවනැල්ල.
මෙරට මෙන්ම අන්තර්ජාතිකව ද විෂ වෙදකම පිළිබඳව
කුසලතා දක්වා ඇති වෙද පරම්පරාවකට මේ කතුවරයා
අයත්ය. සර්ප විෂ බිය දුරු කැරලීමට මෙහි
තොරතුරු උපකාරී වනු ඇත.
හෙළ වෙදකම මෙන්ම බටහිර මතවාද ද විද්‍යාත්මක
කරුණු ද මෙහිදී ඉදිරිපත් කැර ඇත. එමෙන්ම
මන්ත‍්‍ර ශාස්ත‍්‍ර, පෙරමඟ ලකුණු, දූත ලක්ෂණ
ආදී බොහෝ කරුණු මීට ඇතුළත්ය.

පිටසක්වල ජීවය
කර්තෘ - අමල් උඩවත්ත
ප‍්‍රකාශය – වාසනා ප‍්‍රකාශකයෝ
මිල – 120
පාඨක කුතුහලය පිටසක්වල ජීවීන් සිටීද නොසිටීද
යන පැනය කෙරෙහි එල්ල වූ වකවානුවක මෙරට
ප‍්‍රවීණ විද්‍යා මාධ්‍යවේදියකු වන අමල්
උඩවත්ත විසින් අදාළ විෂය පිළිබඳව කෙරෙන පුළුල්
විවරණයක් මේ මඟින් ඉදිරිපත් කෙරේ.
බුදු දහම හා ඉන් කියැවෙන ලෝක විෂය පිළිබඳ
විග‍්‍රහයට අදාළ කරුණු ද මේ පොත සංස්කරණයෙහි
දී අන්තර්ගත කැර තිබේ.
එසේම විවිධ විද්‍යාඥයන් හා ගවේෂකයන් පිටසක්වල
ජීවීන් පිළිබඳව කරන ලද ඉදිරිපත් කිරීම් ද
මෙහිලා පාඨක සිත ඇද බැඳගන්නා අයුරින් ඉදිරිපත්
කැර ඇත.
සිඟිති හුරුව
කර්තෘ - ආනන්ද බී.හේරත්
ප‍්‍රකාශනය - සඳකඩ
මිල – 200/-
කි‍්‍රයාශීලීත්වය, විනෝදය සමඟ අවබෝධය ලැබිය
හැකි පොතකි. විශේෂයෙන් කුඩා දරුවන්ට අකුරු
ලිවීමට, රූප ඇඳීමට මෙයින් ලබාගත හැකි මෙහෙය
විශාලය.
එමෙන්ම භාෂා වර්ධනයට තුඩු දෙන භාෂා
කි‍්‍රයාකාරකම් රැසක් ද ඇතුළත්ය.
නව විෂය නිර්දේශයනට ගැලපෙන අයුරින්, ලිවීම
වැඩි දියුණු කරවනු පිණිස මේ පොත සකසා ඇති බව ද
කර්තෘ පවසයි. පිළිවෙළට අකුරු හඳුනාගැනීමටත් ඒ
ඒ අකුරින් පටන් ගන්නා වචනවලට හුරුකැරවීමත්
මෙයින් සිදුවේ.

ලියනාඩෝ ඩාවින්චි ගේ
උපමා කතා
කර්තෘ - තනූජා ධර්මපාල
ප‍්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින්
(ප‍්‍රයිවට්) ලිමිටඩ්
මිල – 150
ලියනාඩෝ ඩාවින්චි ගේ් උපමා කතා ‘සිළුමිණ”
පුවත්පතේ කලෙක පටන් පළවූ තීරු සටහනකි.
ස්වභාව අධ්‍යයනය ඔස්සේ දැනුමින් පිරිපුන්
මෙන්ම චිත‍්‍ර ශිල්පයේ ලොව මවිත කරවන නිර්මාණ
එළිදැක්වූ ඩාවින්චි ‘පුනරුදයේ පියා’ හෙවත්
‘රෙනසන් මෑන්’ ලෙස ලොව ප‍්‍රකටය.
උපමා කතා ලියූ නිර්මාණ ශිල්පීන් අතර ඊසොප්ටත්
ප‍්‍රංශ ලාෆොන්ටේන්ටත්, ජර්මනියේ ග‍්‍රීම්
සොහොයුරන්ටත් ලැබුණු තැනට සරිලන තැනක්
ඩාවින්චිට ද ලැබී ඇති බව මේ පරිවර්තනය කියවන
කල්හි ඔබට වැටහෙනු ඇත.

