මමත්වයෙහි කි‍්‍රයාකාරිත්වය පිළිබඳප‍්‍රඥාපූර්ණ අවබෝධය
| |
මමත්වයෙහි කි‍්‍රයාකාරිත්වය
පිළිබඳප‍්‍රඥාපූර්ණ අවබෝධය
|
|

 |
|
ජේ.
කි‍්‍රෂ්ණමූර්ති
|
මිනිස්සු වැඩි දෙනෙක් ආත්මාර්ථකාමීහු වෙති.
එහෙත් සිය ආත්මාර්ථය ගැන හැඟීමකුදු නැති ඔවුනට
එය ඔවුන් ගේ ජීවිතයෙහි ස්වාභාවික දෙයක් වී
ඇත්තේ ය. ඉදින් තමා ආත්මාර්ථකාමියකු බව කෙනකුට
හැඟේ නම්, ඔහු විසින් එය සඟවා ගනු ලබන්නේ
ඉතාමත් සූක්ෂ්ම ව, අවශ්‍යයෙන් ම ආත්මාර්ථකාමී
වන සමාජීය ව්‍යූහයට අනුකූල වන පරිදි ය. ආත්මාර්ථකාමී වූ මනස අතිශයින් ම සටකපට ය. එක්
අතකින් බෙහෙවින් ප‍්‍රචණ්ඩ ව හා විවෘත ව ම
ආත්මාර්ථකාමී වන එය. එසේ නොවෙතොත් වෙනත් විවිධ
ස්වරූපයෙන් ද ඉස්මතු වෙයි. ඉදින් ඔබ
දේශපාලනඥයකු නම්, ආත්මාර්ථකාමය සොයා යන්නේ
බලය, තත්ත්වය හා ප‍්‍රසිද්ධිය ය.
එහි දී එය
කිසියම් සංකල්පයකින් හෝ විශේෂිත ව පැවැරුණු
කාර්ය භාරයක් වශයෙන් හෝ සියල්ල හුදෙක් මහජන
සුබ සිද්ධිය පිණිස ය යනුවෙන් හෝ නම් කර ගනියි.
එසේ ම ඔබ ඒකාධිපතියකු නම්, එය ප‍්‍රකාශයට පත්
වනුයේ අතිශය කුරිරු පාලනයකිනි. ඔබ ආගමික
නැඹුරුවක් ඇති කෙනකු වූ විට එය පුද පූජා
පැවැත්වීම, බැතිමත්වීම හා කිසියම් විශ්වාසයකට
හෝ දෘෂ්ටියකට හෝ ඇලී ගැලී සිටීම බඳු ස්වරූපයක්
ගනියි. කුටුම්භය ඇසුරින් ද එය ප‍්‍රකට වෙයි. එහි දී
පියා ගත කරන ජීවිතයෙහි හැම’තින් ම හෙළි
කැරෙනුයේ ආත්මාර්ථ ය ය. මව ද එ සේ ම ය. ඒ හැර
කෙනකුට ප‍්‍රසිද්ධිය, ධනය හා රුව සෝබාව ඇති
විට ද මමත්වය සඟවා ගැනීමට එය ඉවහල් වෙයි.
පූජකවරුන් ද උත්තරීතර වූ දේවත්වය පිළිබඳ සිය
ඇප කැපවීම හා බැතිමත්වීමත්, තම අනන්‍ය වූ
දෙවියන් පිළිබඳ චිත්ත රූපය කෙරෙහි පවතින දැඩි
විශ්වාසයත්, මහත් ප‍්‍රසිද්ධියේ ම කියා සිටිය
හැකි ය.
එහෙත් ධූරාවලියකින් සමන්විත වූ ඔවුන්
ගේ සාමුහික ව්‍යූහයෙහි ද ඇත්තේ මමත්වය ය. එසේ
ම වෙළෙඳ ව්‍යාපාරයක බලධාරීන් හා ලිපිකරුවා වෙත
පවතින මේ තෘෂ්ණාධික වූ මමත්වය වූ කලී කොතෙකුත්
ප‍්‍රසාරණය වෙමින් පවතින්නකි. එසේ ම එය අතිශය
අසංවේදී ය. භික්ෂුව ද ගිහි ගෙය හැර පියා, තිර
වාසයකින් තොර ව, පිණ්ඩපාතික ව හෝ කිසියම්
අසපුවකට වැද සංවාසික ව හෝ ජීවිතය ගත කරනු විය
හැකි ය. එහෙත් හෙතෙමේ ද මේ අනන්ත වූ ආත්මගත
චර්යාවෙන් මිදුණේ නො වේ.
