‘චපලි‘ | සිළුමිණ

‘චපලි‘

ප්‍රාර්ථනා නව කතාව රචනා කරමින් නවකතාකරණයට පිවිසසුබා සහ සුබ ප්‍රාර්ථනා යන නවකතා ත්‍රිත්වයෙන් අතිශයින් ජනාදරයට පත් එඩ්වඩ් මල්ලවආරච්චි රසඳුනට ආගන්තුකයකු නොවේ.මුලින්ම චංචලා නවකතාව රසඳුනට රචනා කළ අතර එය අතිශයින් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් බවටද පත්විය. අවසන්වරට ඔහු රසඳුනට රචනා කළේ නායිකා නව කතාවයි. ‘චපලි‘ ඔහු රසඳුනට රචනා කරන අලුත්ම නවකතාවයි.

චම්පා චට්ටෝපාධ්‍ය

චම්පා චට්ටෝපාධ්‍ය බටහිර බෙංගාලයේ උපත ලද ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලයේ දර්ශන විද්‍යාව හැදෑරූ මනා හැඩරුවින් යුතු 23 හැවිරිදි තරුණියකි. ඇගේ පියා රාම් මෝහන් ඉංග්‍රීසි පන්නයට ඇඳුම් අඳින පනස් හැවිරිදි බෙංගාලි ජාතිකයෙකි. ඇය කලාවට බෙහෙවින් ඇලුම් කළ යුවතියකි. චම්පාට නිරතුරුවම සිහිනෙන් කඩවසම් පිරිමි රුවක් පෙනෙන අතර ඇය නිරතුරුවම එම රුව පිළිබඳව කල්පනා කරමින් පසුවන්නීය. රෝස කුසුමක් බඳු සිය රුවැති දියණිය නිරතුරුවම කල්පනා කරමින් කනස්සල්ලෙන් යුතුව පසුවීම නිසා දුකට පත් මවුපියෝ ඇය වෛද්‍යවරයකු කරා ගෙන ගියහ. එහිදී ඇය මෝහන නිද්‍රාවට පත්කරවන අතර පෙර භවයේ ලංකාවේ මැද මහනුවර උපත ලබා උසස් බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය හදාරා තිබූ උගත් වංශවත් තරුණියක බව හෙළිවිය. පෙර භවයේ හදිසි අනතුරකින් මරණයට පත්ව තිබූ බවත් පෙම්වතාගෙන් වෙන්වීම නිසා දුකට පත්ව සිටින බවත් හෙළිවෙයි.

නීලක හේරත්

ලංකාවේ සුන්දර ගමක ඉපදුණු නීලක හුදකලාව ජීවත්වීම ප්‍රිය කරන කඩවසම් තරුණයෙකි. එහෙත් අන් තරුණයන් මෙන් නොව උදේ සිට රාත්‍රිය තෙක් කුඹුරු යාය දෙස බලා සිටිනවා මිස කිසිම දෙයක් නොකරයි. එහෙත් චිත්‍ර ඇඳීමට ප්‍රියකරන ඔහු කාලයක සිට එක් ගැහැනු රුවක් සිතුවමට නගන්නට පුරුදුව සිටියි. සිංහල නොවන නළලේ තිලකය ඇති කාන්තා රුවකි. ඇය කවුද? ඉන්දියාවේ ඉපදුණු චම්පාත් ලංකාවේ ඉපදුණු නීලකත් පෙර භවයේ පෙමවතුන් ගත කළ ඒ ආදරණිය ජීවිතය පිළිබඳව හෙළිකරන ආත්ම ගණනක් පුරා දිග හැරෙන පිවිතුරු ප්‍රේමයක කතාවයි.

කුමුදු පීරිස්ගේ සිතුවමින් හැඩවී ලබන සතියේ සිට රසඳුන තුළින්... 

අදහස්