දොස් - නිදොස්
දොස් - නිදොස්
ඩී. එෆ්. කාරියකරවන |
ඉවසනු බැරිම තැන වැරැදි පෙන්නා දෙන විට පත‍්‍රයේ හෝ විද්‍යුත්
මාධ්‍යයේ නම සඳහන් නො කිරීම මෙතෙක් අප අනුගමනය
කළ පිළිවෙතයි. එහෙත් අප කියන දේ තුට්ටුවකට
ගණන් නො ගන්නා බව පෙනෙන නිසා ඉතා ම කැත වැරැදි
දකින විට ඉඳ හිට හෝ ඒ පත‍්‍රයේ නැත්නම්
විද්‍යුත් මාධ්‍යයේ නම සඳහන් කිරීම සුදුසු
යැයි සිතේ. මෙය ලියන මේ වේලාව අද නොවැම්බර් 11 වැනිදා ø
අට ය. ස්වර්ණවාහිනියෙන් මා බලමින් සිටියේ
අනෙක් වැඩ සටහනෙකි. දුර කථනයෙන් මා ඇමැතුවේ
සේන තෝරදෙණිය මිත‍්‍රයා ය. ඔහු කී පරිදි
පොඩ්ඩකට පෙර ස්වාධීන රූපවාහිනියෙන් ඔහුට
අසන්නට ලැබුණු වැකි කීපයෙන් එකක් මෙසේ යි: “මහේල ජයවර්ධන ලකුණු 49 ක් ගැනීමට සමත් වූහ.” තවත් වැකියක් මෙසේ යි: “අද තරගය නවත්වන විට චාමර සිල්වා සහ ප‍්‍රසන්න
ජයවර්ධන කඩුල්ලේ රැඳී සිටියේ ය. කොහොමද වියරණ? මහේල ජයවර්ධන එක් පුද්ගලයෙකි. ඔහුට යෙදෙන
ආඛ්‍යාතය ඒක වචනයෙන් විය යුතු ය. ‘සමත් වූහ’
වන්නේ ‘කීප දෙනෙක්’ නම් පමණි. ‘රැඳී සිටියේ ය’ යන්න ද ඒක වචන ය. චාමර සිල්වා
සහ ප‍්‍රසන්න ජයවර්ධන යනු දෙදෙනෙකි. දෙදෙනකුට
‘රැඳී සිටියේයැ’යි කිය හැකි ද? එය, ‘රැඳී
සිටියෝ ය’ යනුවෙන් විය යුතු. මේවා පහළ පන්තිවල සිසුන් පවා දන්නා වියරණ ය. මෙවන් මූලික වියරණවත් නො දන්නා උදවිය ද
ස්වාධීන රූපවාහිනියේ නිවේදන සකස් කරන්නේ? මොවුන් නිසා බාල පරම්පරාවට සිදුවන හානිය
වගකිවයුත්තන්ට නො පෙනෙන්නේ ඇයි? ආයතනයේ
ප‍්‍රධානයා මේවාට වග කිය යුතු නැද්ද? අපේ රැහේ එකකු බව දනිමු. එහෙත් මේ ඉවසනු බැරි
ම තැන ය.
පාන් කෑල්ලක් “පාන් කෑල්ලක් සමග කිරි තේ එකක් බොන්න බැරි
යුගයක් උදාවෙලා” මෙසේ කියන්නේ විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ
මහතා ය. මේ සිරස නොවැම්බර් මස 12 වැනිදා
පත‍්‍රයෙක තීරු අටකින් පළවිණි. පාන් කෑල්ලක් සමඟ තේ බොන්නේ කෙසේ ද? එය රනිල්
ගෙන් ඇසිය යුතු ය. පත්තරෙන් අසා ගන්නැ යි ඔහු
කියන්නට බැරි නැත. ඔව්, වග කියන්නට ඕනෑ රනිල් නො ව පත්තරේ ය. මෙය
පහදා දිය යුත්තේ පත්තර කාරයා ම ය. හකුරු කෑල්ලක් සමග තේ හෝ කෝපි හෝ බොන හැටි නම්
අපි කවුරුත් දනිමු. පාන් කෑල්ල තේ එකේ දමා
පොඟවා ගෙන කන හැටිත් අපි දනිමු. ඒ, පාන්
‘කනවා’ මිස ‘බොනවා’ නො වේ. පාන් කෑල්ල කන එකකි. තේ, බොන එකකි. කන බොන දෙක
ම එකට දමා ‘බොන්න බෑ’ යි කියන්නා පයිත්තියන්
කාරයෙකි. මේ සිරසේ ‘සමඟ’ යන වචනය වෙනුවට ‘කා’ යන්න
යෙදිණි නම් එය අපූරු සිරසක් නො වේ ද? ‘පාන්
කෑල්ලක් කා කිරි තේ එකක් බොන්න බැරි කාලයක්
දැන් උදාවෙලා”
හමුවීම “මාමයි බෑණයි දසවසරක ට පසු යළි හමු වෙයි” පැටි පත්තරේක ලොකු සිරසෙකි. “මාමයි බෑණයි
හමුවෙයි” කිය හැකි ද? මෙ තැන දෙදෙනකු නිසා ඒක
වචන කි‍්‍රයා පදය හරි ද? ‘දසවසරක ට’ යනුවෙන් වදනක් දෙකට කැඩුණේ කෙසේ ද?
