කාලනිර්ණය පිළිබඳ විද්‍යාව පුරාවිද්‍යාවේ කොඳු නාරටියයි
කාලනිර්ණය පිළිබඳ විද්‍යාව පුරාවිද්‍යාවේ කොඳු නාරටියයි
|

මධ්‍යම සංස්කෘතික අරමුදලේ විද්‍යාත්මක හා
පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය මොහාන්
අබේරත්න වසර 1,25,000 කට පෙරාතුව මෙරට මානවයන් සිටි
බවට ප‍්‍රාග් විද්‍යාත්මක සාක්ෂ්‍ය තමාට
ලැබිණැ යි මධ්‍යම සංස්කෘතික අරමුදලේ
විද්‍යාත්මක හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ
ආචාර්ය මොහාන් අබේරත්න පවසයි.
කාල නිර්ණය
නොමැති ව පුරාවිද්‍යාවක් නැතැ යි පවසන ඔහු,
එකී පර්යේෂණ මාර්ගයෙන් ලත් ප‍්‍රාමාණික අවබෝධය
සහිත ව ප‍්‍රාග් ඓතිහාසික මානවයා ගේ යුගයේ
පටන් අප බොහෝ ඉදිරියෙන් සිටින බව ද
මහින්දාගමනයට පෙර පවා මෙරට බුද්ධාගම
පැවැතිණැයි ද අවධාරණය කරයි.
දුටුගැමුණු භෂ්මාවශේෂ දක්ෂිණ ථූපයේ තිබී
හමුවුණැයි රාවයක් පැවැති වෙලාවෙ ඔබ සිසුවෙක්.
ඒ තාප සන්දීප්තතා පරීක්ෂණ වාර්තාවලට ඔබද
සහභාගි වුණා. දක්ෂිණ ථූපයේ තිබී හමුවුණේ
දුටුගැමුණු භෂ්මාවශේෂ යැයි තිර ලෙස කිය හැකි
ද? මා ඒ වෙලාවෙ හිටියෙ ප‍්‍රංශයේ මහාචාර්ය
ප‍්‍රංශුවා යටතේ. එතුමා තමයි ඒ භෂ්මාවශේෂ කාල
නිර්ණය කළේ. එහිදී හැදුණු වාර්තාවේ (1981)
එතුමා කීවේ ඒවා අවුරුදු 1800 - 2200 අතර කාලයේ
පුද්ගලයකුගේ භෂ්මාවශේෂ බවයි. එය දුටුගැමුණු
රජුගේද එළාරගේ ද යන්න නිශ්චිත නෑ. නමුත් ඒ
කාලයේ ජීවත්වූ කෙනෙකුගේ බව පැහැදිලියි.
යුද්ධය සිදුවන විට ගැමුණු කුමරුගේ හා එළාර
රජුගේ වයස මෙබඳු පරීක්ෂණයක් ඇසුරෙන් නිශ්චය කළ
හැකි ද? අළු වුණාට පස්සේ අපට එහෙම කියන්න අමාරුයි.
ඇටකටු තිබුණානම් හරි. අපට හමුවුණේ අළු. ච්ව්ඒ
පරීක්ෂණ මඟින් ඇටකටු පරීක්ෂණ කරලා ඒක
යෞවනයකුගේද මහල්ලකුගේද තීරණය කරන්නට පුළුවන්.
ඒ අළු තැන්පත්ව තිබූ මැටි බඳුන හෝ ඒ අවට ගඩොල්
හා පස් නිරීක්ෂණය කිරීමෙන් කාලය සෙවිය නොහැකි
ද? කාලය සොයා ගන්නෙ දක්ෂිණථූපයේ තිබූ අළුවලින්.
ගඩොල් මැටි බඳුන් ආදිය පරීක්ෂණයට යටත් කළා නම්
මීට වඩා යමක් සොයාගන්න තිබුණා. ඒක පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවට අමතක වුණා.
