ඔබට කොහොමද? | සිළුමිණ

ඔබට කොහොමද?

 සැප්: 09 සිට 16 තෙක් 

මේෂ

බලාපොරොත්තු ඉටුවේ

ලග්නාධිපති කුජ දහයේ දිග්බලව ද ගුරු හත්වැන්නේ ද ගමන් කරයි. සාමාන්‍යයෙන් දියුණුවට අවස්ථාව සැලසෙන අතරම බලාපොරොත්තු කිහිපයක් ඉෂ්ට සිද්ධ කර ගැනීමට පුළුවන. අනුමානයට කරන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබයි. වෘත්තීය රැකියාවලට ශුභයි. මිල මුදල් ලැබීම අතින් ද අයහපත් නැත. කෙටි ගමන්බිමන් කිහිපයක් යෙදේ. සමාජ වැඩවලට බසින අයට එයින් දියුණුවක් ලැබෙයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සිත් ප්‍රීතියට කරුණු සැලසේ.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - සඳුදා

කටක

සමපලයි

ලග්නාධිපති සඳු රවි, බුධ දෙවැන්නේය. ගුරු, සිකුරු හතරේ සිටී. මිල මුදල් ලැබීම අතින් තරමක් බාධා අවහිරතා පෙන්නුම් කරයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී පරිස්සම් විය යුතුයි. නොඑසේ නම් ණයතුරුස්වීමට ඉඩ පවතී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී ප්‍රධානීන් සමග කටයුතු කිරීමේ දී සැලකිලිමත් වන්න. කෙටි ගමන් අධිකයි. ලේ දූෂ්‍යාබාධ, උදරගත පීඩා, බඩවැල් ආශ්‍රිත රෝග යනාදියට ඉඩ පවතී.

ජය වර්ණය - ක්‍රීම් පාට, අංකය - 02, දිනය - සඳුදා

තුලා

මධ්‍යස්ථ ප්‍රතිඵල

ලග්නාධිපති සිකුරු සහ ගරු ලග්නයේ සිටියදී සතිය ආරම්භ වේ. සතුරන් නිසා කරදරකාරී වාතාවරණයක් ඇතිවීමේ ඉඩක් පවතී. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතුවලට ශුභයි. මිල මුදල් ලැබුණ ද වියදම් පක්ෂය අධික වේ. සමගිය සාමය ගැන සැලකිලිමත් වන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. ඉගෙනීමේ කටයුතුවලට පරිබාහිර දේවලට ඉඩ මතුකළ නැත. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, තුවාල පීඩාදියෙන් පරිස්සම් වන්න.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා

මකර

බාධා ඇත

ලග්නාධිපති ශනි 12 ද ගුරු සිකුරු දහයේ ද සිටියදී සතිය ආරම්භ වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීමෙන් ආර්ථික වාසි ලබයි. ගෙදරදොර කටයුතු යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ශුභයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් විය යුතුයි. ආගමික සහ සමාජීය කටයුතුවලට යොමු වේ. තමාගේ දරුවන්ගේ කටයුතු ගැන කල්පනාකාරී වන්න.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා

වෘෂභ

මිශ්‍රපලයි

ලග්නාධිපති සිකුරු හයවැන්නේ ගුරු සමඟ සිටිය දී සතිය ආරම්භ වේ. යෝග කාරක ශනි අටේය. මෙම පිහිටීම තුළ ආශ්‍රය කරන අය සමග ඇතිවන ගනුදෙනු කතාබහ ආදියේ දී යම් යම් අවහිරතා බාධා ඇති කරනු ඇත. ස්ත්‍රී පක්ෂය සමග කරන කටයුතුවලදී සැලකිලිමත් වන්න. මිල මුදල් සම්බන්ධයෙන් පරිස්සම් වන්න. මිල මුදල් නාස්තිවීම්වලට ඉඩ පවතී. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට තරමක් බාධා අවහිරතා එල්ල විය හැක. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාද

සිංහ

ශුභයි

ලග්නාධිපති රවි සඳු බුධ සමග ලග්නයේම සිටිමින් සතිය ආරම්භ වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී ලියකියවිලි වැඩ ඉගෙනීම්, සන්නිවේදනය වැනි කටයුතුවලට වඩාත් ශුභයි. කෙටි ගමන් කිහිපයක්ම යෙදේ. මිල මුදල් ලැබීම අතින් ශුභයි. සිතේ ස්ථිර ගති නැතිවීමක් ද පෙන්වයි. අමුතු ශිල්ප ශාස්ත්‍ර ගැන ආශාවක් ඇති වේ. ඉගෙනීමට අලස ගතියක් ද ඇති වේ. එක දෙයක් ගැන දිගට එල්ලීගෙන යාමක් ද නැත. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ද ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය - රෝස, අංකය - 01, දිනය - ඉරිදා

