මම තවමත් සමාජවාදියි



 

පෞද්ගලිකව ගත්තත් ලේඛකයකු විදියට ගත්තත් මගේ ජීවිතය පරිපූර්ණයි කියා මම හිතනවා. මම මේ දිනවල මගේ ජීවිත කතාව ලියමින් සිටිනවා. මම එය නම් කරලා තියෙන්නේ ‘ගලින් මලින් බැඳි පියමං’ කියලා. මම මුලින්ම ලිව්වෙ ‘වෙඩි පහර’ කියලා කෙටිකතා පොතක්. ඒක මම ලිව්වෙ අවුරුදු 16 දි. ගුරුවරයකු වූ මගේ අයියා මේ පොත පළ කරන්න සිය මාසික වැටුප කැප කළා. මගේ ජීවිතයේදී මට ගලුත් ලැබුණා, මලුත් ලැබුණා. මම වැටුණේ නැහැ. ඒ ඔස්සේ ඉදිරියට ගියා. මගේ ජීවිත කාලයේදී මං වික‍්‍රමසිංහලා දෙන්නෙක් ආශ‍්‍රය කළා. එයින් තමයි මම වැඩුණේ.

විස්තර »

ආතර් සී. ක්ලාක් හා බුද්ධියේ අත්‍යන්ත . . .

1917දෙසැම්බර් 16 දා එංගලන්තයේ සමර්සෙට් ප‍්‍රාන්තයේ උපත ලැබූ ආචාර්ය ආතර් චාල්ස් ක්ලාර්ක් මේ දෙසැම්බරයේ දී වසර අනූව සපුරයි. 1945 සිට විද්‍යා ප‍්‍රබන්ධකරණයේ නියැලී සිටින ජ්‍යෙෂ්ඨතමයා වන ආචාර්ය ක්ලාක්, තාක්‍ෂණික ශ්‍රේයෝභාවිවාදියකු ලෙස හඳුන්වමින් 2001 වසරේ දී අන්තර්ජාලයට ඇතුළත් කරන ලද (තරමක් දුරට වෙනස් කොට) ලිපියක් . . .

විස්තර »

රාමුව කැඩෙන විට පෙළ බිඳී යයි

විසංයෝජනවාදය ගැන සාකච්ඡා කිරීමට ප‍්‍රථම කරුණු දෙකක් පැවසිය යුතු වෙයි. පළමුවැන්න නම් මෙහි දී පැන නගින දුරවබෝධාත්මක ස්වභාවයයි. දෙවැන්න නම් එය විස්තර කිරීමේ දී හමුවන නව සංකල්ප හැඳින්වීමට සිංහලයේ භාවිත වන පද පිළිබඳ ප‍්‍රශ්නයයි. මේ වාදය සාකච්ඡා කරන විට හමුවන වැදගත් පදයකි aporia යන්න.

විස්තර »

මගේ ශාස්තී‍්‍රය පදනමට සුපර් ස්ටාර් . . .

පුරා දශක තුනක් ඉක්මවා මෙරට ගායන ක්ෂේත‍්‍රයේ ස්වකීය නිසග ගායන ප‍්‍රතිභා ප‍්‍රභා පතළ කළ විශාරද ගායන ශිල්පිනී චන්ද්‍රිකා සිරිවර්ධන මේ වන විට මෙරට රසික ජනයා ගේ වැඩිතර කතා බහට විෂය වන චරිතයක් බවට පත් ව සිටියි. මතකයේ රැඳුණු සරල ශාස්තී‍්‍රය හා සරල ගී රැසක් ගුවන් විදුලිය ඇසුරේ හිඳ ජනතාව වෙත . . .

විස්තර »

ලෝ වැඩ සඟාව සිත්තමට නැංවූ . . .

මීට වසර 32කට ඉහත දී එනම් 1975 ඔක්තෝබර් මස 20 වැනි දින අප ගෙන් සදහට ම සමුගත් ඩැනී විමලසිරි ශූරීහු ප‍්‍රතිභා පූර්ණ විශිෂ්ට ගණයේ චිත‍්‍ර හා මූර්ති ශිල්පියෙකි.

ගාලු දිස්ති‍්‍රක්කයේ නාරිගම නමැති රමණීය ග‍්‍රාමයේ උපත ලැබූ හෙතෙම දොඩන්දූවේ පියරතන විදුහලින් මූලික අධ්‍යාපනය ලබා රජයේ කලායතනයට ඇතුළු වූයේ ය.

විස්තර »

භල්ලුක ගේ මුව තුළට මහා ධනුර්ධර . . .

භල්ලුක මහා සංග‍්‍රාම ශූරයකු බව මම පෙර දී ද ඔබට කීවෙමි. හෙතෙම අහස් කරණම් ද, හිටි පිමි ද, කඩු, ඇත්, අස්, ශිල්ප ද හොඳින් දන්නේ ය. ඵුස්සදේව තෙමේ  රජු නැඟුණු කඩොලැතු පිට ම නැඟී නිරිඳුට පසුපස ආසනයේ හිඳ ගත් පසු සෙසු යෝධයෝ ද ඇතු හා ගමනට එක් වූහ. දැන් මේ පිටිය එක ම හිස් ගොඩකි. කඩු, හෙල්ල, තෝමර, චක‍්‍රායුධ, අතින් ගත් . . .

විස්තර »

බෞද්ධ කොමිෂන් සභාවේ යෝජනා . . .

මලලසේකර ගේ අධීක්‍ෂණයෙන් හා මඟ පෙන්වීම යටතේ බෞද්ධ කොමිෂන් සභා කමිටුවේ පරීක්‍ෂණ කටයුතු ඉතාමත් උනන්දුවෙන් සිදුවීගෙන ගියේ ය. මිෂනාරි අධ්‍යාපනයෙන් හා රජයේ අදූරදර්ශී කි‍්‍රයාකලාපයෙන් මේ වන විට මිරිකී සිටි බෞද්ධ මහජනතාව මේ පරීක්‍ෂණ කොමිසන් සභාව කෙරේ දැක්වූයේ මහත් බලාපොරොත්තුවකි. බෞද්ධයා ගේ නැඟී සිටීමටත්, රාජ්‍ය අනුග‍්‍රහය ලබා ගැනීමටත් . . .

විස්තර »