ඇතැම් විට ඔවුහු සිය
නම් ගම් වෙනස් කොට, කාෂාය වස්ත‍්‍රයෙන්
සැරැහී, සන්හුන් ඉරියවු ඇති ව, බහ්මචර්යය
සමාදන් ව සිටිනු විය හැකි වුව ද, කිසියම්
පරමාදර්ශයකින් හෝ සංකල්පයකින් හෝ මනºකල්පිත
ප‍්‍රතිරූපයකින් හෝ නිතර ඇවිළගෙන ම සිටිති. මේ හැර විද්‍යාඥයෝ, දාර්ශනිකයෝ හා
විශ්වවිද්‍යාලයීය මහාචාර්යවරු ද යථෝක්ත
පුද්ගලයන් ගෙන් වෙනස් වූවාහු නො වෙති. එ සේ ම,
සුබ සාධක කටයුතුවල නිරත ව සිටින්නා ද,
සාන්තුවරුන් සහ ආගමික ගුරුන් ද, දිළිඳු ජනතාව
වෙනුවෙන් කැප වී වැඩ කරන්නා ද, යන මේ සියල්ලෝ
ම සිය කටයුතුවල නිරතවෙමින් තමන් ගෙන් ම පලා
යෑමට තැත් කරති. එලෙස පලා යෑමේ ම කොටසක් වී
ඇති එකී කටයුතුවලට ම ඔවුන් ගේ ආත්මාභිමානය ද
පවරනු ලැබ තිබේ.
මමත්වය වූ කලී ළමා වියෙහි දී
ආරම්භ ව මහලු විය දක්වා දිගට ම පවතින්නකි. මේ
ව්‍යාධිය පාණ්ඩිත්‍යය පිළිබඳ අභිමානයෙහි ද,
නායකයා වෙත පිහිටා ඇති පරිචිත නිහතමානයෙහිද,
යටහත් පහත් වන බිරිය හා සිය අනසක පතුරුවා ගෙන
සිටින පුරුෂයා වෙත ද දැක්ක හැකි ය.
රාජ්‍යය ද
බැඳී තිබෙනුයේ මමත්වය සමඟ ය. කෙළවරක් නැති
සංවිධාන, සංකල්ප හා අරමුණු ද එ-සේ ම ය. එහෙත්
ඒවා දිගට ම පවතිනුයේ ආරම්භක අවස්ථාවෙහි තිබූ
පරිදි ම ය. මේ මධ්‍යගතයෙන් හෙවත් මමත්වයෙන් නිදහස් වනු
පිණිස මිනිසා කොතෙකුත් වෑයම් කොට ඇත්තේ ය. ඒ
සඳහා හෙතෙම විවිධ අභ්‍යාස ක‍්‍රම හා භාවනා
කිරීම් ද ඉවහල් කොට ගෙන ඇති නමුත් සෙවණැල්ලක්
සේ එය කිසි විටෙකත් හසු කර ගැනීමට සමත් වී
නැත. ඇතැම් විට එය සවිමත් ය; නැතහොත් පවතින
අවස්ථාවනට අනුව දුර්වල ද වෙයි. එවිට පැන යා නො
දී හසු කොට ගත හැකි වුව හොත් එය ඔබ අබියස පෙනී
සිටිනු ඇත. අපේ ජීවිතවල මමත්වය වූ කලී කොතරම් අනර්ථකාරී,
දූෂිත වූ විකෘතියක් මෙන් ම අනතුරුදායක දෙයක්
දැයි නව පරපුරක් පිළිබඳ මහත් වගකීමකින් යුතු ව
සිටින ගුරුවරයා විසින් හුදු පදගතා’ර්ථයෙන් නො
ව, ඇති සැටියෙන් ම අවබෝධ කර ගනු ලැබ තිබෙන්නේ
දැයි යනු මේ සම්බන්ධයෙන් කල්පනා කරන කවරකු තුළ
වුව ද, කුතුහලය හා මුසු ව මතු වන විමතියකි.
