සිළුමිණ | Page 72 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

වෙනිසියුලාවට විදුලි විසන්ධියක්

වෙනිසියුලාවේ පවතින දේශපාලනික අස්ථාවරත්වය හමුවේ රට පුරා විදුලිය බිඳ වැටීමක් වාර්තා වේ.මීට සති දෙකකට පෙරද මෙවැනිම විදුලිය විසන්ධි වීමක් නිසා රට පුරා ජනතාව මහත් අපහසුතාවයකට පත් විය.වෙනිසියුලාවේ කරාකස් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවකට මෙම විදුලි විසන්ධි වීම බලපා ඇති අතර පැය හතරකට ආසන්න කාලයක් මෙය බලපෑ බව සඳහන් වේ.රෝහල්, ප්‍රවාහන සහ පොදු සේවාවන් රැසක් මින් අඩාල වූ බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.මේ සම්බන්දයෙන් ජනපති නිකොලස් මදුරෝ එරට විපක්ෂයට චෝදනා එල්ල කරයි.

පිටු

Subscribe to සිළුමිණ RSS