රුවනි පෙරේරා ගේ තුන්වන චිත‍්‍ර දැක්ම
රුවනි පෙරේරා ගේ තුන්වන චිත‍්‍ර දැක්ම
|

චිත‍්‍ර ශිල්පිනි රුවනි පෙරේරා ගේ තුන් වන
ඒක පුද්ගල චිත‍්‍ර ප‍්‍රදර්ශනය මේ 25, 26, 27
යන දිනවල දී පෙරවරු 10.30 සිට සවස 6.30 දක්වා
කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වේ. රුවනි, මෙවර ප‍්‍රදර්ශනය සඳහා වනජීවි චිත‍්‍ර
හා ඉතා සුවිශේෂි ති‍්‍රමාන රූපි පන්සල්
චිත‍්‍ර එකතුවක් ඉදිරිපත් කර ඇත. මේ ප‍්‍රදර්ශනය, ශී‍්‍ර ලංකා වනජීවී උරුම
භාරයෙහි, කළමනාකාර අධ්‍යක්‍ෂ, රොහාන් පෙතියාගොඩ මහතා අතින් විවෘත වීමට
නියමිත ය.සොබා දහමට අසීමිත ව ආදරය කරන රුවනි, අවට
පරිසරයෙන් සහ වනගත ප‍්‍රදේශවලින් උකහා ගන්නා
අත්දැකීම් සිය චිත‍්‍ර සඳහා විෂයයන් කොට ගනී. වනජීවි චිත‍්‍ර නිර්මාණයේ දී, විවිධ වර්ගවල
සතුන් හා කුරුල්ලන් ගේ ඉරියව් හා හැසිරීම් රටා
අධ්‍යනය කරන රුවනි, කැන්වසය මත ඒවා අපූර්ව ලෙස
සිත්තම් කරන්නී ය.
http://
www.ruwaniperera.com යන වෙබ්
අඩවියෙන් ඇය ගේ නිර්මාණ දැක ගත හැකි ය
|