අනික ඔය කාලේ
මධ්‍යම සංස්කෘතික අරමුදල තිබුණෙත් නෑ. මෙය
අරඹන විට ලෝකයේම තිබුණෙ රසායනාගාර 12 යි. ඒ
කාලෙ ජනපි‍්‍රයම ක‍්‍රමය රේඩියෝ කාබන් කාල
නිර්ණ ක‍්‍රමයයි. අද වන විට තාක්ෂණය දියුණුයි.
මේ පරීක්ෂණය නවීන ක‍්‍රමවලින් කළ යුතුයි.
කාල නිර්ණය පිළිබඳ විද්‍යාව පුරාවිද්‍යාවට,
ඉතිහාසයට කරන මෙහෙය ඔබට විග‍්‍රහ කළ හැකි ද? කාල නිර්ණය පිළිබඳ විද්‍යාව තමයි
පුරාවිද්‍යාවේ කොඳු නාරටිය. කාල නිර්ණය නැතිව
පුරාවිද්‍යාවක් නෑ. 1960 ට පෙර විද්‍යානුකූල
කාල නිර්ණයක් තිබුණෙ නෑ. ඒ කාලෙ තිබුණෙ එක්
එක් යුගවලට බෙදා වස්තු වර්ග කිරීමයි.
උදාහරණයක් වශයෙන් ශිලා වස්තුවක් ශිලා යුගයට,
යකඩ වස්තුවක් යකඩ යුගයට ආදි වශයෙන්.
රයිනෝසිරස් පොසිල හා පැරැණි මානවයාගේ ඇටකටු
ආදිය දොරවකලෙන ආදියෙන් හමුවූ බව ඇත්ත ද? මටත් හමුවුණා ලුණුගල ප‍්‍රදේශයෙන් රයිනෝසිරස්
දත්. ලෝකෙ මේකට නියම පරීක්ෂණ කරන්නේ ඡ්ඉඅ
ක‍්‍රමයෙන්. ලංකාවෙ ඒ පහසුකම නෑ. ලංකාවෙ තිබෙන
එකම ක‍්‍රමය මෙච්චරයි.
රසායනාගාරයක් හැටියට
තිබෙන්නෙත් මේක විතරයි. මේවා ලෝකෙන් යල්පැන
ගිය උපකරණ. 1982 දී මේක හැදුවෙ.
ඔස්ටේ‍්‍රලියාවෙ මගේ ආචාර්ය උපාධිය සඳහා ඉගෙන
ගන්න වෙලාවෙ අප පාවිච්චි කළේ ලෝකෙ නවීනතම
උපකරණ.
කාල නිර්ණය පිළිබඳ විද්‍යාව ඇසුරෙන් ඔබ සොයා
ගන්නා නව සොයාගැනීම් කවරේදැයි ඇසුවොත්? පෞද්ගලිකවම කළ එවැනි සොයාගැනීම් කිහිපයක්
තිබෙනවා. අද තිබෙන පැරැණිම ශිලා මෙවලම් සහිත
ස්ථරය කාල නිර්ණය කළේ මමයි. ඒක අවුරුදු
1,25,000 දක්වා කාල නිර්ණය කළා. පතිරාජවෙල
කියන පෙදෙසේ.
මේ ක‍්‍රමය තාප සන්දීප්තතා
ක‍්‍රමයට වඩා නවීනයි. ඒකට අප කියන්නේ අක්ෂි
සන්දීප්තතා ක‍්‍රමය කියලයි. කළුවරේ කරන මේ
පරීක්ෂණයේදී අන්තිමටම ඉර අව්ව වැදුණු දවස
සොයාගන්න පුළුවන්. ඒකෙන් අවුරුදු 1,25,000 කට
පෙර මේ රටේ මානවයා සිටි බවට ප‍්‍රාග්
විද්‍යාත්මක සාක්ෂ්‍ය අපට ලැබුණා. මේ නූතන
මානවයා කියා අප කියන්නේ නෑ. එයා හෝමෝ ඉරෙක්ටස්
විය හැකියි.