දේශගුණික උපද්‍රව
කර්තෘ - ඇම්.රත්නායක
ප‍්‍රකාශනය – කර්තෘ ප‍්‍රකාශනයකි.
භූගෝල විද්‍යා අධ්‍යයනාංශය,
රුහුණු විශ්වවිද්‍යාලය, මාතර.
මිල – 200
නොවැළැක්විය හැකි ලෙසට මුහුණ පෑමට සිදුවන
ස්වභාවික විපත් පිළිබඳව දැනුම්වත් වීම සඳහා
මහෝපකාරී වන පොතකි. මිනිසා කෙතරම්
විද්‍යාත්මකව හා තාක්ෂණික වශයෙන් ප‍්‍රගතියක්
ලබා තිබුණ ද නිරන්තරයෙන් මුහුණ පෑමට සිදුවන
ස්වභාවික විපත් පිළිබඳව මෙහි බොහෝ කරුණු
ඉදිරිපත් කැර තිබේ.
අධ්‍යාපනික වශයෙන් දැනුම් සම්භාරයක් ලබා
ගැනීමට පොත උපයෝගී කැරගත හැකිය. සංචාරයේ යෙදෙන
උදවියට ඒ ඒ පරිසර පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක්
ලබා ගැනීමට අවස්ථාව ගෙන දේ.

නායක හොඳහිත සහ
නායිකා කූඹිච්චි
කර්තෘ - අතුල රන්සිරිලාල්
ප‍්‍රකාශනය - සදීපා
මිල – 200
රූපවාහිනී මාධ්‍ය මඟින් කුඩා ළමයින්ගේ සිත්වලට
සමීප වූ කාටූන් චරිත රැගත් මේ පොත දරුවන්ගේ
ලෝකයට රසයක් එක්කරනු ඇත. ජාතික රූපවාහිනිය
ළමයින්ගේ ලෝකය සුන්දරත්වයෙන් හා ආදර්ශයෙන්,
අවවාදයෙන් පුරවාලූ නමුත් නිර්මාණ අතර අමතක
නොවන අපූර්වතම නිර්මාණ කිහිපයක් මෙයට එක්කැර
ඇත.
දැනට වැඩිහිටියන් වී සිටින එවක ළමා කාටූන් කතා
රූපවාහිනියෙන් රසවිඳි බොහෝ දෙනකුට ද එදා
මෙන්ම ඒවායේ ආස්වාදය විඳගැනීමට මෙය මහඟු
අවස්ථාවකි.

