|

ගාන්ධි දකුණු අපි‍්‍රකාවේ ෆීනික්ස් ගොවිපළෙන්
ඉවත්ව යෑමත් සමඟම, ඔහුගේ පවුල සහ සෙසු පවුල්ද
දකුණු අපි‍්‍රකාව අතහැර ඉන්දියාවට පැමිණියාහ.
තම කණ්ඩායමේ තරුණයන්ට ලැගුම් ගැනීමට සුදුසුම
ස්ථානයට හැටියට ගාන්ධි විසින් තෝරාගන්නා
ලද්දේ, ශාන්ති
නිකේතනයයි. ඒ වූකලී, භාරතයේ මහා නවකතාකරුද,
1913 නොබෙල් සාහිත්‍ය සම්මානලාභී කවියා ද වූ
රවීන්ද්‍රනාථ ඨාකූර හෙවත් රබීන්ද්‍රනාත්
තාගෝර් විසින් පවත්වාගෙන යන ලද නැඟෙනහිර
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ පිහිටා තිබුණු මහා
කලා අධ්‍යාපන නිකේතනයයි. පසු කලෙක, එනම්, 1921
වසරේදී, විශ්ව භාරතී විශ්වවිද්‍යාලය බවට පත්
වූයේද, එකී සුප‍්‍රකට විද්‍යායතනය මැයි.
විස්තර »
|