ගොඩනැගිලි ඉදි කිරීමේ නව්‍ය තාක්ෂණය | සිළුමිණ

ගොඩනැගිලි ඉදි කිරීමේ නව්‍ය තාක්ෂණය

අඩු කාලයකින්, පරිසර හිතකාමී හා ලාභදායි, උසස් ප්‍රමිතියේ ගොඩනැගිලි ඉදිකිරීමේ නව්‍ය තාක්ෂණය මෙරටට හඳුන්වා දීමට Well & Able Lanka(Pvt)Ltd සමාගම පියවර ගෙන තිබේ.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් ශ්‍රී ලාංකීය හා සිංගප්පූරු සමාගම් දෙකක එකතු‍වෙන් මෙම Well & Able Lanka(Pvt)Ltd සමාගම ස්ථාපිත වී තිබේ. තට්ටු ගොඩනැගිලි, හෝටල්, රෝහල්, පාසැල්, නිවාස, සුපිරි වෙළෙද සංකීර්ණ ආදී සියලුම ගොඩනැගිලි ඉදි කිරීමට යෝග්‍ය මෙම තාක්ෂණය හදුන්වා දී තිබෙන්නේ Pre‐fabricated light weight building system යනුවෙනි.

2000 වසරේ සිට මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත, 2017 වසරේදී CIDA ආයතනය මගින් පිරිනමන ලද කන්ස්ටක්ෂන් එක්සලන්ස් ජාතික සම්මානයද හිමි කර ගත් සලසි ලංකා (පුද් ) සමාගම හා වසර 25 කට වැඩි දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සිංගප්පූරුවේ Well & Able International (Pte) Ltd යන ආයතනයන් හී හවුල් කළමනාකාරීත්වය යටතේ Well & Able Lanka (Pvt) Ltd සමාගම ස්ථාපිත කර ඇති අතර දෙපාර්ශවය අතර වන අවබෝධතා ගිවිසුමට 2018 අගෝස්තු මස 31 වැනි දින කොළඹ 10,මරදාන,පන්සල පාරේ පිහිටි සලසි ලංකා (පුද් ) සමාගෙම් ප්‍රධාන කාර්යාල ‍පරිශ්‍රයේදී සිදු කෙරුණි.

සිංගප්පූරුවේ Well & Able International (Pte) Ltdහී නිර්මාතෘ හා කළමනාකරණ අධ්‍යක්ෂක රේමන්ඩ් වොන්ග් මහතා හා සලසි ලංකා (පුද්) සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂක යූ.ඒ පාදුක්ක මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කරන ලදී.මෙම සුවිශේෂ හා සාඩම්බර අවස්ථාවේදී අදහස් දැක් වූ සලසි ලංකා කළමනාකරණ අධ්‍යක්ෂක යූ.ඒ.පාදුක්ක මහතා සදහන් කර සිටියේ මෙම නව තාක්ෂණය ඉදිරියේදී මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ වේගයෙන් ව්‍යාප්ත වනු ඇතැයි විශ්වාස කරන බවයි.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ Well & Able International (Pte) Ltd හී නිර්මාතෘ හා සභාපති රේමන්ඩ් වොන්ග් මහතා අදහස් දක්වමින් පැවසුවේ ශ්‍රී ලාංකික සමාගමක් හා එක්ව සිය නව ව්‍යාපාරික කටයුතු සිදු කිරීමට ලැබීම පිළිබදව තමන් ඉමහත් සතුටට පත් වන බවයි.ඉදිකිරීම් සදහා නව නිර්මාණ හා නවෝත්පාදක තාක්ෂණයන් හදුන්වා දෙන තම ආයතනයේ ශාඛාවක් මේ වන විට චීනෙය් ෂැංහැයි හී පිහිටුවා ඇති බවද ඔහු සදහන් කෙළේය.

මෙම අවස්ථාවට Well & Able International (Pte) Ltd හී ෂැංහයි ශාඛාවේ අධ්‍යක්ෂක ලිනෙත් වෑන්ග්,සිංගප්පූරු ආයතනයේ ව්‍යාපෘති ප්‍රධානි කැල්වින් චෝ, ව්‍යාපෘති කළමණාකරු එරික් ලී යන මහත්වරු සමග සලසි ලංකා (පුද්) සමාගමේ සාමාන්‍යාධිකාරී සී.පී.කේ ගීගනගේ ,පරිපාලන හා මානව සම්පත් කළමණාකරු කේ.ඩී.විමුක්ති, ව්‍යාපෘති කළමණාකරු චතුර නානායක්කාර හා මුදල් කළමණාකරු රංජන් සමරනායක ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඡායාරූප - සරත් පීරිස්

අදහස්