නිවී සැනසුණු ජීවිතයක්
කර්තෘ - පූජ්‍ය කිරිබත්ගොඩ
ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
සම්පාදිකා - නයනා නිල්මිණි
ප‍්‍රකාශනය – දයාවංශ ජයකොඩි
සහ සමාගම
මිල – 200
බුදුසරණ පුවත්පතෙහි කලක පටන් පළවූ ලිපි පෙළක්
‘නිවී සැනසුන ජීවිතයක්’ නමින් මෙසේ එළිදැක්වී
ඇත.
අති උතුම් ජීවන මාර්ගයක් වූ බුදු දහමේ
හැසිරීමෙන් පුද්ගලයකුට මෙලොව දී ලද හැකි මහත්
වූ ප‍්‍රතිලාභ හා පරලොව දී ලද හැකි ප‍්‍රතිලාභ
කියා නිම කළ නොහැකි තරම්ය.
ප‍්‍රශ්න උත්තර වශයෙන් එන මේ පැහැදිලි කිරීම්
ඉතා සරලව ඕනෑම පුද්ගලයකුට පහසුවෙන් වටහාගත
හැකි පරිදි සකස් කැර ඇත.
එදිනෙදා ජීවිතය දහමින් සනසා ගන්නේ කෙසේදැයි
මෙහිලා මනාව පැහැදිලි කෙරේ.
භූමිකම්පා හා සුනාමි
කර්තෘ - ඇම්.රත්නායක
ප‍්‍රකාශනය – කර්තෘ ප‍්‍රකාශනයකි.
භූගෝල විද්‍යා අධ්‍යයනාංශය
රුහුණු විශ්වවිද්‍යාලය - මාතර.
මිල – 120
සුනාමි ව්‍යසනයට අප මුහුණ දුන්නේ අනපේක්ෂිතව
ය. එහෙත් සිදුවූ විනාශය අපට විසල් පාඩමක් කියා
දුන්නේය. දැන් හෝ ඒ සඳහා සූදානම් වීම
අත්‍යවශ්‍යය. ඒ සඳහා මඟ පෙන්වීමක් පොතින්
ඉදිරිපත් කැර ඇත.
ක්ෂණික කි‍්‍රයාවලියක් වන භූමිකම්පා පිළිබඳව
දැනුම්වත් වීමද එබඳු විපත්වලින් ආරක්ෂාවීම
සඳහා ඉතාත්ම වැදගත් වේ. මේ පොත ඒ කරුණු සඳහා ද
මඟ පෙන්වයි.
අ.පො.ස. (සාමාන්‍ය පෙළ)
සාහිත්‍ය විචාරය 1
කර්තෘ - පූජ්‍ය කළුගහකඳුරේ
වජිර හිමි
මිල – 40
විෂය නිර්දේශයට අනුකූලව “අපටත් දවසක ඉර
පායාදෝ” කෙටි කතාව සහ “වැස්ස” පද්‍ය පංතිය
විචාර සමඟ මෙහි ඉදිරිපත් කැර ඇත. එමෙන්ම
විභාගය සඳහා සූදානම් වන සිසු දරු දැරියන් සඳහා
ඊට අදාළ පරිදි සකසන ලද ප‍්‍රශ්න රැසක් ද
ඇතුළත් කොට තිබේ.
මෙහිලා විභාගයක් ඉලක්ක වුවද එම අවශ්‍යතාවය
ඉක්මවා සාහිත්‍යයට කළ හැකි සමාජ මෙහෙවර උදෙසා
විශේෂයෙන් සංවේදී පුද්ගලයන් බිහිකැරලීමෙහිලා
සාහිත්‍ය රසවින්දනයේ වැදගත්කම ද මෙයින් ගම්‍ය
කරවයි.
කළුතර ඓතිහාසික බෝ සමිඳු
කර්තෘ - සංජීව කුමාර රංගල්ල
ප‍්‍රකාශනය – කර්තෘ ප‍්‍රකාශනයකි.
නො.27/4, නවගාලු පාර - මොරටුව.
මිල – 60
සමස්ත ලෝක වාසී බෞද්ධ ජතාවගේ උතුම් බුහුමනට
පාත‍්‍ර වන්නාවූ පූජනීය ස්ථානයක් වන කළුතර බෝ
සමිඳුන් පිළිබඳව ලියැවුණු සංක්ෂිප්ත නමුත්
පූර්ණ විස්තරයකි.
බෝ සමිඳුන් පිළිබඳ පුරාවෘත්ත හා බැඳී කතා
සමඟින් ඓතිහාසික වැදගත්කම කියාපායි. මෙකී
පූජනීය ස්ථානයේ පිහිටීම, වර්තමානය, අතීත
පසුබිම ආදිය මෙන්ම ඓතිහාසික වැදගත්කම ද
පැහැදිලි කැර ඇත.
නිරුවත් දරුවෝ
කර්තෘ - සුමනරත්න අලුත්වල
ප‍්‍රකාශය - කර්තෘ ප‍්‍රකාශනයකි.
‘ගංගා’ මහවත්ත, බටපොළ.
මිල - 100
සමාජයට යහ මඟ කියා දෙන භික්ෂු චරිත ගුරු චරිත
මැදි කොට ගෙන නිර්මාණයන් බිහි කිරීමට මෙහි කතු
උත්සාහ දරා ඇත.
සමාජ යථාර්ථය තම නිර්මාණය තුළ ඔහු කැටි කරයි.
පටු දෘෂ්ටිකෝණවලට සිර නො වී ලෝකය දකින්නට
පාඨකයාට ඇරියුම් කරයි.
සුවඳ හමන ජීවිත
කර්තෘ - ඉරූෂා ග්‍රේරෝ
ප‍්‍රකාශනය - සදීපා ප‍්‍රකාශන
මන්දිරය
මිල – 160
නන් අයුරින් ලොව බැබළුණ මිනිසුන් පිළිබඳව දැන
හඳුනාගැනීම ලොකු කුඩා කාහට ද වැදගත්ය. “මිහිර”
කර්තෘ මණ්ඩලයේ සේවයේ නියුතු මෙහි කතුවරිය
ඉරූෂා ග්‍රේරෝ විසින් එම පුවත්පතට සපයන ලද
“සුවඳ හමන ජීවිත” ලිපි මාලාවෙන් කොටසක් අගනා
ග‍්‍රන්ථයක් ලෙස මෙලෙස පාඨක දෝතට පිරිනමා
තිබේ. ලොව බැබැළවූ ශ්‍රේෂ්ඨ මිනිසුන් පස්දෙනකු
පිළිබඳ සවිස්තරාත්මක ලෙස හඳුන්වාදීම මේ පොතෙන්
සිදුවේ.

On Education Peace and
Culture
කර්තෘ - එල්.ආරියවංශ
ප‍්‍රකාශනය – කර්තෘ ප‍්‍රකාශනයකි.
54/15, පැපිලියාන පාර, දෙහිවල.
කර්තෘ විසින් ලෝකයේ විවිධ රටවල විවිධ සම්මේලන
අමතමින් කරන ලද කතා සහ ලියන ලද ලිපි මෙහි
ඇතුළත් කැර ඇත. ලෝක ගුරු සංගම් සම්මේලනය මෙන්ම
ශ‍්‍රී ලංකා සාම කවුන්සිලයේ ලේකම් ලෙසද මේ
අදහස් ප‍්‍රකාශ කැර ඇත.
පරිච්ඡේද එකොළහක් යටතේ විස්තර ඉදිරිපත් කෙරෙන
මේ පොතේ සාමය පිළිබඳව අදහස් රැසක් ඉදිරිපත්
කැර ඇත.
|