සුමති ටෙලි සම්මාන උළෙලේ විශේෂ අවස්ථා | සිළුමිණ

සුමති ටෙලි සම්මාන උළෙලේ විශේෂ අවස්ථා

පුංචි තිරයේ මහා කලා මංගල්‍යය ‘සුමති සම්මාන උලෙළ‘ 23 වැනි වරටත් පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා. මෙවර සම්මාන උලෙළේ සම්මාන 38 ක් ප්‍රදානය කෙරුණු අතර හොඳම ටෙලිනාට්‍ය නළුවා ලෙස ශ්‍යාම් ප්‍රනාන්දු ( සී රජ), හොඳම නිළිය ලෙස නදී කම්මැල්ලවීර (බැද්දේ කුලවමිය) ලෙස සම්මාන දිනූ අතර හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ලෙස ජැක්සන් ඇන්තනී (සී රජ) සම්මාන හිමිකර ගත්තේය.

එසේම හොඳම ටෙලි නාට්‍යය ලෙස සී රජ සම්මානයට පාත්‍රවූ අතර වසරේ ටෙලිනාට්‍ය නාළිකාව වූයේ ස්වර්ණවාහිනියයි. හොඳම සහාය නළුවා ජගත් චමිල සහ හොඳම සහාය නිළිය නිරෝෂා තලගල සම්මාන හිමිකර ගත්හ. තිස්ස විජේසුරේන්ද්‍ර සහ ගීතා කුමාරසිංහ යූ. ඩබ්ලිව්. සුමතිපාල සම්මානයෙන් පිදුම් ලැබූහ.

වසරේ ජනප්‍රියම ටෙලි නළුවා ලෙස රවීන් කණිෂ්කත්, ජනප්‍රියම නිළිය ලෙස ශලනි තාරුකාත්, ජනප්‍රියම ටෙලි නාට්‍යය ලෙස සියත නාළිකාවේ ‘අපේ ආදරේ‘ ටෙලි නාට්‍යයත් සම්මාන හිමිකර ගත්හ. රසඳුන කැමරා කාචයේ සටහන් වුණු සුමති සම්මාන රාත්‍රියේ විශේෂ අවස්ථා කිහිපයකි මේ. 

අදහස්