යෝධ ඇළ අයිති අපටයි ගොවීන්ගෙන් චෝදනා | සිළුමිණ

යෝධ ඇළ අයිති අපටයි ගොවීන්ගෙන් චෝදනා

කුඹුක් ගසේ තිබෙන්නා වූ මිල කළ නොහැකි හැකි­යාව වන්නේ ජලය පිරි­සුදු කිරී­මයි. නිසි විද්‍යා­ත්මක පර්යේ­ෂ­ණ­යක් කෙරෙන්නේ නම් වර්ත­මා­නයේ රජ­රට වෙළා­ගත් වකු­ගඩු රෝග­යෙන් මිදී­මට කුඹුක් ගස ප්‍රයෝ­ජ­න­යට ගත හැකි ආකා­රය හඳු­නා­ගත හැකි වනු ඇත.

යළි උදාවූ අරු­ණැ­ල්ලක අපි නැවැ­තත් යෝධ ඇළේ සොරොව්ව අස­ලට පැමි­ණියේ පෙරදා යෝධ ඇළ ඇර­ඹු­මෙන් අව­සන් කළ අපේ චාරි­කාවේ දිගු ගමන ඇර­ඹී­ම­ටය.

ඒ උදෑ­සනේ දකින කලා­වැව ගම්මා­නය කඩි­ස­රය. ගම්මු උදෑ­ස­නම සිය ජල අව­ශ්‍යතා සඳහා යෝධ ඇළට පැමිණ සිටිති. කුරුලු කූජ­නය සැම­තින් ඇසේ. ඒ හඬ පරයා ඇසෙන හඬක් වේ නම් වරින් වර උස්ව නැඟෙන යාබද සහල් මෝලක යන්ත්‍ර ක්‍රියා­ක­ර­වන හඬය.

යෝධ ඇළ වේල්ල දිගේ සමාන පර­ත­ර­ය­කින් විශාල ව වැඩුණු තල්, බෝ, ඇහැටු, නුග සහ කුඹුක් ගස් හඳු­නා­ගත හැකිය. මේ නිසා කෙත­රම් දැඩි හිරු රැසක් පතිත වන දහ­ව­ල­කදී පවා යෝධ ඇළට ලැබෙන්නේ මනා සෙව­ණකි. ඇළේ ඉහ­ත්තා­වෙන් වැඩි පුරම හඳු­නා­ගත හැක්කේ කුඹුක් ගස්ය.

වකු­ගඩු රෝග­යට පිළි­ය­මක්

ටර්මි­න­ලියා අර්ජුනා (Terminalia Arjuna) යන විද්‍යා­ත්මක නාම­යෙන් හඳු­න්වනු ලබන කුඹුක් ශාකය ශ්‍රී ලංකාවේ වියළි කලා­පයේ සශ්‍රී­කව වැඩෙන වටිනා ශාක­යකි. පැරැ­න්නන් වියළි කලා­පයේ සෑම ජල මූලා­ශ්‍ර­යක් ආශ්‍රි­ත­වම බහු­ලව කුඹුක් ගස් වවා ඇත්තේ එහි ඇති වටි­නා­කම හඳු­නා­ගෙ­නය. කුඹුක් ගසේ තිබෙන්නා වූ මිල කළ නොහැකි හැකි­යාව වන්නේ ජලය පිරි­සිදු කිරී­මයි. මෙහිදී වැව් ජලය මෘදු කිරීම (ජලයේ කිවුල ගතිය අඩු කිරීම) හා පිරි­ප­හ­දු­ක­ර­ණ­යද සිදු­වන අතර ජලයේ පව­තින විෂ සංඝ­ට­කද උරා­ගනී. නිසි විද්‍යා­ත්මක පර්යේ­ෂ­ණ­යක් කෙරෙන්නේ නම් වර්ත­මා­නයේ රජ­රට වෙළා­ගත් වකු­ගඩු රෝග­යෙන් මිදී­මට කුඹුක් ගස ප්‍රයෝ­ජ­න­යට ගත හැකි ආකා­රය හඳු­නා­ගත හැකි වනු ඇත.

කුඹුක් ගස අඩි 40-50 ක් උසට වැවෙන මහත කඳක් සහිත ඉතා විශාල ගසකි. මෙහි අතු හරස් අතට විහිදී යයි. පොත්ත ඉතා ඝනය, සිනි­ඳුය, ළා රෝස පාටය. මෙම පොත්තේ පහ­සු­වෙන් පතුරු ගැලවී යයි. අප්‍රේල්, මැයි මාස­වල පිපෙන කුඹුක් මල් මී මැස්සන්ගේ ප්‍රිය­තම මල් විශේ­ෂ­යකි.