වෙන් වන්නට තුබුණේ ‘දස’ යන්න ය.
රැජනට මුල්තැන දින කීපයකට පෙර බි‍්‍රතානි මැතිසබය විවෘත
කිරීමේ උත්සවයේ රජ පෙරහර ඉතා චමත්කාරජනක විය.
වයෝවෘද්ධ වුව ද එලිසබෙත් මහ රැජනත් වල්ලභ
පිලිප් කුමාරයාත් තේජාන්විත අන්දමින් පැමිණෙනු
දකින්නට ලැබිණි. එහි දී මට විශේෂයෙන් පෙනුණේ
මහ රැජන දකුණෙනුත් වල්ලභයා වමෙනුත් වූ
ආකාරයයි. ලෝ සම්මත ක‍්‍රමය නම් පිරිමියා දකුණෙනුත්
ස්ති‍්‍රය වමෙනුත් ස්ථානගත වීම ය. ස්ති‍්‍රයට
වමිය යන නම ලැබුණේ ද ඒ නිසා ය. දකුණ වමට වඩා
ප‍්‍රධාන ය. ජෝඩුවක ප‍්‍රධාන වන පුරුෂයා දකුණු
පැත්ත ගන්නේ ඒ හෙයිනි. ස්ති‍්‍රයක රජ වූ කල්හි මේ තත්ත්වය වෙනස් වේ.
විවාහයේ දී රැජනට ලැබෙන්නේ දකුණු පැත්ත ය. ඉන්
පසු සැමියා හැම විට ම වමෙනි. පවුල් කෑමට ගත්ත
ද රැජනක හැම විටෙක ම සිය සැමියාට වඩා උසස් වන
බව පෙන්නීමට ය, එසේ කරනුයේ. රැජනකට මෙසේ දකුණ ලැබුණ ද මුළු ලොවේ ම පාහේ
සාමාන්‍ය ස්ති‍්‍රයකට ලැබෙන්නේ වම් පස ය.
දකුණු පිරිමියා ගේ ය.
ගෝදම්බ රොටි උතුරු ඉන්දියාවේ හින්දි, බෙංගාලි, මරාටි,
ගුජරාටි යන ආදි භාෂාවලිින් තිරිඟු
හැඳින්වෙන්නේ ගෙහූ යනුවෙනි. තිරිඟු පිටි කර
ගත් කල ආටා නම් වී. අපි සිංහලෙන් ආටා පිටි
යැයි කියමු. ආටා කීවාට පසු ආයෙ පිටි කියන්නට
ඕනෑ නැත. නැත්නම් පිටි කියන්නට පෙර ආටා
කියන්නට ඕනෑ නැත. තිරිඟු පිටිවලට ගෝ ධූම යැයි ද කියනු ලැබේ. ගෝ
ධූමවලින් හැදුණු රොටි ගෝදම්බ රොටි නම් වී. මේ
වචනය මුලින් ම ලැබුණේ මලයාලින් ගෙනි. ගෝදම්බ
රොටි ගැන ප‍්‍රසිද්ධියක් උසුලන ලද්දේ මලයාලි
තේ පැන් ශාලාවල ය.