බලන්ගොඩ මානවයා හා පොකුරු මිනී වළවල් අපේ අතීත
දියුණු ශිෂ්ටාචාරයක් ගැන ඉඟි සපයනවා යැයි කියන
කතාව... මේක වටහා ගත හැක්කේ ශිලා මෙවලම් පරීක්ෂාවෙන්.
ජ්‍යාමිතික මයික්‍රොලිතික ආශ‍්‍රයෙන්. ඒවා
යුරෝපයේ හසුවන්නේ අවුරුදු 12,000 පටන් පමණයි.
නමුත් අපේ අවුරුදු 25,000 - 30,000 කාලයේ සිට
හමුවෙනවා. ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ කාලෙ
පටන් අප බොහෝ ඉදිරියෙන් ඉන්නා බව ඉන්
පැහැදිලියි.
ලෝකයේ පරිණාමයෙන් උසස්ම අලි සිටින්නේ ලංකාවෙ.
දළ කෙටිවී නැතිවී ගොස් ඇත්තේ ඒකයි. ඔබ එකඟ ද? ඒකට මා පිළිතුරු දෙන්නම්. අපේ තිබෙනවා රත්නපුර
නිධියක්. මැණික් හමුවන මේ නිධියේ තිබෙනවා පාෂාණීභූත
සත්ත්ව අවශේෂ. රයිනෝසිරස් - අලි විශේෂයි. තවත්
සතුන්ගේ අවශේෂ හමුවෙනවා. අනාදිමත් කලක පටන්
අලි මේ රටේ ඉන්නවා. දළ 3 ක් තිබූ සත්ත්වයන්
සිටියා.
දැන් දළ නැති පරිණාමයේ උසස්ම අලි
ඉන්නෙ ලංකාවෙ තමයි. ඉස්සර ඉන්දියාවට යාව මේ රට
පිහිටියේ. මගේ පරීක්ෂණවලට අනුව අන්තිමටම
යාවුණෙ අවුරුදු 7250 කට පෙරයි. ඒ කාලෙ මානවයන්
පමණක් නොවේ යකුන් ද මේ කලාපය තුළ එහෙට මෙහෙට
ගියා. එහෙත් මුහුදු මට්ටම්වල වෙනසක් නිසා මෙය
වෙන් වුණා.
ග්ලැසියර දියවීම හේතු කොට ගෙනයි
මුහුදු මට්ටම් උස් පහත් වන්නේ. මේ මුහුදු
මට්ටම් අනුව පෝක් සමුද්‍ර සන්ධියේ මීටර 10 ක්
ඉහළට වතුර ගියොත් අප දෙගොල්ලො වෙන් වෙනවා.
මීටර 10 ක් පහළට වතුර බැස්සොත් අප දෙගොල්ලො
යළි එක්වෙනවා.
අරිසෙන් අහුබුදු වැනි උගතුන් කියන්නේ ඉන්දියාව
පමණක් නොවේ මැඩගස්කරය දක්වාම ‘හෙළ දීපය’ තිබූ
බවයි. ඒකට කාල නිර්ණය කරන්න බෑ. එහෙත් නිශ්චිතව
කියන්න පුළුවන් ඉන්දියාව අවුරුදු 7250 කට පෙර
අපට යාව පිහිටි භූමියක් බව. ‘සුනාමි’ වගේ තත්ත්වයන් ගැනත් ඔබ පරීක්ෂණය
කළා. සුනාමි ඇතිවී තිබෙන්නේ පළමු වතාවට නොවේ ය
කියන විද්වතුන් අපට සිටිනවා. අප භූ විද්‍යාඥ බන්දුල මහතා සමඟ එක්වී කිරින්ද
පැත්තෙ කළ පරීක්ෂණවලින් ඒ මතය ඔප්පු වුණා.
