ඉංජිනේරුවන්ගේ වාර්ෂික සම්මේලනය ටෝකියෝ සිමෙන්ති අනුග්‍රහයෙන් | සිළුමිණ

ඉංජිනේරුවන්ගේ වාර්ෂික සම්මේලනය ටෝකියෝ සිමෙන්ති අනුග්‍රහයෙන්

ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීයවේදී එකමුතුවක් වන ශ්‍රී ලංකා ව්‍යු හාත්මක ඉංජිනේරු සංගමයේ (Society of Structural Engineers of Sri Lanka - SSESL) වාර්ෂික සම්මේලනය මෙවරත් අතිසාර්ථක අන්දමින් කොළඹ දී පැවැත්විණි. සිය සාමාජිකයන්ගේ නව පර්යේෂණ සහ විද්‍යාත්මක සොයා ගැනීම් එළි දැක්වීම උදෙසා වර්ෂයක් පාසා සංවිධානය කරනු ලබන මෙම සම්මේලනය සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දෙන ලද්දේ ටෝකියෝ සිමෙන්ති සමාගම විසිනි. ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලු අංශ නියෝජනය කරමින් වරලත් ඉංජිනේරුවන්, ඉංජිනේරු උපදේශකයන්, ඉදිකිරීම් වෘත්තීයවේදීන් මෙන් ම සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරන ඉංජිනේරු සිසුන්ගෙන් සමන්විත 200 කට ආසන්න පිරිසක් මෙම සමුළුවට සහභාගී ව සිටියහ.

ටෝකියෝ සිමෙන්ති සමාගමේ අනුග්‍රාකත්වයෙන් මෙවර සම්මේලනයේ ප්‍රධාන දේශනය සඳහා ලොව ප්‍රකට ඉංජිනේරු පර්යේෂකයෙකු වන ජපානයේ සයිතාමා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශින්ගෝ අසමෝටෝ මහතා සහභාගී විය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගණනාවක් සමග සමීප සබඳතාවන් ඇති මහාචාර්ය අසමෝටෝ, අධික ඌෂ්ණ දේශගුණික තත්ත්වයන් යටතේ කොන්ක්‍රීට්කරණයෙදී මුහුණපෑමට සිදුවන ගැටළු පිළිබඳව මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අනුර නානායක්කාර මහතා සමග එක්ව සිදුකරමින් සිටින අධ්‍යනයක් ඇසුරින් සිය ප්‍රධාන දේශනය පැවැත්වීය. ජපන් විද්‍යාභිවර්ධන සංගමය ශ්‍රී ලංකාවේ මොරටුව සහ රුහුණු විශ්වවිද්‍යාලය ද ඇතුලත්ව තායිලන්ත සහ වියට්නාම විශ්වවිද්‍යාල සමූහයක් එක්ව මෙම පර්යේෂණය සිදුකරනු ලබයි.

අදහස්