වමිය ස්ති‍්‍රයට වමත් පුරුෂයාට දකුණෙත් ලැබුණු හැටි
‘අරුත් නිරුත්’ නම් ග‍්‍රන්ථයෙහි සඳහන් වන්නේ
මෙසේ ය: ”වමිය මෙන් ම වාමා යන්න ද බිරිය හැඳින්වීමට
යෙදෙන පද දෙකකි. පාළි හා සංස්කෘත පොත්වල මේ
දෙවදන ම දක්නට ලැබේ. ”මෙවදන්වල උපත සිදු වූයේ අඹු සැමි දෙදෙන එකට
සිටින විශේෂ අවස්ථාවල දී බිරිය සැමියා ගේ වම්
පසින් වීම නිසා ය. එහි දී බිරියට අයිති සැමියා
ගේ වම් පස ය. ”මෙය විශේෂයෙන් දකින්නට ලැබෙන්නේ මඟුල් පෝරුව,
මංගල ඡායාරූපය, මංගල රථය, මංගල සභාව යන
ආදියෙහි ය. ඇතැමුන් සිතන්නේ මෙය අපට බටහිරින්
ලැබුණු ක‍්‍රමයක් සේ ය. එහෙත් ඒ එසේ නො වේ.
මෙය අපට අති පෞරාණික වූ ක‍්‍රමයකි. ”පුරාණයේ වන ගත කරනු ලැබූ කුමරකු හා කුමරියක
කැලෑ පාරවලින් යද්දී කුමරිය නිතර ම කුමරා ගේ
වම් පසින් වූවා ය. ඒ ඔහුට හදිසියේ කඩුව ඇද
ගැනීමට හෝ පහර දීමකට හෝ දකුණත නිදහස් ව තිබිය
යුතු වූ හෙයිනි. නිදසුනක් වශයෙන් අපට මෙහි දී
‘මනමේ’ ගත හැකි ය.
කොත්තු රොටි කොත්තු යනු දෙමළ වචනයකි. එහි අරුත අනිනවා
ගහනවා වේ. ’ටක ටකාස් - ටක ටකාස්’ ගා ඇනීමෙන් ගැහීමෙන්
සාදන නිසා ඒවා කොත්තු රොටි නම් වී. සමහර තන්හි කොත්තු රොටි සෑදීම සඳහා ගනු ලබන්නේ
පරණ වූ නරක් වූ ඉවත දමන්නට ඇති දේ බව ද සිහි
තබා ගත යුතු ය.
භාෂා සන්ධානය භාෂා පේර්මි සන්ධානයේ උණුසුම පසුගිය ටිකේ
ටිකක් අඩු වූවා සේ වූයේ “අරුත් නිරුත්” පොත
නිසා අවිවේකී වූ හෙයිනි. දැන් ඒ කටයුතු අවසාන
ය. භාෂා පේර්මි සන්ධානයේ මීළඟ මහා සම්මේලනය
මහනුවර පැවැත්වීමට විධිවිධාන යොදා ගෙන
යන්නෙමු. ඒ සමුළුවේ පසුබිම සකසන්නට විධායක
සභාවක් අවශ්‍ය වේ. එයට බැඳෙන්නට කැමැති මහනුවර
පළාත් භාෂා පේර්මීන්ට අපි ආරාධනා කරමු.
එයට
කැමැති භාෂා පේර්මීන් තම තමන් පිළිබඳ සුළු
සටහනක් ද සහිත ව වහා ම ඉල්ලුම් කළ යුත්තේ මෙසේ
යි: “තලවතුගොඩ, ශාන්තිපුර තුන්වැනි පටුමඟේ,
262/5 ඛ් නිවෙසේ, ඩී. එෆ්. කාරියකරවන”. මෙසේ ලැබෙන ඉල්ලීම්වලින් සුදුසු ඒවා තෝරා
ගන්නේ විධායක සභාව ය. ඉන් පසු ඒ අය ගේ
රැස්වීමක් මහනුවර සුදුසු තැනෙක පවත්වනු ලැබේ.
භාෂා පේර්මි සන්ධානයේ නිලධාරීන් ද එයට
සහභාගි වනු ඇත. මහ සම්මේලනය පැවැත්වෙන දිනය
තැන ආදිය තීරණය කැරෙන්නේ එම රැස්වීමේ දී ය.
|