සුද්දා අපිට හතළිස් අටේදී දුන්නේ . . .



 

මගේ මුළු ජීවිතයම කලාව වෙනුවෙන් කැපවූ එකක්. මම කිසිම දාක රස්සාවක් කරලා නැහැ. අනුන් ගෙන් යැපිලා නැහැ. ආණ්ඩුවෙන් දෙන සම්මාන තියා අඩුම ගාණේ සාම විනිසුරු පදවියක්වත් ලබාගෙන නැහැ. ඒ නිසා මගේ කලා ජීවිතය බොහෝම අදීනයි. ඒ අදීනත්වය කලාකරුවකු තුළ තිබිය යුතු ම දෙයක් කියලා මම කියනවා නෙමෙයි. නමුත් ඒ මගේ හැටි.

විස්තර »

අපි ආයෙත්  හමු නොවුණා නම්

සිංහල ගීත වංශයෙහි ස්වර්ණමය යුගය ලෙස සැලැකෙන හැත්තෑවේ දශකයේ නිමැවුණු තවත් එක් අනුස්මරණීය හා විශිෂ්ටතම ගීතයක් පිළිබඳ ව සති කිහිපයක නිහඩියාවකට පසු ව මම ඔබ වෙත මෙසේ රැගෙන එමි. සැඩ මාරුතයක් සේ පැතිරෙන ගී කොලහලය අතර දැනුදු දුරාවාරේ ඇසෙන මේ ගීතය සෝමතිලක ජයමහ නම් ප‍්‍රවීණ ගායන ශිල්පියා ගේ හඩින් ගැයුණකි.

විස්තර »

කවියේ දාර්ශනික එළැඹුම . . .

සෑම හොඳ කවියක ම කිසියම් දාර්ශනික ආලේපයක් නිදන්ගත ව තිබේ. මහා කවි ඩාන්ටේ ගේ ඩිවයින් කොමෙඩි වැනි දීර්ඝ ආඛ්‍යාන කාව්‍යයක මෙන් ම, විමලරත්න කුමාරගමයන් ගේ අයියනායක වැනි භාව කාව්‍යයක ද මේ ගුණය ඇත. රොබර්ට් ෆෙ‍්‍රාස්ට් නම් කවියා වරෙක ප‍්‍රකාශ කළ පරිදි කවිය “ජීවිතය පිළිබඳ යම් ම වූ . . .

විස්තර »

මේ අපේ මහා ප‍්‍රාඥයා මලලසේකර

ඒ කාලයේ දේශ දේශාන්තර භාෂාවන් පිළිබඳව සිටි මහා ප‍්‍රාඥයා වූයේ මලලසේකරයි. ආසියාවේ සිටි මහත් භාෂා ඥානයක් තිබූ ප‍්‍රමුඛයකු වූයේ ද මලලසේකරයන් යැයි පැවැසීම අතිශයෝක්තියක් නොවේ. මේ වන විටත් අපේ භාෂා ප‍්‍රාඥයා බවට ඉතිහාසයට එක්වී සිටියේ ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශී‍්‍ර රාහුල හිමියෝය. එහෙත් දැන් මලලසේකර තොටගමුවේ ශී‍්‍ර රාහුල හිමියන් පරයා භාෂා ඥානය ලබා ඇත. තොටගමුවේ ශී‍්‍ර රාහුල හිමියන්ට වඩා මලලසේකරයන්ට අඩුවකට තිබුණා නම් තිබුණේ කවිත්වය පමණි.

විස්තර »

බුරුම ලංකා ඥාති සම්බන්ධතා

වි ටෙක අපේ ඇතැම් රජවරුන් විසින් බුරුමයට විරුද්ධව ආක‍්‍රමණයන් දියත් කරනු ලැබ ඇතත්, ශ‍්‍රී ලංකාව හා බුරුමය හෙවත් පේගු රට (රක්ඛන්ග දේශය) අතර ඉතා සමීප රාජ්‍යතාන්ති‍්‍රක සම්බන්ධතාවන් මෙන් ම ඥාති සම්බන්ධතා හා වෙළෙඳ සම්බන්ධතා ද ආදියෙහි සිට පැවැත්තේ ය. මහා පරාක‍්‍රමබාහු රජ දවස සිංහල කුමරියක . . .

විස්තර »

තකේෂෝ, ඔබ ඇත්තටම ජීවත්ව ඉන්නවා!

තකේෂෝ මළකඳන් අතර වැතිර හුන්නේ ය. ඔහු හාත්පස මළකඳන් දහස් ගණනක් වැටී තිබෙනු දක්නට ලැබිණ. ”මුළු ලෝකෙම වියරු වැටිල!” ඔහු මඳින් මඳ සිතන්නට වන්නේ ය. මිනිසුන් වනාහි සරත් සමයේ වියළි සුළඟින් ඇද හැලෙන පරණලා පත් වැනි ය. හාත්පස වැටී තිබෙන මළකඳන් අතරින් තමා ද එකක් ලෙස ඔහුට හැඟුණේ ය.

විස්තර »

යඨහලෙන රජමහ වෙහෙර

කොළඹ - නුවර මහා මාර්ගයේ 69 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ඇති අතුරු පාරේ කි. මී. 2 ක් පමණ ගිය තැන ‘යඨහලෙන’ ඓතිහාසික රජමහා විහාරය හමුවෙයි. වාහනයකින් ගමන් කළ නොහැකි අතිශය දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන් කළ පසු ඉතා විශාල ගල් පර්වතවලින් වටවූ මනස්කාන්ත පෙදෙසක දී මේ ගල්ලෙන් . . .

විස්තර »