සුනාමියක් ආවම මුහුදේ තිබෙන වැලි ආදිය තැන්පත්
වෙන්නෙ කළපුවල. සාමාන්‍යයෙන් කළපුවක තිබෙන්නෙ
මඩ. මේ පරීක්ෂණයට ලක් කළ කළපුව තිබෙන්නේ විහාර
මහා දේවිය ගොඩබට ස්ථානයේ සිට කිලෝමීටර 1/4 ක්
පමණ දුරින්. අපි යවපු (කෝ එක) පිට්ටු බම්බුවක්
වැනි තාක්ෂණ උපකරණය මේ කළපුවෙ පස් අතර යැව්වා.
ගොඩට ගත්තම අපට පෙනුණා 2004 සුනාමියේ වැලි
තට්ටුව. ඊළඟට නැවතත් පස් තට්ටුවක්. යළිත්
ටිකක් දුර යන කොට මුහුදු වැලි තට්ටුවක්. ඒකෙ
බෙල්ලො ආදි මුහුදු සතුන්ගේ අවශේෂ තිබුණා. මේ
විදියට බලනකොට අවුරුදු 1600 කදීත්, 2200 කදීත්
ආපු සුනාමි වැලි තට්ටු කළපුවේ තැන්පත්ව
තිබුණා. හරියටම 2200 කියන්නේ විහාර මහාදේවිය
ගොඩබට කාලයයි.
මෙය සුනාමියක් හෝ වැලි කුණාටුවක් විය හැකියි
නේද? ඔව්, ඇත්තටම මේක හරියටම තේරුම් ගන්න තවත්
පරීක්ෂණ කළ යුතුයි.
එය විද්‍යාත්මක පරික්ෂණයක් ලෙස ඔබ හඟිනවද? ඔව්, රසායන විද්‍යාව, භූ විද්‍යාව, භෞතික
විද්‍යාව ආදි සියල්ලේම සංකීර්ණ එකතුවකින්
සිදුවන විද්‍යාත්මක පරීක්ෂණයක් ඒක.
මෙබඳු පරීක්ෂණවලින් මානව ඉතිහාසය පවා වෙනස්
විය හැකියි. ලෝකයේ පරීක්ෂණවලදී විද්‍යාඥයන් දැන් සොයාගෙන
තිබෙනවා හෝමෝ ඉරෙක්ටස්, හෝමෝ සාපියන් යන මානව
වර්ග දෙගොල්ලම එකට ජීවත්වූ බව. ඒ වගේම ඔවුන්
කොයි කාලෙද අන්තිමට කෘෂි වගාව කළේ කියන එකත්
සොයාගෙන තිබෙනවා.
අප ඉතිහාසය කියන්නේ ලිඛිත
සාක්ෂ්‍ය තිබෙන කාලයට පමණයි. ලංකාව ගත්තොත්
අනුරාධපුරයේ ඇතුළු නුවර කැණීම්වලින් රන්දෙණිගල
මහතාට හමුවුණ බ‍්‍රාහ්මී අක්ෂර සහිත වළන් කටු
කිහිපයක්. දකුණු ආසියාවේම කි‍්‍ර.පූ. 250 ට
පස්සෙ ලියන්නට පුළුවන් කිසිම සෙල්ලිපියක් නෑ.
අප සැක කළා ඒ වළන්කටු ඊටත් පැරැණියි කියා. තාප
සන්දීප්තතාවට යොමු කළාම එය කි‍්‍ර.පූ. 5 - 6
සියවසට ළංවන බව පෙනුණා. එවැනි අවස්ථාවල අපේ
ඉතිහාසය වෙනස් වෙනවා නේද?
