IIHS වෙතින් යුරෝපයේ කායික චිකිත්සකවේදි උපාධි | සිළුමිණ

IIHS වෙතින් යුරෝපයේ කායික චිකිත්සකවේදි උපාධි

IIHS සිය නවතම සහයෝගීතාව ෆින්ලන්තය Helsinki Metropolia University of Applied Sciences විශ්වවිද්‍යාලය සමඟ ඇති කර ගත්තේ තරුණ කායික චිකිත්සක සිසු සිසුවියන්ට කායික චිකිත්සකවේදී උපාධියක් හිමි කර ගැනීමට සුවිශේෂ මඟක් සැලැසීම උදෙසාය. ලොව පුරා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් සුදුසුකම් ලත් කායික චිකිත්සකවේදියකුට විවිධ ජන ප්‍රජාවන් සහ රෝහල් සමඟ වෘත්තියේ නියැළීමේ හැකියාව පහසුවෙන්ම පවතී. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැළීම ඉතා ඉහළ ප්‍රතිලාභ ලැබීමට හේතු වන අතර ඉහළ වැටුප් සහ අමතර දීමනා රැසක් ලබමින් මතු පරම්පරාවක් උදෙසා තෘප්තිමත් සේවයක් සැපැයීමට කායික චිකිත්සකවේදී වෘත්තිය උපකාර වේ. කායික චිකිත්සකවේදීන්ට කර්මාන්ත සහ රිය අනතුරු, ක්‍රීඩා තරගවලදී ඇති වන තුවාල, කායික දුබලතා, රැකවරණය සහ වයෝවෘද්ධභාවය වැනි විවිධ අවස්ථාවලදී දායක විය හැකිය. ලොව ප්‍රමුඛතම විශ්වවිද්‍යාල තුනකින් කායික චිකිත්සකවේදය හැදැරීමට අවස්ථාව ලබා දෙයි. මෑතකදී IIHS වෙතින් Advanced Diploma in Physiotherapy සම්පූර්ණ කළ සමිතා ජයලත් මේ වන විට කායික චිකිත්සකවේදී උපාධිය ෆින්ලන්තයේ Helsinki Metropolia University of Applied Sciences විශ්වවිද්‍යලයේ සාර්ථකව හදාරමින් සිටියි.

අදහස්