යෝධ ඇළ දිගේ පහ­ළට යන අපට ඊළ­ඟට හමු­වන්නේ යෝධ ඇළට ඉහ­ළින් ඇදෙන ත්‍රිකු­ණා­මල- මඩ­ක­ළපු දුම්රිය මාර්ග­යයි. වැව් බැම්මට සමා­න්ත­රව මීටර පන්සි­ය­යක පමණ දුර­කින් ඇදී යන දුම්රිය මාර්ගයේ කලා­වැව දුම්රිය ස්ථානය පිහි­ටියේ යෝධ ඇළ ඉස්ම­ත්තේය. කොළඹ සිට සැතැ­පුම් 110ක්දුරින් පිහිටි කලා­වැව දුම්රිය පොළ පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 380ක උස­කිනි.

පළ­මුව ධාතු­සේන යුග­යේද, පසුව ඉංග්‍රිසි සම­යේද, අව­සා­න­යට නිද­හ­සින් පසුද ජනා­වා­ස­ක­ර­ණය වූ යෝධ ඇළ නිම්නයේ කලා­වැව යනු සාම­කාමී ප්‍රදේ­ශ­යකි.

යෝධ ඇළ ඉහ­ත්තාවේ සිංහල ජන­තා­වද, බැම්මෙන් පහළ කොටසේ මුස්ලිම් ජන­තා­වද බහු­ලව වාසය කරන කලා­වැව ගම්මා­නයේ පාර­ම්ප­රික දෙමළ වැසි­යන් සුළු­ත­ර­යක් හඳු­නා­ගත හැකිය.

නිද­හ­සින් පසු අතී­තයේ ප්‍රදේ­ශයේ සාම­කාමී බව බිඳී ගිය අවස්ථා ලෙස මෙහි මිනි­සුන්ට මතක ඇත්තේ 1971 කැරැ­ල්ලත්, 1983 කළු ජූලි­යත්, 1987-89 භීෂණ සම­යත්ය. තව­මත් පොලී­සි­යක් පවා නොමැති කලා­වැව 1975 දී පමණ ජනතා විමුක්ති පෙර­මුණේ ක්‍රියා­කා­රින් විසින් දෙව­නත් කළ’යුරු මෙහි වෙසෙන පැරැ­න්නන්ට තවම අම­ත­කව නැත.

පසු­කා­ලී­නව කැර­ලි­ක­රු­වන් අතින්ම ඝාත­නය වූ නන්දන මාර­සිංහ යනු ජනතා විමුක්ති පෙර­මුණ මෙහෙ­යවූ 1971 කැරැල්ලේ ප්‍රබල ක්‍රියා­කා­රි­ක­යෙකි. ඒ නිසාම ඔහු පොලිස් අත්අ­ඩං­ගු­වට පත්වන අතර අදාළ නඩු කට­යුතු වෙනු­වෙන් යාප­නය බන්ධ­නා­ගා­රයේ රඳවා තිබේ. එහිදී මුහු­දෙන් පිහිනා පැන යන්නට උත්සහ දරණ අතර ඉන්ප­සුව ඔහුව මඩ­ක­ළ­පුව බන්ධ­නා­ගා­ර­යට මාරු කර යවා ඇත. ඒ 1975දීය. සෑම නඩු දින­ය­කම දුම්රි­යෙන් යාප­න­යට ගෙන යන නන්දන මාර­සිංහ පැහැර ගැනී­මට හොඳම ස්ථානය ලෙස ජවිපෙ සාමා­ජි­ක­යින් විශ්වාස කරන්නේ හු‍ෙද­කලා කලා­වැව දුම්රිය ස්ථාන­යයි.

බල­ධා­රීන් ප්‍රාණ ඇප­යට

රාත්‍රී තැපැල් දුම්රිය කලා­වැ­වට පැමිණි අව­ස්ථාවේ, ආර­ක්ෂා­වට සිටින බන්ධ­නා­ගාර නිල­ධා­රීන් නොසිතූ නිමේ­ෂ­යක යටත් කොට, දුම්රිය ස්ථාන බල­ධා­රීන්ද ප්‍රාණ ඇප­යට ගෙන සිය අර­මුණ සඵල කර­ගන්නා කැර­ලි­ක­රු­වන් එදා සිදු­කළ මෙහෙ­යුම බට­හිර චිත්‍ර­ප­ට­යක දර්ශන මෙන් කලා­වැව වැසි­යන්ට තව­මත් මත­කයේ ඇති බව වැඩි­හි­ටි­යන් කිහිප දෙනෙකු සමඟ කළ කතා­වේදි අපට අව­බෝධ විය.

