|

මීට අවුරුද්දකට පමණ ඉහත දී විකාශය අත්හිටුවා
තිබූ ‘සුදු කපුරු පෙති’ ටෙලි නාට්‍යය දැන්
යළිත් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වෙයි.
මෙය නව පරපුරේ තරුණ ටෙලිනාට්‍යකරුවකු වන අතුල
පීරිස් ගේ පළමු වන වැඩිහිටි වෘත්තාන්ත ටෙලි
නිර්මාණය යි. අතුල පීරිස් වේදිකාව ඇසුරෙහි සිට රූපවාහිනි
මාධ්‍යයට ප‍්‍රවිෂ්ට වූ කලාකරුවෙකි. ‘මේ වැනි
බිලින්දෝ,’ ‘විශ්වාන්තර’, ‘සුබසරණාගත’ ‘පස්මහ
බැලුම්’, ‘මහා ඊඩිපස්’ ඔහු අධ්‍යක්ෂණය කළ
වේදිකා නාට්‍ය වන්නේ ය. මේ හැම නාට්‍යයක් ම
රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසාන වටය නියෝජනය
කිරීමත් ඇතැම් නාට්‍ය රාජ්‍ය සම්මානයට
පාත‍්‍රවීමත් විශේෂත්වයකි. දීර්ඝ නාට්‍ය
හැරුණු කොට අතුල කෙටි නාට්‍ය 28 ක් පමණ ලියා
වේදිකාගත කර ඇත.
විස්තර » |