වෘශ්චික

අලුත් මිත්‍රයන් ලැබේ

ලග්නාධිපති කුජ 3 වැන්නේ උච්ච කේතු සමඟ සිටියදී සතිය ආරම්භ වේ. අමුතු බලාපොරොත්තු ඇතිකර ගැනීමට ඉතා හොඳ කාලයකි. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ අංශයන්ට යොමුවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ගෙදරදොර කටයුතු යහපත්ය. එහෙත් විටෙක සමගිය සාමයට බාධා එල්ල විය හැක. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ බලපායි

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - බ්‍රහස්පතින්දා.

කුම්භ

ශුභයි

ලග්නාධිපති ශනි අයස්ථානනයේ ද ගුරු, සිකුරු භාග්‍යස්ථානයේ ද වේ. මේ කාල සීමාවේ ශුභඵල වැඩියෙන් උදා කරනු ඇත. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු සාර්ථක වනු ඇත. අන්‍යයන්ගේ සහයෝගය, ආධාරය, උපකාරය ලැබීමෙන් තම කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභ ලැබේ. තම සෞඛ්‍යය ගැන පරිස්සම් වන්න.

ජය වර්ණය - නිල්, අංකය - 08, දිනය - සෙනසුරාදා

මිථුන

ලග්නාධිපති බුධ

තුන්වැන්නේ රවි සඳු සමගයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යම් යම් බාධා අවහිරතා මධ්‍යයේ ක්‍රියා කිරීමට සිදු වේ. මිල මුදල් ලැබීම අතින් යහපත් වුවත් ඔබට වියදම් පක්ෂය පාලනය කර ගැනීම තරමක් අසීරු වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය හා කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් වන්න.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා

කන්‍යා

ලාභ ලබයි

 

ලග්නාධිපති බුධ රවි සඳු දොළොස්වැන්නේ ද ගුරු සිකුරු දෙවැන්නේ ද සිටියදී සතිය ආරම්භ වේ. කතාවේ බලයෙන් ලාභ ලාබගත හැකි වේ. ගමන්බිමන්වලින් ලාභ ගෙන දේ. උත්සව පැවැත්වීමට හා ඒවාට සම්බන්ධ වී ක්‍රියා කිරීමට අවස්ථාව සැලසේ. යම් යම් අලංකාර ද්‍රව්‍ය ලැබේ. නිතර සිනාමුසු මුහුණින් යුක්තව ක්‍රියා කරයි. ගෙදරදොර කටයුතු යහපත්ය. ප්‍රේම සම්බන්ධතා ඇති වුවද වැඩිහිටි විරෝධතාවලට ඉඩ පවතී.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා

ධනු

මිශ්‍රපලයි

ලග්නාධිපති ගුරු සිකුරු අයස්ථානයේ සිටියදී සතිය ආරම්භ වේ. යම් යම් බාධා අවහිරතා ඇතත් දියුණුවට කටයුතු සැලසේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී ප්‍රමාදතා ඉස්මතු කළත් ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. රෙදිපිළි ඇඳුම් පැලඳුම් ලාභ ලබා ගනී. අලංකාර දේවලට හිත ඇදී යයි. ගෙදරදොර කටයුතු යහපත්ය. ප්‍රීති උත්සවවලට සහභාගි වේ. ඉගෙනීමේ කටයුතු කරන අය ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා 

මීන

මිශ්‍රපලයි

ලග්නාධිපති ගුරු ස්වක්ෂේත්‍ර සිකරු සමග අටවැන්නේ සිටියදී සතිය ආරම්භ වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ගැටලූකාරී තත්ත්වයන් උද්ගත විය හැක. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවුව ද ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රථිපල නැත. ඉගෙනීම් කරන අයට ඉගෙනීමට පරිබාහිර දේවලට හිත යොමු වේ. රුධිර පීඩනය, මූත්‍රා දෝෂ, මේදය අධිකවීමෙන් සෑදෙන රෝගාදියෙන් පරිස්සම් වන්න.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා

අදහස්