යෝධ ඇළ බැම්ම හරස් කර­මින් විහි­දුණු දුම්රිය මඟ පසු­කළ අපි නැවැත ඇළ බැම්ම දිගේ ගමන් කළෙමු. ඇළ ඉවුරේ කඩා වැටුණු ගස් කඳක කොකුන් සහ දිය­කා­වුන් කිහිප දෙනෙකු ගිමන් හරිනු පෙනේ. අපේ කැම­රාව යුමුහු කර (Zoom)ඔවුන්ගේ දසුන හසු කර­ග­න්නට පෙරම ආග­න්තු­ක­යින්ගේ පැමි­ණීම ඉව වැටුණු පක්ෂිහු පියඹා විසිර ගියහ.

තවත් මීටර දෙසී­යක පමණ පාග­ම­න­කින් පසු හමු­ව­න්නට නිය­මි­තව ඇත්තේ කලා­වැව මංස­න්ධි­යයි. එහෙත් ඊට පෙර යෝධ ඇළෙන් පහ­ළට විහි­දෙන වාරි ඇළක් හමුවේ. එහි සුවි­ශේ­ෂ­ත්වය වනුයේ කැපූ ගලෙන් සැකසූ පැරණි පන්නයේ වාරි ඇළ සොරො­ව්වක් එහි පිහිටා තිබී­මය.

“දැනට මේ ඇළේ වතුර පාල­නය කරන්නේ මහ­වැ­ලි­යෙන්. ඒත් ඉස්සර වෙල් විදා­නෙලා තමයි වතුර බෙදා හැරියේ… මහ­වැ­ලි­යෙන් හදපු කෙත් ඇළ­වල්, වාරි ඇළ­වල් තියෙන්නේ සිමෙ­න්ති­යෙන්. මේ ඇළ­වල් රජ කාලේ හදපු ඒවා… ඉංග්‍රි­සින්ගේ කාලේ ප්‍රති­සං­ස්ක­ර­ණය කරලා තියෙ­නවා….මේ ඇළ හුංගා­වි­ල­ටම ගලා­ගෙන යනවා...” අපට මඟ පෙන්ව­න්නට ආ සෝමු යෝධ ඇළෙන් විහි­දෙන අලුත් සහ පැරණි අතුරු ඇළ මාර්ග ගැන පැහැ­දිලි කළේ එලෙ­සිනි.

යෝධ ඇළේ සෑම මීටර සිය­යක දුර පර­ත­ර­ය­කින් පහ­ළට විහි­දෙන හරස් ඇළ­වල් හඳු­නා­ගත හැක.එම ඇළ­ව­ල්ව­ලින් සරු­සාර වන වගා බිම් ප්‍රමා­ණය මත ඒවා ප්‍රමා­ණ­යෙන් කුඩා, මධ්‍යම හෝ විශාල ඒවා වන අතර එකි­නෙක ඇළ­ව­ලින් ගෙවතු සහ කෙත්වතු සරු කරන එම දිය කඳ අව­සා­නයේ “වෙල් පහු වතුර” ලෙස එක් වන්නේ කලා­ඔ­ය­ටය. රාජාං­ග­නය තඹු­ත්තේ­ගම අවට කෙත්වතු සහ වගා­බිම්ද සරු කර­මින් ගලන කලා ඔයේ දිය­කඳ මුහු­දට වැටෙන්නේ පුත්ත­ල­මට උතු­රෙන් විල්ප­ත්තුවේ දකුණු මායි­මෙනි.

පැරැණි නම් තව­මත්

කලා­වැව හන්දිය ආස­න්න­යේම වූ අතුරු ඇළ­කට යෝධ ඇළේ සොරො­ව්වෙන් වතුර විවෘත කරන මහ­වැලි ජල පාලක නිල­ධා­රි­යෙකු අපට දැක­ග­න්නට ලැබිණි.

“මේ ඇළේ වතුර දවස් දෙක­කට තුන­කට සැර­යක් අරි­නවා… ආපහු වහ­නවා… ඒක තීර­ණය කරන්නේ ගොවි සමි­තිත්, මහ­වැලි නිල­ධා­රි­නුත් එකට සාකච්ඡා කරලා…ඒ වතුර දෙන්න පොරොන්දු වෙන පිළි­වෙළ අනුව අපිට තියෙන්නේ වතුර අරින වහන එක….වැඩි විස්තර දන්නේ මහ­ඉ­ලු­ප්ප­ල්ලමේ ඉංජි­නේරු මහ­ත්තුරු තමයි….”