කි‍්‍ර.පූ. 6 කියන්නේ විජය මේ රටට ගොඩබට කාලය
නේද? ඔව්, දැන් වළං කටුත් ඒ කාලයේ කියලා පිළිගන්නට
සිදුවෙලා.
මෙතෙක් ඔබට සොයා ගත හැකිවූ සුවිශේෂීම දේ කුමක්
ද? මගේ කැණීම්වලින් කි‍්‍ර.පූ. 360 - 450
පාත‍්‍රා කැබැලි හමුවුණා. ඒ කියන්නේ
මහින්දාගමනයට පෙර මේ රටේ බුද්ධාගම තිබුණ කියන
එකයි.
අභයගිරිය ජේතවනාරාමය අනුරාධපුර ශුද්ධ නගරය
යනාදි ස්ථානයන්හි කැණීම් කරලා සොයා බැලුවෙ
නැද්ද? අප මුලින්ම කළේ ඒකයි. ඒ අභයගිරිය ථූපාරාම ළඟ
කැණීම් කරද්දි ඉතිහාසය බොහෝ දුරට මහාවංසයට
සමානයි. ජේතවනාරාමයේ කැණීම්වලින් ගඩොල්
වේදිකාවක් අපට හමුවුණා. කාල නිර්ණය කළාම එය
කි‍්‍ර.පූ. 250 කාලයයි.
මගේ සැකයක් තියෙනවා,
එතැන තමයි මිහිඳු හිමියන් ආදාහනය කළ තැන.
කලින් එය ‘ජෝතිවනය’ නමින් හැඳින්වී පසුව
ජේතවනය වූ බවයි මගේ හැඟීම. කි‍්‍ර.පූ. 250 න්
ගඩොලකින් යමක් කළා නම් ඒ කැර තිබෙන්නේ මිහිඳු
හිමියන් වෙනුවෙන් පමණයි.
අවුකන පිළිමය හා එහි වැඩ විසූ බව කියන මහානාම
හිමියන් ගැන ඔබ පර්යේෂණ කළේ නැද්ද? ඒවා නම් අප කළේ නෑ. හේතුව මේවා කාලය යන,
වියදම් ඉතා අධික පර්යේෂණ. අපට අභියෝග රැසක්
තිබෙනවා. ආචාර්ය උපාධියට මා පාවිච්චි කළේ
ලෝකයේ නවීන උපකරණ. ඒත් අපට දැන් පාවිච්චි
කරන්න වෙලා තිබෙන්නෙ පැරැණි 1980 ගණන්වල
උපකරණ. මගේ තාප සන්දීප්තතා උපකරණය හදන්න යන්නෙ
රුපියල් ලක්ෂයක් විතරයි. ඒත් අපට ඒවාට අවශ්‍ය
මූල්‍ය ප‍්‍රතිපාදනවත් නෑ. මගෙන් පස්සෙ මේ
කටයුතු කරන්න අපි පිරිසක් හදන්න ඕනෑ. ඒ ගැන හෝ
මේවා දියුණු කරන්න කටයුතු සිදු නොවීම
කනගාටුවක්. දුටුගැමුණු භෂ්මාවශේෂ විතරක් නොවේ.
අති පූජනීය දළදා වහන්සේත් කාල ඬර්ණය කරන්න
දැන් කාලය ඇවිත්. ඒ සඳහා නවීන උපකරණ දැන්
ලෝකයේ තිබෙනවා. ඒක මඟින් අපේ සමාජ හා මානව
ඉතිහාසය වෙනස් කරන්නට පුළුවන්.
අපට අවශ්‍ය
උපකරණ හා පහසුව ලබාදුන්නොත් මා දළදා වහන්සේත්
කාල නිර්ණය කර පෙන්වනවා. විද්‍යාත්මක වන විට
ලෝකයේ අපේ අභිමානය ගෞරවය තවත් වැඩේවි.
සංලාපය - උපාලි සමරසිංහ
ඡායාරූපය - විමල් කරුණාතිලක
|