ජනපි‍්‍රයත්වයයි උසස් වින්දනයයි එකිනෙකට පටහැනි ධර්මතා නොවෙයි



 

මෙරට ජනසන්නිවේදන විෂයය සම්බන්ධ පුරෝගාමී ලේඛකයකු හා පර්යේෂකයකු වන මහාචාර්ය විමල් දිසානායක තත් විෂයයට අදාළ වාක්කෝෂය සැකැසූ ප‍්‍රමුඛ ශී‍්‍ර ලාංකික විද්වතා ද වෙයි. නවීන දාර්ශනික හා ශාස්ත‍්‍ර විෂයක ලෝකයට ඇතුළු වීම පිණිස වඩාත් උචිත පරිසරය සොයා විදෙස් ගත වූ හෙතෙම අද අන්තර්ජාතික කීර්තිධර ශාස්ත‍්‍රඥයකු ලෙස සම්භාවනාවට පාත‍්‍ර ව සිටියි. සන්නිවේදන විශේෂඥයකු ලෙස පමණක් නො ව මෙරට ප‍්‍රවීණ කවියකු හා විචාරකයකු ලෙස ද අද්විතීය ස්ථානයක හිඳින මහාචාර්ය දිසානායකයෝ කෙටි නිවාඩුවක් .......

විස්තර »

ජනශ‍්‍රැතියෙහි සාධනීය ලක්ෂණ
සමාජ ප‍්‍රගමනය සඳහා...

කිසිම පුද්ගලයෙක් තම සමාජය දෙස පියවි ඇසින් නො බල යි. ඔහු දකින සියලු දේ ඒ සමාජයේ සිරිත් විරිත්, මානව සම්බන්ධතා මෙන් ම චින්තන ධාරාව විසින් සංස්කරණය කරන ලද ඒවා වේ. මේ ජීවිත දර්ශනය පිළිබඳ ඔහු කරන ගවේෂණයන්හි දී වුව ද මේ රාමුවෙන් බැහැර ව ඔහුට කි‍්‍රයා කළ හැකි නො වේ. සත්‍ය හෝ අසත්‍ය හෝ පිළිබඳ ඔහු දරන මති මතාන්තර පවා නිගමනය කරනු ලබන්නේ මේ පාරම්පරික චාරිත‍්‍ර විධි සම්ප‍්‍රදාය මඟිනි” යනුවෙන් රූත් බෙනඩික්ට් නම් මානව විද්‍යාඥවරිය පෙන්වා දී තිබේ.

විස්තර »

සත්කෝරල මිණි පහන
අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල

මිනිසා විශිෂ්ටත්වයට පත් කරන හොඳම ගුණය කුමක් දැ යි කි‍්‍රෂ්ණමූර්ති දාර්ශනිකයා ගෙන් ප‍්‍රශ්න කළ භාරතීය රාෂ්ට‍්‍ර පාලකයකුට එතුමා දුන් පිළිතුර වූයේ ‘මිනිසා උදාරත්වයට පත් වන්නේ ඔහු හෘදය සාක්ෂ්‍යයේ සීමා ඉක්මවා නොයමින් අදීන ව සිතන, විවෘත ව වැඩ කරන ගුණයෙන් පිරුණු විට පමණක් බව ය.  තමාටත් තමා දකින ලෝකයටත්, තමා දෙස බලා සිටින ලෝකයටත් එක සේ අවංක වූ සිතක් ඇති මිනිසා සැබැවින් ම පහනකි. ඔහු තමාට ද පහනක් වී මුළු සමාජයට ද පහනක් වී සමාජය ම ආලෝකවත් කරයි.

විස්තර »
 

කාලය කවුළු දොරින් මිය යනවා

විරහව රසයක් කළ ගීයක ඉමිහිර

ජීවිතයේ සන්ධ්‍යා භාගයට ළං වූ පුද්ගලයෙක් සැදෑ කල අවර අහසේ මන්දාලෝකය දෙස බලා සිටියි. එළැඹි හුදෙකලාවේ හෙතෙම සිය අතීතයේ සුන’රුත් වූ පෙ‍්‍ර්මය පිළිබඳ ආවර්ජනයෙක යෙදෙයි. කවුළු දොරින් පැන ගිය ඒ කාල ප‍්‍රවාහය යළි නොඑළැඹෙන සිහිනයෙකි. එබැවින් ඒ දුර සැමැරුම් දහරේ වෙළී ගත කැරුම පමණි ඔහුට ඇති .......

විස්තර »

අනාගතයේදී රංගනය පිළිබඳ විශාල
හිඩැසක් ඇති වෙනවා

 මීට අවුරුද්දකට පමණ ඉහත දී විකාශය අත්හිටුවා තිබූ ‘සුදු කපුරු පෙති’ ටෙලි නාට්‍යය දැන් යළිත් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වෙයි. මෙය නව පරපුරේ තරුණ ටෙලිනාට්‍යකරුවකු වන අතුල පීරිස් ගේ පළමු වන වැඩිහිටි වෘත්තාන්ත ටෙලි නිර්මාණය යි.

අතුල පීරිස් වේදිකාව ඇසුරෙහි සිට රූපවාහිනි මාධ්‍යයට ප‍්‍රවිෂ්ට වූ කලාකරුවෙකි. ‘මේ වැනි බිලින්දෝ,’ ‘විශ්වාන්තර’, ‘සුබසරණාගත’ ‘පස්මහ බැලුම්’, ‘මහා ඊඩිපස්’ ඔහු අධ්‍යක්ෂණය කළ වේදිකා නාට්‍ය වන්නේ ය. මේ හැම නාට්‍යයක් ම රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසාන වටය නියෝජනය කිරීමත් ඇතැම් නාට්‍ය රාජ්‍ය සම්මානයට පාත‍්‍රවීමත් විශේෂත්වයකි. දීර්ඝ නාට්‍ය හැරුණු කොට අතුල කෙටි නාට්‍ය 28 ක් පමණ ලියා වේදිකාගත කර ඇත.

විස්තර »

ගමේ උන් ආයෙත් මාව දඩයම් කරන්ඩ ඇවිල්ලද?

මියගොස් ඇත්තේ තකේෂෝ හෝ මතහාචි හෝ නො වේ. මියගොස් ඇත්තේ ඔවුන් නොහඳුනන සමුරායිවරයෙකි. “කව්ද මේ වැඩේ කරන්න ඇත්තේ?” යනුවෙන් තමාට ම තොල් මතුරාගත් ඔසුගි ඔත්සු දෙසට හැරී කතා කළා ය. “තවත් දේවල් වලට පැටලෙන්ඩ ඉස්සර අපි යමු ගෙදර.” ඔත්සුට එකවර ම ඔගින් තනිකොට දමා යාමට නො හැකි ය. මතහාචි ගේ මව නපුරු ලෙස කතාකොට තිබේ. ඔගින් ගේ සිත පාරා පිටට යන එක යහපත් කටයුත්තක් නො වේ.  ඔගින් මුසාවක් පවසා ඇත්තේ නම් එසේ පැවැසීමට කිසියම් හේතුවක් තිබෙන්ට ඇත. ඔගින් ගේ සිත සැනසිය යුතු යැයි සිතූ ඔත්සු තමා ප‍්‍රමාද වී පැමිණෙන බව මහලු තැනැත්තියට පැවසුවා ය.

විස්තර »