ඇතැම් විට එයින් නිදහස්විමක් ගැන කල්පනාවක් හෝ
ඒ ගැන අවධානයක් හෝ ඔහුට නොතිබිය හැකි ය. එහෙත්
මමත්වය හැසිරෙන ස්වභාවය කිසියම් විටෙක ඔහු
දුටුවහොත්, එහි පවතින අතිශය සියුම් වූ සටකපට
බව තම සිසුවා වෙත අනාවරණය කළ හැකි ද? එසේ
කිරීම ඔහු ගේ වග කිමක් නො වේ ද? මමත්වයෙහි
කි‍්‍රයාකාරිත්වය පිළිබඳ ප‍්‍රඥාපූර්ණ අවබෝධය
වූ කලී ශිල්ප ශාස්ත‍්‍ර උගැනුමට වඩා හැමතින් ම
උසස් ය. දැනුම යනු මමත්වය විසින් තමා
ප‍්‍රසාරණය කර ගනිමින් සිය කලහකාරී බව හා නිසග
කුරිරු බව පිණිස ද යොදා ගනු ලැබිය හැකි දෙයක්
වන බැවිනි. ආත්මාර්ථකාමය අපේ ජීවිතයෙහි අපට මහත් ගැටලුවක්
වී ඇත. තරගය හා විශේෂ හැකියාවක් ඇති විට පවතින
අනුකම්පා විරහිත බව මෙන් ම අනුකූලතාවය හා
අනුකරණය ද පෙන්නුම් කරනුයේ මමත්වය ය. ඉදින්
අධ්‍යාපනය භාර ව සිටින ගුරුවරුන් විසින් මේ
ගැටලුව වඩාත් ගැඹුරින් යුතු ව අවබෝධ කර ගනු
ලැබ තිබේ නම්, එයින් නිදහස් වනු පිණිස ඔවුන්
සිසුනට සහාය විය යුතු ආකාරය කුමක් විය යුතු ද?
ඇතැම් විට ඒ වනාහි අසිරිමත් දෙවිවරුන් විසින්
කැරෙන පරිත්‍යාගයක් බව හෝ කිසි විටෙකත් සිදු
නොවිය හැකි දෙයක් සේ බැහැර කර දමන්නැ යි හෝ ඔබ
කියා සිටිය හැකි ය.
එහෙත් අවශ්‍යයෙන් ම ඔබ
වඩාත් අවංක නම්, එසේ ම සිසුවා පිළිබඳ පූර්ණ
වගකීමෙන් ද යුතු ව සිටින්නෙහි නම්, අති මහත්
දුක් කන්දරාවකට හේතු ප‍්‍රත්‍ය වෙමින් නිරතුරු
ව පවත්නා මේ අවිච්ඡින්න වූ බලවේගයෙන් මනස
නිදහස් වනු පිණිස ඔබ විසින් ගනු ලබන පියවර
කුමක් ද? ඔහු කෝපයට පත් ව කතා කරන විට ද, තවත්
කෙනකුට පහර දෙන විට ද, තම ආත්ම ගරුත්වය ගැන
කල්පනා කරන විට ද මතු වන ප‍්‍රතිවිපාක ගැන
මෙත් සිතින් යුතු ව ම සරල බසින් පැහැදිලි
නොකරන්නෙහි ද? ඇතැම් විට “ මෙය මගේ ම ය” යයි
ඔහු තරයේ කියා සිටිය හැකි ය.
නැතහොත් “එය
මවිසින් කරන ලද්දකි” යි ගර්විත විය හැකි ය.
