Bio Foods 25 වසර සමරයි | සිළුමිණ

Bio Foods 25 වසර සමරයි

1993 වසරේදී ආරම්භ කළ Bio Foods (Pvt.) Ltd සමාගම කෘෂි රසායනික ද්‍රව්‍ය යොදමින් සිදුකරන සාම්ප්‍රදායික කෘෂිකාර්මික සංස්කෘතිය වෙනස් කරමින් කෘෂි රසායනික ද්‍රව්‍ය වලින් තොර කාබනික බෝග වගාව මේ වනවිට ආරම්භ කර තිබේ. මෙම වගා කටයුතු සඳහා සමාගම සාධාරණ වෙළඳ ආකෘතියක් පදනම් කරගනිමින් ගොවීන් සමග එක්ව සිටී. මෙහිදී, වගා කන්න පිළිබඳව ගැටලුවක් නොවන අතර ගොවීන්ගේ නිෂ්පාදන වියදම් ආවරණය කරගනිමින් ඔවුන්ට සෑමවිටම හොඳ ජීවන තත්ත්වයක් ඇතිකර ගැනීමට හැකි වෙළඳපොළ මිලට වැඩි අමතර මිලක් මේ තුළින් උපයා ගැනීමට හැකිවී තිබේ. මහනුවර පදනම් කරගනිමින් මෙම සමාගම ආරම්භ කර තිබෙන්නේ අපනයනය ඉලක්ක කරගත් පවුල් ව්‍යාපාරයක් ලෙසිනුයි. මෙහි සමාරම්භක ආචාර්ය ආනන්ද සරත් රණවීර මහතාගේ දුර දක්නා නායකත්වය තුළින් මෙම සමාගම මේ වනවිට සිය ව්‍යාපාරික දිවිය තුළ 25 වන වසර සම්පූර්ණ කිරීමට සමත්වී තිබේ. මේ අනුව, අද වනවිට මෙම සමාගම කාබනික සහ සාධාරණ වෙළඳාම පදනම් කරගත් කෘෂි කර්මාන්තයේ ලෝකයේ ප්‍රමුඛතම සමාගමක් බවට පත්වී ඇත.

සමාගම සිය 25 වන සංවත්සරය සමරන විට තේ, කුළුබඩු සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයේ ප්‍රමුඛතම සමාගමක් බවට පත්වී සිටී. Bio Foods සමාගම ආරම්භයේදීම වෙළඳපොළ මිල උච්චාවචනයන්ගෙන් සහ අතරමැදියන්ගේ සූරා කෑමෙන් සිය ගොවීන් බේරා ගැනීම සඳහා ප්‍රමිතීන් (ජාත්‍යන්තර නියාමන ආයතනය වන ෆෙයාර්ට්රේසඩ් ලේබලින්ග් ආයතනය ස්ථාපිත කර තිබුණත්) හඳුන්වා දෙන ලදී.

අදහස්