යෝධ ඇළ පම­ණක් නොව මේ අවට මහ­වැලි ‘එච්’ ප්‍රදේ­ශ­යන්හි ජල කළ­ම­ණා­ක­ර­ණය සිදු කරන්නේ මහ­ඉ­ලු­ප්ප­ල්ලම මහ­වැලි අධි­කාරි කාර්යා­ල­යෙනි. යෝධ ඇළ දිගේ යන ඉදිරි දින­කදී නිල තොර­තුරු ලබා­ගැ­නීමේ අර­මු­ණෙන් එම කාර්යා­ල­යට පිවි­සී­මට අප බලා­පො­රොත්තු වන අතර එතෙක් ජල පාලක නිල­ධා­රි­යාට සමු­දුන් අපි ඔහුගේ ඡායා­රූ­ප­යක් පම­ණක් ගත්තෙමු.

කලා­වැව හන්දිය වෙළ­ඳ­සල් කිහි­ප­යක් පිහිටි ජනා­කිර්ණ ස්ථාන­යකි. ගලේ­වෙල කැකි­රාව ප්‍රධාන මාර්ගයේ විජි­ත­පුර හන්දි­යෙන් වමට විහි­දෙන ගල්නෑ­වට යන මාර්ගයේ කලා­වැව හන්දිය පිහිටා තිබේ. බහු­ත­රය මුස්ලිම් ජන­තා­වක් ජිව­ත්වන මේ ප්‍රදේ­ශයේ ප්‍රධාන ආග­මික ස්ථානය වන්නේ කලා­වැව ජුම්මා මස්ජිඩ් පල්ලි­යයි.

“මේවා පාර­ම්ප­රික මුස්ලිම් ගම්. රජ­කා­ලෙන් පස්සේ සුද්දා වැව අලු­ත්වැ­ඩියා කරන්න කලින් මේ මුස්ලිම් මිනිස්සු හිටියේ වැවේ උඩහ. අපේ මිනිස්සු මාළු අල්ලලා, වගා­ක­රලා තමා ජිවත් වුණේ... එක්ද­හස් අට­සිය ගණ­න්වල වැව අලු­ත්වැ­ඩියා කරලා වතුර පුර­වන කොට ඒ ගම් යට­වෙන නිසා මිනි­ස්සුන්ව වැව් බැම්මෙන් පහළ ඇළ අයිනේ පදිංචි කළා… ඉස්සර අපේ ගම් ඒ නමින්ම තාමත් හඳු­න්ව­නවා… “තෙලි­යා­වැව”, “හුංගා­විල”, “කුස­ලා­න­ගම” කියන්නේ පරණ ගමේ නම්… ඒවා දැන් කලා­වැව ග්‍රාම­සේවා වසමේ උප ගම් විදි­යට තියෙ­නවා….”

අපත් සමඟ අද­හස් දක්ව­න්නට එක් වූයේ කලා­වැව මංස­න්ධියේ කුඩා තේ කඩ­යක් පව­ත්වා­ගෙන යන ජානිස් මොහො­මඩ් ආබ්දීන්ය. කෘෂි­කා­ර්මික කට­යුතු වලට අම­ත­රව කුඩා තේ කඩය පව­ත්වා­ගෙන යන තිස් පස් හැවි­රිදි ඔහු යෝධ ඇළ ආශ්‍රිත ගොවි­යන්ගේ වත්මන් පර­පුරේ පුරු­කකි. “පාර­ම්ප­රික ගම්වල පදිංචි අය නිසා, අපිට මහ­වැලි ඉඩම් ලැබුණේ නෑ.. සුද්දාගේ කාලේ ලැබුණු ඉඩ­ම්වල තමයි අපි තාමත් ඉන්නේ…. පර­ම්පරා පහ­කට පස්සේ දැන් ජන­ග­හ­නයේ හැටි­යට ඉඩම් නෑ… ඉඩම බෙදිලා ගිහින් පොඩි ඉඩ­මක වගා කරද්දි ලාභ ගන්න බෑ… ඒ නිසා තරුණ පර­ම්ප­රාවේ අය ගොවි­තැ­නින් අත හැරිලා වෙන රස්සා­ව­ලට යනවා….අපේ ළම­යින්ගේ කාලේ වෙන­කොට වගා කරන පුරුද්ද අත­ඇ­රිලා යාවි….” වෙළ­ද­සලේ කට­යුතු කරන අත­ර­තුර පෙර පාසල් යන සිය පුත්‍ර­යාද ළං කොට ගත් ජානිස් අපට කීවේ යෝධ ඇළේ ගොවි බිම්වල අවි­නි­ශ්චිත අනා­ග­තය ගැනය.

