අපට උසස් සාහිත්‍ය - කලා විචාරයක් නැද් ද?
අපට උසස් සාහිත්‍ය - කලා විචාරයක් නැද් ද? |
‘අපට උසස් සාහිත්‍ය - කලා විචාරයක් නැතැ” යි යන මැසිවිල්ල නිතර අසන්නට ලැබෙන්නක්.
මේ පිළිබඳ වැඩිදුර සිතා බලන්නට අපට ඉඟියක් සැපයෙන අදහසක් සුප‍්‍රකට ඇමෙරිකානු
සාහිත්‍ය - කලා විචාරිකාවක් පළ කළ අවස්ථාවක් මෑත දී අපට දැක ගන්නට ලැබුණා. ඒ
කැනඩාවේ GLOBE AND MAIL (2007 සැප්තැම්බර් 15) ජාතික පුවත්පතට කැමිල
පා(ග්)ලියා ඉදිරිපත් කළ අදහස් තුළිනුයි. 1990 ගණන්වල SEXUAL
PERSONAE නමැති කෘතියෙන් බටහිර කලාවේ සහ සාහිත්‍යයේ
ඉතිහාසය පිළිබඳ ව ශාස්තී‍්‍රය විග‍්‍රහයක් සම්පාදනය කළ කැමිල පා(ග්)ලියා ලේඛිකාවක
මෙන් ම කලහකාරියක් ලෙස ද ප‍්‍රසිද්ධියට පත් වූ බව ඒ සම්මුඛ සාකච්ඡාව වාර්තා
කරන MARGARET WENTE සඳහන් කරයි. ”දේශපාලන නිවැරැදිභාවය” නාමයෙන් මත යටපත් කිරීම හෙළා දුටු පා(ග්)ලියා ස්තී‍්‍රන්ට
විශේෂ සහන සලසනවාට එරෙහි ස්තී‍්‍රවාදීනියකි. ඇය යුදමය පරමාදර්ශ, වීරෝදාර සංස්කෘතිය
සහ පිරිමිගති ඇති පිරිමින් ප‍්‍රශංසාවට ලක් කරන්නියකි.
FOREIGN POLICY සහ
PROSPECT සඟාවලින් ලොව “මහජන බුද්ධිමතුන් 100
දෙනා” අතරින් ඉහළ ම කෙනකු ලෙස ඇය නම් කරනු ලැබිණි. මේ, මාගරට් වෙන්ටේ පා(ග්)ලියා
හඳුන්වා දුන් ආකාරය යි. කැමිල පා(ග්)ලියා මේ පුවත්පතින් ඉදිරිපත් කළ විග‍්‍රහයෙන් පෙනී යන කරුණක් නම් උසස්
රසවත් සාහිත්‍ය - කලා විචාරයක් නොමැතිකම අමෙරිකාවටත් බල පා ඇති කාරණයක් බව යි. ඊට
හේතුව වශයෙන් ඇය දක්වන්නේ කුමක් ද? ඇගේ අදහස නම් – “පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත්
නූතනවාදය ඊළඟ ශාස්ත‍්‍රඥ පරම්පරාව විනාශ කළා” යන්නයි. අමෙරිකාවේ ‘අයිව් ලීග්’ විශ්වවිද්‍යාල ලෝකය දැන හැඳීනගෙන සිටියේ ප‍්‍රභූ පැළැන්තියේ
සරසවි ලෙස යි. ගැඹුරු, ශාස්තී‍්‍රය අධ්‍යාපනයට ඉහළ තැනක් දුන් ආයතන ලෙස යි. එහෙත්
ඒවා පශ්චාත් ව්‍යුහවාදයේ / පශ්චාත් නූතනවාදයේ ග‍්‍රහණයට අසුවීම නිසා ඒවායේ අධ්‍යාපන
මට්ටම කලා - සාහිත්‍ය විෂයයන් සම්බන්ධයෙන් ගත් කළ පිරිහුණු බව යි, පා(ග්)ලියා
අවධාරණය කර සිටින්නේ. අමෙරිකාවට පශ්චාත් ව්‍යුහවාදය / පශ්චාත් නූතනවාදය මුලින් ම එන්නේ
IVY LEAGUE නමින් හැඳින්වෙන එරට ප‍්‍රභූ විශ්වවිද්‍යාල හරහා යි. අද වන විට මේ විශ්වවිද්‍යාලයවල
ප‍්‍රධාන පෙළේ පශ්චාත් ව්‍යුහවාදීන් ගේ / පශ්චාත් නූතනවාදීන් ගේ ගෞරවය අතුරුදහන් ව
ගොස් තිබුණත්, ඔවුනට තවමත් ඒවාහි අව්‍යාජ බලයක් හිමි ව ඇති බව පා(ග්)ලියා ගේ අදහස