එසේත් නැතහොත් බිය පත් ව ඇතැම් කටයුත්තක් මඟ
හැර සිටිය හැකි ය. එවිට එය ගඩොලින් ගඩොල තබා
තමා වට කොට පවුරක් බැඳ ගැනීමක් වන බව විස්තර
කර දෙන්නට ඔබට නො හැකි ද? ඔහු ගේ ආසාවන් හා
ඉන්ද්‍රිය ගත පුබුදුවීම් හේතු කොටගෙන
සිහිබුද්ධිය යටපත් කැරෙන විට එය මමත්වයෙහි
අඳුරු සෙවණැල්ල අනුක‍්‍රමික ව විශාල වීමක් බව
පෙන්වා දීමට පුළුවන්කමක් තිබේ ද? ඒ හැර මමත්වය
කිසියම් ව්‍යාජ වේශයකින් යුතු ව මතු වී එන විට
එහි දයාවක් හා කරුණාවක් නොමැති බව කියා සිටිය
නො හැකි ද? එහෙත් මෙහි දී ශිෂ්‍යයා විසින් ගුරුවරයා මෙසේ
විමසනු ලැබිය හැකි ය. “ඉදින් ඔබ මේ සියල්ල
අවබෝධ කර ගෙන ද සිටින්නේ? එසේ නැතහොත් මේ
වනාහි හුදු වචන හරඹයක් පමණක් ද?” මේ ප‍්‍රශ්නය
හේතුවෙන් ම ඔබේ පැණැස අවදි විය හැකි ය. එවිට
පැහැදිලි වැටහීමක් සහ නිවැරැදි වචන ද ඔබ වෙත
පිරි නැමෙනුයේ එකී ප‍්‍රඥාවබෝධය හේතු කොට ගෙන
ය. ගුරුවරයකු වශයෙන් තත්ත්වයක්, තරාතිරමක් ඔබ වෙත
නොමැත. සිසුවකු මෙන් ඔබ ද ජීවිතයෙහි අප‍්‍රමාණ
වූ ගැටලුයෙන් වෙළී සිටින මනුෂ්‍යයෙකි. ඉදින්
කිසියම් තරාතිරමක් ඇති ව කතා කරන විට සැබැවින්
ම ඔබ කරන්නේ මිනිස් සබඳතාව බිඳ හෙළීමකි.
තත්ත්වය, තරාතිරම යනුවෙන් හැඟවෙනුයේ කිසියම්
බලපරාක‍්‍රමයකි.
ඉදින් ඔබ සවිඥානක ව හෝ
අවිඥානක ව හෝ බලය අත් කර ගැනීමේ ප‍්‍රයත්නයක
යෙදී සිටින්නෙහි නම්, ඔබ පිවිසෙනුයේ අතිශය
ම්ලේච්ඡ වූ කුරිරු ලෝකයකට ය. පිය මිතුර,
එහෙයින් අති විශාල වගකීමක් ඔබ වෙත පැවරී ඇත.
ඉදින් දයාවෙන් හා කරුණාවෙන් යුතු ව මේ පූර්ණ
වගකීම ඔබ භාර ගෙන සිටින්නෙහි නම්, ‘මම’ හැඟීම
සහමුලින් ම ඔබ වෙතින් දුරු වී යනු ඇත.
මේ
වනාහි කිසියම් දිරිමත් කිරීමක් හෝ කළ යුතු බවට
හැඟීමක් ඇති කිරීමක් හෝ බඳු යම් පැහැදිලි
කිරීමක් නොවන බව කිව යුතු ය. එහෙත් අපි
සියල්ලෝ ම මනුෂ්‍යයෝ වෙමු. අප නියෝජනය කරනුයේ
සමස්ත මනුෂ්‍ය වර්ගයා ය. ඒ අනුව මේ සඳහා අප
තෝරා පත් කොට තිබුණත්, නැතත් අපි සමස්ත වශයෙන්
ඉඳුරා ම වග කිව යුතු වෙමු. ඇතැම් විට ඔබ එය මඟ
හැර සිටීමට උත්සාහ කරනු විය හැකි ය. එහෙත් එකී
උත්සාහය ම මමත්වයෙන් යුතු ව කටයුතු කිරීමකි.
නිරවුල් අවබෝධය වු කලී මමත්වයෙන් නිදහස්වීම ය.
කි‍්‍රෂ්ණමූර්තීන්ගේ
Letters to the Schools නමැති කෘතිය ඇසුරෙනි.
පරිවර්තනය ආරියරත්න විජයසිංහ
|