මහ­වැ­ලි­යත්, කඩි­නම් මහ­වැ­ලි­යත් යටතේ ඇති­කළ ගොවි ජන­පද ව්‍යාපා­ර­යත් සමඟ යෝධ සංව­ර්ධන සංග්‍රා­ම­යක් මහ­වැලි කලා­ප­යන්හී ඇර­ඹු­ණද, පර­ම්පරා ගණ­නා­වක් තිස්සේ කලා­වැව පාර­ම්ප­රික ජනයා ගත­කළ නිද­හස් ජිවි­ත­යට වැට බැඳී­මද මහ­වැලි ව්‍යාපා­රය නිසා සිදු­විය. “අපේ වැව” “අපේ ඇළ” වැනි සාමු­හික හැඟී­ම­කින් වැවට බට, ඇළට බට ජන­යාට නීති රීති පද්ධ­ති­යක් යටතේ ජීවත් වීම තව­මත් නුහු­රුය.

එකල පහේ අඹරා හොද්ද ළිප තබ­න්නට ඇඹේ­ණි­යට කියා, බිලී පිත්තත් රැගෙන ඇළට බට ගොවියා හොද්ද නට­න්නට පෙර කොරළි දෙන්නෙක් තුන්දෙ­නෙක් බිලී බාගෙන ආ අතී­ත­යට තව­මත් මේ වැසි­යන් කැමැ­තිය. එයට සිංහල හෝ මුස්ලිම් කියා ජාති බේද­යක් නැත. මහ­වැ­ලි­යෙන් ගව පාල­න­යට වැට බැඳී­මද මේ ජනයා එකඟ කාර­ණා­වක් නොවේ… එහෙත් බෝව­තැන්න ජලාය ඔස්සේ කලා­වැ­වට එන ජල­යෙන් යෝධ ඇළ නිම්න­ය­ටද අඩු­ව­කින් තොරව දිය­වර ලැබේ. ඒනිසා මුළු රජ­ර­ටම නිය­ඟ­යෙන් පිඩා වින්දද, මහ­වැලි ජල­යෙන් පෝෂ­ණය වන බොහෝ ඉඩම් සශ්‍රී­කව වගා­කෙරේ.

ජානිස්ගේ තේ කඩ­යෙන් පරිප්පු හොදි සමඟ පරා­ටද, පොල් රොටිද කෑ අප පද­මට කහට දැමූ ප්ලේන්ටි­යක්ද බී කෙටි විරා­ම­යක් ගත්තේ යෝධ ඇළේ සිරි අසිරි තව­දු­ර­ටත් සොයා බලන අටි­යෙනි.

යෝධ ඇළ දිගේ ගමන තව බොහෝ දුරය… එහි ඇර­ඹුමේ සිට අව­සා­නය දක්වා තවත් අස­න්න­ටද, දකි­න්නට ද දෑ බොහෝය. ඉදිරි ලිපි­ය­කින් ඒ ගැන තව­දු­ර­ටත් තොර­තුරු ගෙන එන අර­මු­ණෙන් අදට සමු­ගත යුතුව තිබේ. ඔබ­ටත් පැරණි යෝධ ඇළ ගැන කිය­න්නට යමක් වේ නම් [email protected] ලිපි­න­යට දන්වන්න.

යෝධ ඇළ ඉස්ම­ත්තේදී මහා­වං­ශය ලියූ මහා­නාම හිමි­යන්ගේ සොහොන් කොත හමුවූ හැටි මීළඟ ලිපි­යෙන්

(නවා­තැන් පහ­සු­කම් සැපයූ ගාමිණී එදි­රි­සිංහ මහ­තා­ටත්, සංචා­රය සඳහා අවශ්‍ය පාපැදි සම්බ­න්ධී­ක­ර­ණය කළ වජිර ප්‍රසන්න ඉලං­ග­සිංහ මහ­තා­ටත්, තොර­තුරු සහ අද­හස් දැක්වූ නලීන් මිණි­පුර මහතා ඇතුළු ගම්වැ­සි­ය­න්ටත් ස්තූතියි!)

ඥානේන්ද්‍ර ප්‍රදීප් පති­රණ

අදහස්