යි: ”ඔවුන් ඊළඟ ශාස්ත‍්‍රඥ පරම්පරාව විනාශ කොට තිබෙනවා. සාහිත්‍ය විචාරකයන් ගේ බාල
පරම්පරාව අතර අලුත් රසවත් කටහඬවල් එකක්වත් නැහැ. මෙය ඛේදවාචකයක්. අප ඉන්නා මේ 2007,
මට පස්සේ එන පරම්පරාව කෝ කියලා මම සොයනවා.” පා(ග්)ලියා සිතන අන්දමට “ලෝකය,
දේශපාලනඥයන් සහ ජනපි‍්‍රය සංස්කෘතිය පිළිබඳ රසවත් සහ ජීවමාන ගද්‍ය ලියන එක ම
සාහිත්‍ය විචාරකයා හෝ විචාරිකාව“ තමා යි. ඇය අසන්නේ එසේ වී ඇත්තේ මන් ද? යන්න යි. ඇගේ මේ ප‍්‍රකාශය අපට පිළිගත හැකි ද? නොහැකි නම් ඇගේ මේ කියාපෑම සමඟ තරගයට තැබිය
හැකි අනෙක් ජීවමාන සාහිත්‍ය - කලා විචාරකයෝ කවරහු ද? ඇය දකින අයුරින් කලාව පිළිබඳ සමීක්ෂණයේ යෙදෙන පාඨමාලා
(SURVEY COURSES) උගන්වන්නට සරසවි ගුරුවරුන් උනන්දු නොවීම අද විශ්වවිද්‍යාලයයේ ඇති වැරැද්ද පෙන්නුම්
කරන්නක්.
ඈ කියන්නේ කලාව අරමුණු කැරුණේ සාමාන්‍ය පේර්ක්ෂක සමූහයා සඳහා නමුත්,
ඔවුන් සඳහා කලාව, සාහිත්‍යය පිළිබඳ පාඨමාලා පවත්වන්නට අද සරසවි ශාස්ත‍්‍රඥයන් අතර
උනන්දුවක් නොමැති බව යි. ඉතින්, පා(ග්)ලියා මින් අදහස් කරන්නේ සාමාන්‍ය පේර්ක්ෂක සමූහයාට, සරසවි සිසුන්ට
කලාව පිළිබඳ ශාස්තී‍්‍රය අධ්‍යාපනය ලබා දුනහොත් ඔවුන් ඉන් කලාව රස විඳින්නට ඉගෙන
ගන්නවා යන්න ද? එසේ නම් කලාව සාහිත්‍යය රස විඳීමේ හැකියාව අධ්‍යාපනයෙන් අපට
ලැබෙන්නක් ද? නැතහොත් ඇය කියන්නේ එබඳු ශාස්තී‍්‍රය අධ්‍යාපනයක්, උසස් විචාර කලාවක්
බිහි කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් බව ද? පා(ග්)ලියා තවදුරටත් තර්ක කරන්නේ අමෙරිකාවේ ප‍්‍රභූ විශ්වවිද්‍යාලයයන් පශ්චාත්
ව්‍යුහවාදීන් ගේ පශ්චාත් නූතනවාදීන් ගේ බලයට නතු වී ඇති නිසා සම්භාව්‍ය කලාව හා
සාහිත්‍යය පිළිබඳ ව උනන්දුව දක්වන්නන් ඒවායෙන් පිටමං කොට ඇති බව යි. ”පශ්චාත් උපාධි පාසලට ඇතුළු වී ෆුකෝ පශ්චාත් ව්‍යුහවාදී / පශ්චාත් නූතනවාදී
න්‍යායධාරීන් ගේ කෘති කියවන්නට කාලය ගත කිරීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා එක්කෝ
පශ්චාත් – උපාධි පාසලෙන් බැහැර වන්නට හෝ එහි දිගු කලක් ගෙවන්නට සිදු වී රැකියාවක්
සොයා ගන්නට නොහැකි වූ බව බොහෝ දෙනකු මට කියනවා” යැ යි පා(ග්)ලියා කියයි. ”ඔවුන්ට අවශ්‍ය වූ එක ම දෙය ශ්‍රේෂ්ට සාහිත්‍යයේ සහ ශ්‍රේෂ්ඨ කලා කෘතීන්හි තමන්
නිමග්න වීම යි. ඔවුන් ‘ගොඩයන්’ (natives) හෝ ද්‍රෝහීන් ලෙස සළකා පිටතට එළවා දමනු
ලැබුවා. ඉතාමත් ජීවමාන සහ රසවත් මනස් අමෙරිකානු ශාස්ත‍්‍රාලයයෙන් පිටතට එළවා දමා
