කවුරු කොහොම ලිව්වත් මට එහෙම ලියන්න බැහැ
- මහාචාර්ය සිරි ගුණසිංහ



 

ජනමාධ්‍ය එක්ක සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ප‍්‍රසිද්ධිය හෝ ජනපි‍්‍රයත්වය සොයා යෑමක්, හඹායෑමක් ම නොවෙයි. තමන්ගේ අදහස්, කල්පනාවන් අන් අයට දන්වලා ඒවාට ඔවුන්ගේ ප‍්‍රතිචාර මොනවාදැ යි බලාගැනීමත් ඉන් බලාපොරොත්තු වෙනවා.

විස්තර »

රජ තුන් කට්ටුව
නත්තල පාදක කරගත් එක ම සිංහල කතෝලික නාඩගම

සිංහල නාඩගමේ ඉතිහාසය ඉතා ඈත යුගයකට දිවෙන බව ආචාර්ය ති.ර.ගා.දෑලබණ්ඩාර වැනි විද්වතුන් ගේ අලුත් ම පර්යේෂණාත්මක මතය වුවත් එය යටත් විජිත යුගයේ, විශේෂයෙන් දහඅට වන සියවසේ බිහි වූ නාට්‍ය කලා විශේෂයක් ය යන්න සාමාන්‍ය පිළිගැනීම වන්නේ ය. සිංහල නාඩගමේ ප‍්‍රභවය කතෝලික සංස්කෘතියේ උරුමයක් ලෙස බැඳී පවතින්නකි. ඒ කෙසේ ද යත්; ප‍්‍රථම සිංහල නාඩගම ලෙස එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා දක්වා ඇත්තේ මිහිඳුකුලසූරිය ගාබි‍්‍රයෙල් ප‍්‍රනාන්දු මුහුප්පු මහතා ගේ ‘රජතුන් කට්ටුවේ නාඩගම’ වන බැවිනි.

විස්තර »

ඔහොම පෙනුණට එයා ශ්‍රේෂ්ඨ හාමුදුරු නමක්

“තකුවාන් සාධු ඔබ මට මල් කඩාගන්ඩ උදව් වෙනවද? නැද්ද?” ඔත්සු උදක් විමසා සිටියා ය.

“උදව් වෙනව. උදව් වෙනව. ඒකටනේ මම ආවේ.”

“එහෙනම් ඔය දේශනාව පැත්තකින් තියල මේ මල් පිහිය ගන්ඩ.”

“හොඳයි හොඳයි. ඔබ සැබැවින්ම මා කියන ආධ්‍යාත්මික දේශනා අහන්ඩ කැමති නැත්නම් මම බලෙන් ඒවා කියන්ඩ අදහස් කරන්නෙ නැහැ.”

විස්තර »

ධම්ම නියාම

මින් තෙවසරකට පමණ පෙරාතුව බල පැවැත්වූ එක් දිගු නියං සමයෙක, ඒ මහත් ජල අගාධය සිඳී ගොස් පත්ලෙහි අත්හළ සියල්ල, අත්ල විදාළුෑ සේ මතු ව පෙනෙන්නට වන.... මේ වූ කලි ගැඹුරු ජල කඳට වාසභූමි කොට දුන් මස්කෙළිය නම් වූ කුඩා නුවර ය.

විස්තර »

මම කවියෙන් ගිලිහී ගිහින් නෑ
යමුනා මාලිනී පෙරේරා

 “ඔබේ රටේ ජනයා, ඔබේ කවි, නිතරම ගායනා කරන බවක් මා අසා තිබෙනවා...” යි මම කීමි. “එය සැබෑවක් ද, නැත්නම් එසේ නැද්ද?

“ඔව්” ඔහු (ආචාර්ය රබීද්‍රනාත් තාගෝර්) කීවේ ය. “එය සැබෑවක්. අපේ ජනයා කාව්‍යයට ආදරය කරති. මගේ අසල්වැසි ගම්වල ගැමියන්, ඔවුන් ගේ කුඹුරේ වැඩ කටයුතු නිමා කොට, පැමිණ තම පැල්පත් හෝ නිවාස ඉදිරිපිට එළිමහනේ ද අහසේ තාරකා වියන යට බිම වාඩි වී, ඔවුන් ගේ භාෂාවට අයත් හොඳ ම ගීත පදමාලා සහිත භක්ති ගීත මැදියම් රෑ වන තුරු සාමූහික ව ගායනා කරන බව මා දන්නවා...”

විස්තර »

උසස් විචාරයේ පදනම වන රසඥතාව
දේශපාලන කරුණකි

අප ගේ සාහිත්‍ය - කලා විචාරයේ වත්මන් අහේනිය පිළිබඳ ව ‘කතිකා’ අධ්‍යයන කවය මතු කළ ‘අපට උසස් විචාරයක් නැත්තේ මන්ද?’ (සිළුමිණ, පුන්කලස, 25.11.2007) යන ප‍්‍රශ්නයට ලියනගේ අමරකීර්ති ප‍්‍රතිචාරයක් දක්වා ඇත.  අමරකීර්ති ගේ මේ ලිපිය අප මතු කළ මාතෘකාව සංවර්ධනය කිරීමට කළ සාධනීය මැදිහත්වීමක් ලෙස අපි දකිමු. අප ඉහත සඳහන් ප‍්‍රශ්නය මතු කෙළේ, අමෙරිකාවේ සුප‍්‍රසිද්ධ සාහිත්‍ය - කලා විචාරිකාවක වන කැමිලා පා(ග්)ලියා එරට සාහිත්‍යය විචාර ක්ෂේත‍්‍රයේ තතු විමසමින් කළ ප‍්‍රකාශයක් ඇසුරෙනි.

විස්තර »