භාෂාව තමයි ජාතික අනන්‍යතාවේ පදනම මහාචාර්යකේ.එන්.ඕ.ධර්මදාස



 

යම්කිසි සංස්කෘතියක් කවර අතින් වෙනස් වුණත් එහි හරය වෙනස් නොවුණහොත් ඒ සංස්කෘතියට හානියක් නොවනු ඇතැයි සිතිය හැකිද?

ලෝකයේ කිසිම දෙයක් එකම තැනක එකම විදිහට තියෙන්නේ නැහැ. මේක සංස්කෘතියටත් පොදු වූ දෙයක්. ඕනෑම සංස්කෘතියක් බාහිර වශයෙන් වගේම ආභ්‍යන්තරිකවත් වෙනස් වෙනවා.

 විස්තර »

යුග අන්වේෂණය හා පුන්කලස

පැරැණි ග‍්‍රන්ථවංශය හා තදනුබද්ධ විවේචන සාහිත්‍යය, ඉන්දීය විචාර ධාරාව මත රඳ්‍ර පැවතිණි. අධිරාජ්‍යවාදීන් ගේ පාලනයෙන් පසු හිස එසවූ පුවත්පත් සඟා ඔස්සේ වැඩුණු නූතන යැයි එකල හැඳින්වුණු විචාර ක‍්‍රමය ඊට වෙනස් විය.  ආචාර්ය රංජනී ඔබේසේකර සිය ”Sinhala writing and new critics”හි දක්වන අන්දමට, මේ කියන්නාවූ යුගය වන විට පැරැණි පෙරදිග විචාර ක‍්‍රමය යටපත් කරමින් බි‍්‍රතාන්‍ය අධ්‍යාපනය විසින් සපයන ලද ඇගැයීම් ප‍්‍රමුඛ කරගත් විචාරයක් ව්‍යාප්ත වූයේ ය.

විස්තර »

දුෂ්ටයා මතහාචිව මැරෙන්න ඇරල ගමට පැනගන්න ඇති

හොනයිදන් මතහාචි පවුලේ අය ගමේ අන් අය මෙන් කෘෂිකාර්මික ජීවිතයක් ගත කළ ද සමුරායි පරම්පරාවකට උරුමකම් කීම නිසා කිසියම් ආඩම්බරයකින් යුක්ත ව ජීවත් වූවෝ ය.

ඇත්ත වශයෙන් ම පවුලේ සැබෑ ප‍්‍රධානයා වූ මතහාචි ගේ මව වන ඔසුගි මැහැල්ල අතිශයින් මුරණ්ඩු තැනැත්තියක් වූවා ය. සැට වැනි වියේ පසු වුව ද, ඇය පවුලට මූලිකත්වය දුන් අතර, සියලු ම සේවකයන් හැකි පමණ වෙහෙසට පත්වන තුරු දිනපතා ම කුඹුරු වැඩ හා ගොවිතැන් කටයුතුවල යෙදවීමට කටයුතු කළා ය.

විස්තර »

විශ්ව විද්‍යාලයීය ශාස්තී‍්‍රය අධ්‍යයනයේ නව ප‍්‍රමිතීන් පිහිටුවීම

මානව ශාස්ත‍්‍ර විෂයයන් පිළිබඳ, අප පරම්පරාවේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් අතර තම වෘත්තිය ගෞරවය යළි ගොඩ නගන්නට තැත් කරන කිහිප දෙනෙක් ම සිටිති. එයට හේතුව දැනට දශකයක පමණ සිට තම වෘත්තීන් පිළිබඳ ස්වයං විචාරයකට යොමු වන්නට අප කීප දෙනකු ම යොමු වීම ය.

ඒ නිසා ම අප ගෙන් කිහිප දෙනකුට ම රැකියා අවස්ථා පවා අහිමි කර ගන්නට සිදු විය.

විස්තර »

සරච්චන්ද්‍ර
ශේක්ස්පියර්ට සමකzළහැකිගුණයක්‘සිංහබාහු’කෘතියේපවතිනවා

 සිංහබාහු ලෝක ප‍්‍රජාවට රසවිඳිය හැකි නිමැවුමක් කරමින්, ධර්මජිත් පුනර්ජීව

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ සිංහබාහු නාට්‍යය නුදුරේ දී ම ඉංග‍්‍රීසි බසින් ප‍්‍රතිනිර්මාණය කිරීමට මයාශක්ති රංග ශිල්ප ශාලිකා ආයතනය සූදානම් වෙයි. ධර්මජිත් පුනර්ජීව අධ්‍යක්ෂණය කරන මේ නාට්‍යයේ ඉංග‍්‍රීසි පරිවර්තනය ආචාර්ය ලක්ෂ්මි ද සිල්වා ගෙනි.  ලලිතා සරච්චන්ද්‍රයන් ගේ අවසරයෙන් . . . . .

විස්තර »

දැන් තියෙන්නේ මේ විද්‍යුත් මාධ්‍ය කරන විගඩම විතරයි - ප‍්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ

හෙතෙම මෙරට ප‍්‍රමුඛ සංගීත නිර්මාපකයන් ගේ නිර්මාණ පිළිබඳ අධ්‍යයනයෙන් හා ඒවා පිළිබඳ සියුම් නිරීක්ෂණයෙන් ද ලද ශික්ෂණයෙන් යුතු ව ගොඩ නැඟුණු සංගීතඥයෙක් වෙයි. එබඳු ප‍්‍රවීණයන් ගේ නිර්මාණ කාර්යයන්ට සම්බන්ධ වීමෙන් ලද ස්වයං අධ්‍යයනය, ඒවා කෙරෙන් ලද අත්දැකීම් හා අවබෝධය තම අනාගත සංගීත ජීවිතය ආලෝකවත් කර ගනු පිණිස යොදා ගත් හේ මෙරට අතිශය ව්‍යවහාරික කෞශල්‍යයෙන් යුත් . . . . .

විස්තර »