තිබෙනවා.” යැයි පා(ග්)ලියා තවදුරටත් කියන්නී ය. පා(ග්)ලියා කියා සිටින්නේ හාවඩ්,
පි‍්‍රන්ස්ටන් හෝ බර්ක්ලි වැනි ප‍්‍රභූ විශ්වවිද්‍යාලයවල සිටින ඇගේ පරම්පරාව විචාරය
පිළිබඳ කාලයා ගේ පරීක්ෂණය හමුවේ නොසැලී සිටිනු ඇති එක ම එක කෘතියක්වත් බිහි කොට
නොමැති බව ඉතිහාසය පෙන්වා දෙනු ඇති බව යි. ”ඉගෙන ගැනීමත් ඉතුරුවෙලා නැහැ. එය අපභ‍්‍රංසයක්. මගේ පරම්පරාව ‘අටිව් ලීග්’
විශ්වවිද්‍යාලයවලින් විශ‍්‍රාම ගිය විට ඔවුන් ගේ නම් අමතක රක දැමෙනු ඇති’ යි ඇය
කියන්නී ය. එපමණක් නො ව මේ පශ්චාත් ව්‍යුහවාදී / පශ්චාත් නූතනවාදී දැනුම වැළඳගත් අය
වාමාංශිකයන් බවත්, ඔවුන් මේවා උගන්වමින් සිට විශ‍්‍රාම යන්නේ මිලියනලාභී පොහොසතුන්
ලෙසින් නමුත් තම දූ දරුවන්ට ශාස්තී‍්‍රය අධ්‍යාපනයක් ලබා දෙන්නට තම ධනය වැය කළ
අමෙරිකානු මාපියන් බංකොලොත් වෙද්දී ඔවුන් ගේ දරුවන්ට අපේක්ෂිත ශාස්තී‍්‍රය
අධ්‍යාපනය අහිමි ව ගිය බවත් පා(ග්)ලියා කියයි. පා(ග්)ලියා නියෝජනය කරන්නේ සාහිත්‍ය - කලා විචාරය පිළිබඳ අද්‍යතන කතිකාවේ එක්
කටහඬක් පමණි. ඒ කතිකාවේ අනෙක් කටහඬවල් මොනවා ද? උදාහරණයක් ගතහොත් පශ්චාත්
ව්‍යුහවාදය / පශ්චාත් නූතනවාදය වර්තමානයේ සාහිත්‍ය - කලා විචාරය පිරිහී ඇතැ යි යන
මැසිවිල්ල හා එකඟ වන්නේ ද? සාහිත්‍ය කලාව යනුවෙන් දෙයක් ඇතැ යි ඔවුන් කියනු ඇත් ද?
සාහිත්‍ය - කලා විචාරයක් අවශ්‍ය යැයි ඔවුන් කියනු ඇත් ද? අනෙක් අතට සාහිත්‍යය, කලාව
යනුවෙන් දෙයක් නොමැති යැයි ඔවුන් කියන්නේ නම් ඒවා විචාරයේ පදනම විය හැක්කේ කුමනාකාර
අධ්‍යාපනයක් ද? තමා දේශපාලන වශයෙන් ලිබරල් - ප‍්‍රජාතන්ත‍්‍රවාදිනියකැයි පා(ග්)ලියා කියන්නී ය.
සාහිත්‍ය කලා විචාරය හා අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත කළ ඇය සම්භාව්‍යවාදිනියක බව
පෙනෙයි. පශ්චාත් ව්‍යුහවාදය – පශ්චාත් නූතනවාදය පිළිබඳ ඇගේ විවේචනයේ මූලයන් ඇත්තේ
එහි ය. ශ්‍රේෂ්ඨ සාහිත්‍යයේ සහ ශ්‍රේෂ්ඨ කලා කෘතීන්හි නිමග්න ව සිටීම යන්නේ අදහස් වන්නේ
කුමක් ද? සම්භාව්‍ය කෘතීන්හි නිමග්න වීමෙන් ම යමකු රසවත් සාහිත්‍ය - කලා විචාරිකාවක
වන්නේ යැ යි පා(ග්)ලියා කියන්නේ යැයි අපට සිතිය හැකි ද? එසේ නොමැති නම්, ශ්‍රේෂ්ඨ
සාහිත්‍යය සහ කලාව හදාරන සිසුන් හදාරන සිසුන් හා ගොඩනඟා ගත යුතු සම්බන්ධතාව කෙබඳු
එකක් ද? මේවාට පා(ග්)ලියා ගේ සම්මුඛ - සාකච්ඡාවෙන් පිළිතුරු සැපැයී නැතත් අපට ඇගේ
අදහස් ඔස්සේ යමින් මේ ප‍්‍රශ්න ගැන සිතා බැලිය හැකි ය. ’කතිකා’ - දේශපාලන, සංස්කෘතික, සමාජ විචාර
පති‍්‍රකා අංක 1 ’කතිකා’ අධ්‍යයන කවය
|